.. එහෙම හැකියාවක් තිබුනානම් අපිට අපේම පෙර ආත්මයන් පිළිබද නුවනින් මෙනෙහි කරන්න ටිබුනා . ඒ වගේ මොහොතක මේ සංසාර බය මොන වගේද යන්න පිළිබද අදහසක් තම සිතේ ඇති කර ගැනීම සදහා පමණක් මෙවැනි දෙයක් උපකාරී වන බව මගේ හැගීමයි .අපි මේ සංසාර බය නොදකින තාක් අපිට මේ ධර්මයේ වටිනාකම තේරෙන්නේ නෑ
. අමතක කරන්න එපා අපි සෝවාන් නොවනතාක් මෙවැනි සතර අපායන්වල වැටී දුක් වලට ගොදුරු වෙනවා .අප්‍රමාදීව ධර්මයේ හැසිරෙන්න.




බැලුවා බන්...
ඔය වගේම මිනිස්සු මරණ ඒවත් බල්ලා තියනවා...
සංසාරය මහා දුකක්..
සත්තු වෙලා මැරෙනවා.
මිනිස්සු වෙලා මැරෙනවා...
හිස ගිනි ගත් අයෙක් ඒ ගින්න නිවන්න උත්සහ ගන්නවා වගේ, ධර්මය අවබෝධ කරන්න මහන්සි ගන්න කියලා යි බුද්ධ දේශනා වල තියෙන්නේ...![]()



මට නම් බලන්න බැහැ මචං.. මම මාර විදියට සංවේදී වෙන සතෙක් තමයි ගවයා.. පාරේ යද්දි දැක්කමත් මම උනන්දුවෙන් බලනවා, උන්ට තියෙන්නෙ හරිම අහිංසක ඇස් දෙකක්.. මම උන්ගේ බෙල්ල යට තියෙන හම අතගාලා තියෙනවා, එහෙම කරනවට උන් ගොඩක් කැමති.. මට හිතාගන්න බැහැ කොහොමද උන්ව මරන්නේ කියලා..
මම කිසිම දවසක උන්ගේ මස් කාලා නැහැ.. මට සතුටුයි ඒ ගැන..


