වෛරස් උණ හැදුනා අම්මෝ..... හතුරෙකුටවත් හැදෙන්න නම් එපා
දැනට සති දෙකක් තාම හරියට ෆිට් නෑ. මම වැඩවගේකට යටවත්තේ ගියා බයික් එකේ. රිදීගම හරහා ගියේ වයිෆ්ගේ තාත්තව බලාගෙන යන්න ඕන නිසා. පොඩි පොද වැස්සකුත් තිබුනා යනකං එනකං. ආපහු එනකොට දොඩංගස්ලන්ද හරියට එනකොට ඇගට පට්ටම අමාරුයි. කඩේක නවත්තලා කෝපි එකක් බීවා ඒත් හරි නෑ. පෙනඩෝල් 2කකුත් බීලා පිටත් උනා. මාවතගම හරියට එනකොට ආය අමාරුයි. ආය වැඩි සීනී ටී එකක් බීවා එලවලු රොටී 2කක් කාලා. ඒත් කියන්න තරම් සනීපයක් නෑ. අමාරුව පිටින්ම ගෙදරට ආවා. ඇවිල්ලා ඕන එකක් වෙන්න කියලා නෑවා. රෑට කන්නත් අප්පිරියයි. බිස්කට් දෙකක් කාලා කිරිකෝපි එකක් ගහලා කලින්ම නිදාගත්තා. කෝකටත් කියලා පුතාටයි වයිෆ්ටයි නිදාගන්න කියලා මම තනියම නිදාගත්තේ. පාන්දර 2ට විතර වෙව්ලලා සීතලක් ආවා. බුදුඅම්මෝ මම මැරෙයිම කියලා හිතුනේ. පස්සේ වයිෆ්ට කතා කරලා ආපහු පෙනඩෝල් 2ක් ගෙන්නගෙන බීවා. පැයක් විතර යද්දි අමාරුවෙන් නිදාගත්තා. නින්ද යාගෙනම එනකොට ටොයිලට් යන්න ඕන උනා. කෙලින්ම loose motion තුන් හතර පාරක් ලග ලග එහෙම උනා. උදේ නැගිටිනකොට 11ට විතර ඇති. ඒත් ඇදෙන් නැගිටගන්න බෑ කොන්ද රිදෙනවා, කකුල් දෙකත් රිදෙනවා. එහෙම්ම අමාරුවෙන් ඩොක්ට ගාවට ගිහින් බෙහෙත් ගත්තා. ඩොක්ට තමා කීවේ වෛරස් උණක් කියලා. අත්වල කකුල්වල කෙණ්ඩා පෙරලෙනවා. කකුලේ නම් ඉවසාගන්න පුලුවන් අත හෙල්ලුවත් කෙණ්ඩා පෙරලෙනවා. ඇදටම වෙලා හිටියා දවස් 6ක්. එපාම උනා. පස්සේ ටිකක් අඩු වෙනකං ඉදලා ප්‍රෙස් එකට ගියා. පහුවදා ආපහු වැඩි උනා. උඹලාට මේක හැදුනොත් Bed rest කරපන් පුලුවන් තරම්. වේලිච්ච කැස්සක් තියනවා තාම