මම දන්නා විදිහට කතන්දරේ මේකයි.
අනාත වෙච්ච බිස්නස් කාරයෝ ගොඩ යන්න කරන වැඩ ඔව්ව. මුන් පළමුව කරන්නේ වැඩි සමාජ තත්වයක් නැති උගත් බුද්ධිමත් නැති මිනිස්සු ජීවත්වෙන පළාත්වලට ගිහින් OL වෙනකම්වත් ඉගෙනගෙන නැති ළමයි ටික එකතුකරගන්නවා. ඊට පස්සේ ඒ අසරණ ළමයින්ට හොඳට ටයි එකක් හෙම දාල අන්දනවා. ඊටපස්සේ මේ බිස්නස් කාරය සේල්ස් කරන්න target කරන පලාතෙන් ගෙයක් කුලියට ගන්නවා තාවකාලිකව. වාහනෙකුත් දවසේ කුලියට ගන්නවා. ඊටපස්සේ whole sale චයිනීස් බඩු විකුණන කඩේකින් ගන්නවා ඔය බ්ලෙන්ඩර්, රයිස් කුකර්, මසාජ් ගැජට් වගේ ටිකක්. ඊට පස්සේ මේ ළමයි එක්ක උදේට ගිහින් බහිනවා ගමකට. මහා එකා වාහනෙන් බහින්නේ නැහැ. ළමයි බස්සල බඩු ටික විකුනවනවා. මේ විකුණන බඩු වලින් මහා එකාට 300% ක 400% විතර ලාභයක් තියනවා. එතනින් අර විකුණන ළමයින්ට 25% ක් විතර දෙනවා. ඔන්න ඕකයි බිස්නස් එක.
2000 අවුරුද්දේ ඔය වගේ එකෙක් මගේ වාහනයක් රෙන්ට් එකට අරන් තිබුන. ඒ හින්දයි මම දන්නේ ඔය බිස්නස් එක ගැන. man sure නැති හින්ද මම ඒ වාහනේ දුන්නේ driver කෙනෙක් එක්ක. මගේ රියදුරාගෙන් තමයි සියලු විස්තර මම දැනගත්තේ. මේක තනිකර එදා වේල බිස්නස් එකක්. මගේ වාහනේ දිව්වේ ගාල්ල දිස්ත්රික්කය ඇතුලේ විතරයි. මුන් ඒ කාලේ බඩු ගත්තේ කොටුවේ කඩෙන්. බඩු සියල්ලම මිලදී ගන්නේ එදිනෙදා උදේට. හැබැයි හවස් වෙද්දී මුන් කොහොමහරි මේ බඩු සියල්ල විකුනනවා.
මම ලංකාවේ ඉද්දිනම් මේ බඩු විකුණන එකෙකුටවත් ගේට්ටුවෙන් ඇතුලට එන්න දෙන්නේ නැහැ. මොකද මුන් හරිම දක්ෂයි ගෙවල්වල ඉන්න වයසක අම්මල රවටල බඩුව විකුණගන්න. ඒ කාලේ මගේ අම්ම මා එක්ක රණ්ඩු වෙනවා පව් දරුවෝ ඒ අසරණ ළමයින්ගෙන් බඩුවක් ගන්න එක පිනක් කියල. එත් ඒ සල්ලි යන්නේ තනිකරම වංචාකාර කට්ට කපටි කයිරාටික බිස්නස් හොරෙකුගේ අතට.