Allergy එකක් නිසා එහෙම වෙන්න පුළුවන්. එහෙම නැත්නම් උෂ්ණය අඩු වෙන විදිහට හදලා කන්න. ඒ කියන්නේ සැමන් හදද්දි පොල් කිරි යහමින් දාන්න. දෙවෙනි කිරෙන් සැමන් තම්බන්න,තක්කාලි එහෙම දාන්න එපා, අර්තාපල් පෙති ටිකක් දාන්න. හොද්ද උතුරනකොට මිටි කිරි දාන්න. ගොඩක් මිරිස්,තුනපහ දාන්න එපා. බත් එක්ක අනාගෙන කන කොට පිපිඤ්ඤා සම්බෝල වගේ සීතල දෙයක් එක්ක කන්න. එහෙම නැත්නම් ගාපු පොල් එහෙමත් හොඳයි. ඒවා කරලත් වැඩක් නැත්නම් ඇඟේ උෂ්ණෙ වැඩි ඇති.