මේක අන්තිම බොළඳ බාල කතාවක් වෙලා. ළමා ටෙලි නාට්‍යයකට වඩා අතිශය බොළඳ අන්තිම බාල ගනයේ ලව් කතාවක් දැන් යන්නේ. කතාව දැන් යන්නේ කොහෙද කියලවත් අධ්‍යක්ෂකවරු දන්නේ නැහැ. තමන් ලියන්නේ මොනවද කියලවත් අන්තිමට දන්නේ නැහැ. ඇත්තටම ඉස්සර විකාශනය උන කඩුල්ල , කන්දේ ගෙදර , ගිරය වගේ කතා කොච්චර උසස් මට්ටමක තිබුනද. රඟපෑම් හරිම ස්වාභාවිකයි. දැන් ඉන්නේ නළුවෝද . එක්කෝ මේක අපේ රටේ කරුමේ. හොඳ උසස් ගුණාත්මක අධ්යක්ෂවරුන් සහ රංගන ශිල්පින් නොමැතිවීම අප කල පෙර පාපයක් ද. මොනවා උනත් W.Jayasiri කියන්නේ උසස් රංගන ශිල්පියෙක්. මෙතුමා වගේ කෙනෙක් ඇ යි මෙවැනි බාල ටෙලි නාට්‍ය තුල රඟපාන්නේ . ආර්ථික ප්‍රශ්න ද
පරණ නාට්ටි හොඳයි තමා. ඒකේ විවාදයක් නෑ. ඒත් දැන් යන නාට්ටි එක්ක බැළුවම සිඳු කියන්නේ සෑහෙන්න ඉස්සරහින් ඉන්න නිර්මානයක්. ඒකේ විවාදයක් නෑ. අවුරුදු ගානකින් ටිවී නොබලපු මම ටීවි බැලුවේ සිඳු නිසා. කථාව ලියන සමන් එදිරිමුණි ස්ක්‍රිප්ට් එක ඩයලොග්ස් සුපිරියට ලියනවා. අළුත් විදියට හිතලා.
සොරතගේ දෙබස්, ලොකු හාමුදුරුවන්ගේ දෙබස්, පාන්දර දර පාන්. ඔව්ව හිතල ලියනවා කියන්නේ ගේමක් තමා.
කථාවේ සුපිරිම චරිතේ කරන්නේ ලොකු හාමුදුරුවෝ. ඒකේ දෙකක් නෑ. ඊට පස්සේ නන්දිපාල. ඊට පස්සේ හිං බබ. ඊට පස්සේ පොඩි සාදු, රෙජී, චුට්ටේ, තරිඳු, දරපාං, තරිඳුගේ මාමා ඔය ඔක්කොම සුපිරියට රඟපානවා.




