නෝර්වේ වල ඇන්ඩර්ස් කියන මනුෂ්‍යයා කී දෙනෙක් මැරුවද නමුත් නෝර්වේ වලට ඇමරිකාව තර්ජනය කරේ නෑ , ඇමරිකාව සදාම් හුසේන්ව මරපු එකට, කියුබාවව, වියට්නාමය, පිලිපීනය, ඇෆ්ගනිස්ථානය, උතුරු කොරියාව, ඉරාකය මේ වගේ රටවල් ආක්‍රමණය කරපු එකට යුද අපරාධ චෝදනා නැත්තේ ඇයි?
මානව හිමිකම්, යුද අපරාධ ගැන කිය කිය දුප්පත් රටවලට විතරයි ඇමරිකාව බලය පෙන්වන්න එන්නේ හැම දාම. මෙතන තියෙන්නේ මානව හිමිකම් ගැන ප්‍රශ්ණයක් නෙවෙයි මෙතන තියෙන්නේ ඇමරිකාවේ Policy එකට ලංකාව වැඩ කරනේ නැති එකට එරෙහිව තිබෙන ප්‍රශ්ණයක්. ඇමරිකාව උත්සහා කරන්නේ ඒකට පලිය වෙන වෙන මාර්ග වලින් ගන්නයි. මේක ඇත්තටම බටහිර ජාතින් ළග තියෙන ගතියක්. මුස්ලිම් රටවල් කරන්නේ සාමාන්‍යයෙන් කෙලින්ම ප්‍රහාරය එල්ල කරන එකයි නමුත් බටහිර ජාතින් කරන්නේ වටෙන් ගහන එකයි.
ඒ වගේම තමයි Wikileaks වලින් ඇමරිකාවේ යුද අපරාධ කොච්චර එළි කරාද ? ඇමරිකාවේ දූෂණ cases,හොර වැඩ, ත්‍රස්තවාදය මේවා ගැන ඇයි කවුරුත් UN එකේදි කියන්නේ නැත්තේ? මේ ළගදි Apachii Helicopter එකකින් අහිංසක මිනිස්සු මරන හැටි ගැන එළි කරලත් ඇයි ඒවට කිසිම චෝදනාවක් නැත්තේ?
මානව හිමිකම් ගැන කියවන ඇමරිකාව ජපානයට කෙලින්ම න්‍යෂ්ටික බෝම්බ 2ක් ම දැම්මේ ඇයි එහෙනම්? මේවා ඇත්තටම බොරු විකාර. මානව හිමිකම් ගැන කියවන ඇමරිකාව ඒවා කඩ කඩ අනෙක් මිනිස්සුන්ට ඇගිල්ල දිගු කිරිම හරිම අයුක්තිසහගතයි. යුක්තිය ඉටු වෙන්න ඕනේ නම් ඒක හැමෝටම සාධාරණ වෙන්න ඕනේ නමුත් දැන් මේ තියෙන නීති පද්ධතිය තුළදි ඇමරිකාව ත්‍රස්ත වැඩ කරලා අනෙක් රටවල වැරදි හොයන එක අසාධාරණයි.