සිනාසෙන හයිනා

Lokupappa

Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113
    හයිනා කිව්වම සමහර උදවිය දන්නෙත් නැතුව ඇති! :yes: මේ කියන්න යන්නේ ටිකක් පිස්සු කතාවක්. :eek: මේකේ ටිකක් sex පැත්තත් කියන්න වෙනවා නොකියම බැරි නිසා. ;) ඔන්න මුලින්ම warning එකක් දුන්නා! :yes: ආයෙ කිව්වෙ නෑ කියලා චුරු චුරු ගාන්න එපා! :shocked:

    age-verification.png



    හරි එහෙනම්, මේ කියන්න යන්නේ පැල්ලම් සහිත හයිනා (Spotted Hyena) ගැනයි. :yes:

    Hyena.jpg


    මේ ගොල්ලෝ වර්ග 3ක් ඉන්නවා මෙතන විස්තර කරන්නේ මෙයා ගැන විතරයි. අනික් දෙන්නා තමයි දුඹුරු හයිනා සහ ඉරි සහිත හයිනා.


    එහෙනම් පටාන් ගන්නයි යන්නේ :cool:

    හයිනා ක්ෂීරපායියෙකු ලෙස හඳුන්වන්න පුළුවන්. හයිනා විශාල සතුන් වන අතර බර 80kg / 90kg පමණ වෙනවලු. ඒ කියන්නේ අපි වගේම මෙයත් බරයි කියන එක. මේ ගොල්ලෝ අඩි 2ක් 3ක් වගේ උසයිලු. ඉදිරිපස කකුල් පිටුපස කකුල් වලට වඩා දිගයිලු. ඒ වගේම කනුත් ලොකුයි. ඒවා දුඹුරු පැහැයක් ගන්නවා නැත්නම් ඒවාට ලප හෝ ඉරි තියෙනවා. මෙයාට 37 kmph වේගෙන් දුවන්නත් පුලුවන්ලු. එක ආහාර වේලකට මස් කිලෝග්‍රෑම් 10ත් 15ත් අතර කනවලු. ඒ වගේම මේ ගොල්ලන්ගේ හකු හරිම ශක්තිමත්. තව මේ ගොල්ලන්ගේ ආමාෂය කටු දිරවන්නත් පුළුවන් විදිහටලු හැදිලා තියෙන්නේ. ආයු කාලය අවුරුදු 25 වගේලු. :yes:

    1024px-Spotted_hyena_%28Crocuta_crocuta%29.jpg


    හයිනා වර්ග දෙකක්, පැල්ලම් සහිත හයිනා සහ දුඹුරු හයිනා අප්‍රිකාවේ ජීවත් වෙනවලු. ඉරි සහිත හයිනා අප්‍රිකාවේ සහ ආසියාවේ ජීවත් වෙනවලු. :yes: මේ ගොල්ලෝ ඉන්න කැමතිම විශාල සැවනා වලලු. සැවනා කියලා කියන්නෙත් තෘණ භූමි (තණ බිම්) වලට. සමහර හයිනාවන් කඳුකරයේ ජීවත් වෙනවලු. මේ ගොල්ලෝ විශාල තෘණ භූමි තෝරගන්න හේතුව කියන්නේ, මේ ගොල්ලෝ ඇවිදින්න දුවන්න දවසේ වැඩිකාලයක් ගතකරන නිසා කෑම, වතුර මේ ගොල්ලන්ගේ ගෙවල්, කරදරයක් නැතුව ලඟ ලඟම හොයා ගන්න පුලුවන් නිසාලු. :yes:

    befektetesi-termekek.jpg


    මේ ගොල්ලෝ තනිකරම මාංශ භක්ෂකයි. මේ ගොල්ලෝ රංචුවශයෙන් තමයි දඩයම් කරන්නේ. හැබැයි ගොඩක් කම්මැලියි. ගොඩක්ම සිංහයෝ කොටියෝ, දිවියෝ... වගේ සත්තු දඩයම් කරපු සත්තු තමයි කන්නේ. මේ ගොල්ලෝ දඩයම් කරගෙන කන්නේ කන්නම දෙයක් නැතිවුනොත් තමයි. :rofl: සිංහයෝ වටවෙලා හිටියත් රංචුපිටින් ආවාම සිංහයත් බයයිලු මේ ගොල්ලන්ට. :baffled: :shocked:


    :dull: :dull: :dull:

    මූ බය වෙනකොටයි මොනයම් හෝ අනතුරකට පත්වෙන කොටයි හිනාවෙනවා වගේ දත් විරිත්තලා sound එකක් දානවා! ඒ නිසා තමයි කියන්නේ සිනාසෙන හයීනා කියලා.


