From....Face book
B MA Ranjan
to Ballot box (ඔබේ මතයට ඉඩක්)
3 hrs
සීෂෙලස් වලින් රෝගීන් 35 දෙනෙක් මෙරටට පැමිනීම සමග ඇතැම් අපතයන්ට සහ උ.බු.ම.ජ. කහඹිලියා ගා ගෙන නටන්නට පටන් ගෙන ඇත. මේ ගැන දීර්ඝ විස්තරයක් අනවශ්‍ය නිසා කරුණු ලෙස ලියමි.
1. සීෂෙලස් සහ මාල දිවයිනේ සිට සෞඛ්‍ය සංචාරකයන් (medical tourists) පැමිණෙන්නේ අවුරුදු විස්සකටත් වැඩි කලක සිටය.
2. මේ පමිණෙන්නේ කොරෝනා නොමැති රෝගීන්ය. ඔවුන් පමිණෙන්නේ ඇන්ජියෝග්‍රෑම්, ඇන්ජියෝප්ලාස්ටි, සහ උපතේ සිට එන හෘද විකෘතිතා සඳහා කෆ්‍රන සැත්කම් වලටය.
3. සීෂෙලස් වල මැයි 11න් පසු රෝගීන් වාර්තා වී නැත. ඔවුන්ගේ PCR
4. ඔවුන් මෙහි පැමිණෙන්නේ ඔවුන්ගේම මුදලින් ජෙට් යානයක් කුලියට ගැනීමෙනි. එමතු නොව, සිදු කරන සියළුම ප්‍රතිකාර සහ නිරෝධායනය සඳහා සීෂෙල්ස් රජය මුදල් ගෙවයි.
5. කලාපයේ සෞඛ්‍ය සංචරනය (medical tourism) සඳහා මෙතෙක් කල් නම් දරා සිටියේ ඉන්දියාවයි. නමුත් ඉන්දියාව කෝවිඩ් කාල බෝම්බයක් වීම සමග, ලංකාවට එම ව්‍යාපාරය සතු කර ගැනීමේ මහඟු අවස්ථාවක් ලැබී ඇත. ආර්ථිකය හොම්බෙන් යවා ඒ උඩට කෝවිඩ් වැටුණු ලංකාවට හුණු සාල් සුඟත් අතහැරිය හැකි තත්ත්වයක් නැත.
6. මේ බව දන්නා නිසාදෝ මේ ව්‍යාපාරය කඩාකප්පල් කිරීමට අපත පිරිසකට අවශ්‍ය බවක් දැනට සිදුවන කථා වලින් පෙනී යයි.
-වෛද්‍ය රංග වීරක්කොඩි