සමාජ විත්ති

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    බෑංකි මූන් බෑන්කි මූන් මරපං මරපං කෑ ගැසුවා..... :confused:
    මාත් ඉතිං පොඩියක් කලබල වී කුතුහලයෙං වටපිට බැළුවා...... :confused:
    දොඹ ගෙඩි තුන හතරක් උස කොළුවෙක් බංකුවකට නංවා ඔසවා.....
    ගහපිය මරපිය ඔළුවට කොටපිය බෑංකි මූන් මව සිහිකෙරුවා..... ! :shocked:

    මොකක්ද අප්පේ වෙලා තියෙන්නේ පුතේ උබට සිහි විකල් වෙලා....
    නෑ නෑ අංකල් මූනා ඇවිදිං ගන්න හදයි රට වහං වෙලා.....
    අනේ මංදා බං මොනවා කියනවද කිසිම දෙයක් නෑ වැටහීලා
    ආ මාමේ දැං අරගෙන බලපං ලංකාදීපය දිග ඇරලා... :nerd:

    ලංකාවේ තිස් වසරක් දිවගිය යුධ ගිනි දැල් ඇත නිවී ගිහින්...:yes:
    සාමදානයයි රජකරන්නෙ නෑ ජාතිබේද කුළ මලද ඉතිං....
    රනවිරුවන් නෑ යුද්ධ කරන්නේ සංවර්ධනයම මමද දකින්....
    එහෙව් රටේ මොන ප*යක් කරයිද මූනා ඇවිදිං පිටරටකින්....... :frown:

    සංවර්ධනයයි සංවර්ධනයයි සැම තැන සැම අත දිස්වෙන්නේ.....
    ආසියාවෙ ලොකු ආශ්චර්්‍යටලු අපි සැම පිම්මේ දිව යන්නේ....
    අපිම වවමු ලූ අපිම නගමු ලූ කියලා වවමින් අපි යන්නේ......
    දුප්පත් මිනිහා උඩයන බඩුමිල කොහොමැයි යකුනේ ඉවසන්නේ... ? :growl:

    ලොකු ලොක්කෝ ප්රාඩෝ වල යනවා.... :eek:
    මැද ඈයෝ කයිරොන් ගෙන්වනවා..... :eek:
    අහු මුළු වල උන් පගා ගහනවා... :eek:
    ගංකොට නිළමේ .... කුඹුරු කොටනවා....... ! :no:

    අමන්දා පබලූ බලන්න බැහැලූ බොද මීදුම් මයි මට ඕනේ..... :confused:
    සංසලා දනුකට එහෙම කරන්නේ ඇයිද දෙයියනේ නොපෙනෙන්නේ ? :cool:
    කථාවෙ දුශ්ටයා මාලියැද්ද දෝ සාලිය දෝ ඇය විමසන්නේ.... :lol:
    හතරෙ පන්තියේ පුංචි එකියි මේ පය උඩ දාගෙන නරඹන්නේ..... ! :yes:

    රෑ වැඩ ඇරිලා තෙහෙට්ටු වීලා විඩාබරව ගෙට එන කලට...... :)
    වලං පිගන් හිස් කන්න මොකුත් නෑ නිදා ගන්න යැයි කීය මට....
    හතයි තිහට ඔන් කරන යන්තරේ වහන්නෙ නං දහයයි තිහට... :confused:
    අනේ අපොයි පව්ලට ආ හෙනයක් පේන්නෙ නැද්දෝ දෙවියන්ට ?? :dull:

    එනවා එනවා මගුලක් එනවා රජ මගුලට ලොව සැරසෛනවා....:lol:
    කනවා බොනවා විනෝද වෙනවා අමුත්තියක් තව එක් වෙනවා....
    ආරාධන පත් ලැබුනේ නැතිලූ තවත් කෙනෙක් මෙහි ලත වෙනවා....
    අනේ.. ඩයනා ඔබහට උනදේ නොවන්න කියලා කේටිට සමු දෙනවා.... ! :yes:

    නොදකිං විතරක් අදත් මේක ස්ලෝ... කවදට මට හද පායන්නේ .. :(
    කියන වේගයෙන් බාගය එනවා නම් නෑ මොහොතක් මොර දෙන්නේ.... :growl:
    කාලට අඩුවෙන් වේගය එන්නේ අයියෝ කොහොමද පවසන්නේ.... :sorry:
    ඉන්ටර්නෙට් ගැන කියලා වැඩක් ‍නෑ.. නෑ දෙන මුදලට වැඩ දෙන්නේ... :frown:

    අද දවසත් දැන් හොදටම ගෙවුනා.. තවමත් නෑ නේ ඇය ආවේ.... :love::love:
    අදවත් මාගේ හිතේ තියන දේ කියලා යන්නයි මම ඉන්නේ.... :love::love:
    ඈ මට බනියිද ඈ මට රවයිද... මොකකින් මොකක්ද සිදුවෙන්නේ....
    අනේ රත්තරන් කැමති වෙන්නකෝ නැතිනං මොහොතක් නෑ ඉන්නේ.... :no:

    ඔක්කොම කමෙන්ට් කරන්න හොදේ ....
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ෆට්ට මචන් එල එල එල දිගටම ලියපන් ජයවේව
    රේප් +++
     

    metrix2

    Well-known member
  • Nov 1, 2010
    1,668
    308
    83
    DRACULALAND
    ලොකු ලොක්කෝ ප්රාඩෝ වල යනවා....
    මැද ඈයෝ කයිරොන් ගෙන්වනවා.....
    අහු මුළු වල උන් පගා ගහනවා...
    ගංකොට නිළමේ .... කුඹුරු කොටනවා....... !
    අපි ගොන් කරත්තෙන් රට වටේම යනවා :lol::lol::lol:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කමෙන්ට් වලටයි රෙප් වලටයි ගොඩාක් ස්තූතියි.....

    ඔයාලාගෙන් ලැබෙන මේ ශක්තිය නිසයි මම තව තවත් ඒවා ලියන්න පෙළඹෙන්නේ....
    ඔක්කෝටම ස්තූතියි..