    :lol: :lol: :lol:

    තව මේගොල්ලෝ ඉපදෙන කොටම ඔක්කොම දත් එක්ක තමයි ඉපදෙන්නේ. :yes: :lol: ආයේ පස්සේ දත් එවිලි නැතිලු. :no: :shocked:


    ඔන්න දැන්තමයි හොඳම කොටසට එන්නේ ;) :love:

    මේ ගොල්ලන්ගේ මෙයිටින් සීසන් එක ආවාම පිරිමි සතාට පුදුම කට්ටක් කන්න වෙනවලු වැඩේ කොරන්න. :( හයීනා ගැහැණු සතාට යෝනියක් (vagina) එකක් පිහිටන් නැතිලු. :baffled: ඒ වෙනුවට එන්නේ ව්‍යාජ ශිෂ්නයක් (penis) ලු. අඟල් 7ක් දිගලු. :eek: :shocked:

    29saw_drawing-blog480.jpg


    29saw_hyenamom-articleInline.jpg


    7-Figure3-1.png



    :shocked: :shocked: :shocked:

    අපිට වගේම නගිනවලු. :eek: කොහොමද ඒක! :lol: මේ බටේ දිගේ තමයි පැටැව් ඉපදෙන්නෙත්. :shocked: පලවෙනි පැටැව් දැමීමෙදි 60% වගේලු පැටව් ජීවත් වෙන්නේ මේ කෙහෙල්මලේ තද ගතිය නිසා. :frown: එනකොට පැටව් හිරවෙනවාලු. :growl: හැබැයි දෙවැනිපාරට පැටැව් දානකොට හරියනවලු. :)


    ;) ;) ;)

    මේ ව්‍යාජ ශිෂ්නය (pseudo-penis) නිසා සංසර්ගෙදි ඇතුලට දාගන්න කලින් ලීක්වෙන්න තියෙන චාන්සස් ගොඩක්වැඩියිලු. :shocked: කලින් කිව්වනේ මේක ප්‍රාණවත් වෙනවැයි කියලා. ප්‍රාණවත් වුනොත් ඉතින් වැඩේ කොරලා හමාරයි. :sorry: :baffled: ප්‍රාණවත් වුනාම මේක පිහිටන්නේ ඉස්සරහට. :rofl: මේක බැස්සාම පොඩිවෙලා ඇඟට ඇලෙනවා. ;) අන්න එහෙම වෙලාවට තමයි අරූට වැඩේ කොරන්න පුලුවන් වෙන්නේ. :lol: මේක තියෙන්නේ බඩ යටින් වෙන්න. :no: ඉතින් අසරනයට වැඩේ කොරන්න උඩ පයිනත් වෙනවා. :baffled: :lol: තව අහවල් එකෙන් තට්ටු කොරකොර ප්ලේස් එක හොයා ගන්නත් වෙනවා. :lol: :rofl:


    :rofl: :rofl: :rofl:


    :( :eek: :shocked:

    අනික හයීනා ගැනු සත්තු පිරිමි සතාට වැඩිය ගොඩක් සැරයි. :yes: ඒ වගේම ශරීර ප්‍රමාණයෙනුත් ටිකක් ලොකුයි. ඉතින් පොඩ්ඩ එහා මෙහා වුනොත් මිස් ෆයර් වෙන්න තියෙන චාන්සස් වැඩියි. :eek: :baffled:


    තව නයිජීරියාවේ සුරතල් සතෙක් විදිහටත් මෙයා ගොඩක් ජනප්‍රියයි!


    :shocked: :shocked: :shocked:



    එහෙනම් අපි ගියා! ජයවේවා!!! :)

     
    Last edited:

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    ඕකුන් සැරයි කියල නම් දැකල තියෙනව ඔය ඩොකියුමන්ට්‍රි බලද්දි. සෙස් ලයිප් එක ගැන දැක්කම පවූ කියල හිතුන... :D
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    22.gif


    පට්ට...!!.
    You must spread some Reputation around before giving it to Lokupappa again.​
     

    girigoris_1923

    Well-known member
  • Feb 9, 2017
    1,321
    94
    48
    මං දුවං ආව හිනා වෙන සතා මොකාද කියල බලන්ඩ
    සද්දෙ අපි හිනා වෙනව වගේ එච්චරයි

    හිනාවෙන සත්තු එකෙක්වත් නෑ නේ... :confused: