ඒ ඒ කාලයේ හැටියට සාමාන්‍ය මිනිස්සුන්ගේ වගේම හාමුදුරුවන්ගෙත් භාවිතය වෙනස් වෙනවා බන්. මීට අව්රුදු දාහකට කලින් මිනිස්සු හිටපු විදිහටද දැන් අපි ඉන්නේ. හාමුදුරුවොත් ඉන්නේ මීට අව්රුදු දාහකට කලින් හිටපු විදිහට නෙවෙයි. බස් වල සීට් වලට හාමුදුරුවන්ට සිදු රෙදි දානවද, නැත්තං හාමුදුරුවන්ට බස් තහනම්ද, එතකොට බස්කේදි හාමුදුරුවොයි අපී සම ආසන වල ඉද ගන්නවා. මීට අව්රුදු 500 කට කලින් එහෙම ඉදගත්තනම් කොහොමද. දැන් පිරිවෙන් වල IT උගන්නනවා. පන්සල් වල computer තියනවා. මහින්ද මහත්තයගේ කාලේ දීපුවා. ඔය phone එකක් අල්ලගන මෙහෙම කෑ ගහන්න එපා. වෙන ආගම් වල උන් ඉස්සරහා හෑල්ලු වෙන්නේ අපේ ආගම.
මම මේ ෆෝන් එකක් ගත්තා, වටිනා සිවුරක් ඇන්දා කියන එක විතරක් සරලව අරන් කතා කරනවා නෙවෙයි... හැබැයි හාමුදුරුවෝ නූතන දේවල් වැළඳගන්න කොට ඒකේ තියෙනවා ගිහියන්ගෙන් වෙනස්ම ක‍්‍රමයක්....
මම සරලම දෙයක් කියන්නම්.... අද භික්ෂුවගෙන් අත්හැරිල තියෙන්නේ තමන්ගේ ප‍්‍රධාන යුතුකම හා වගකීම.... බුද්ධ ශාසනය ඉදිරියට ගෙන යාම, ගිහියාට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කිරීම සමග සංසාර මග කෙටිකර ගැනීම.... අද භික්ෂුව අතින් ඒ හැම දෙයක්ම මග හැරිලා භික්ෂුව පෙනී සිටින්නේ වෙනම අරමුණක... භික්ෂුව හිතන් ඉන්නවා සිවුර කියන්නේ තමන්ට ලැබුණු පලිහක් කියල... ඒකට මුවහ වෙලා ඕනම පාදුරා වැඩක් කරන්න පුලූවන් කියලා.... බහුතර බෞද්ධයාත් අනියමින් ඒක හරියි කියල කියන නිසා තව තවත් දුස්සීලයන් ශාසනයට ඇතුල් වෙනවා.... මොකද සිවුර යනු තවදුරටත් අල්පේච්චතාවයේ සංකේතයක් නොව ආභරණයක් පලිහයක් වෙලා තියෙන නිසයි...







