යකෝ මාත් ඔය කියලා තියන දේවල් ටික කරනවානේ
ගෙදර එක එක වැඩ කරනවා ඒක නිසා හාඩ්වෙයා වලට ඉලෙක්ට්‍රිකල් ශොප් වලට නිතර නිතර ගිහින් ඕන කරන ඒව අරං එනවා, සමහර වෙලාවට ගෙනවට පස්සෙ දන්නෙ වැරදි එක ගෙනත් කියලා එතකොට ආයෙ ගිහිං මාරු කරං එනවා
ගෙදර චේන්සෝ, තනකොල කපන මැශින්, විවිදාකාර එන්ජින් සහ ටූල් ගෙදර තියනවා, මම කම්මැලි හිතුනම ඕව ස්ටාට් කරනවා පොඩි පොඩි වැඩ කරනවා, චේන්සෝ එක ස්ටාට් කරලා ගෙදර තියන දර කපනවා කුරුඳු දර එහෙම, වගේ වැඩ හරිම රැන්ඩම් වෙලාවට කරනවා
ගෙදර පොඩි උන් ඉන්නවා, සමහර වෙලාවට මුං රෑට ලෙඩ වෙනවා, එතකොට ගෙදර බෙහෙත්, අසමෝදගං පැනඩෝල් නැති උනාම මල පැනලා බයික් එක හරි කාර් එක හරි අරං ස්පීඩ් ගිහිං ඕව අරං එනවා
ගමේ එවුන් අඳුන්නනෙ නැති එවුන් අපේ ගෙදර එනවා, මගේ ඔෆිස් එකේ වැඩ වලට, තව යාලුවො, මම ඕඩර් කරන බඩු ගේන කූරියර් සර්විස් වල එවුන් වගේ එවුන් නිතරම බයික් වලින් එනවා
මං මේව නං කරන්නෙ නැහැ, හැබැයි මම ගෙදර ඉඳගෙන වැඩ කරන නිසා ගමේ එවුන් මෙහෙමද දන්නෑ මගේ ගැනත් හිතාගෙන ඉන්නෙ. නිතරම ගෙදර ඉන්නෙ රස්සාවකුත් කරන්නෙ නැහැ, කුඩු විකුනනවද දන්නෑ කියලා.