සුන්දර ගීයක ඇරබුම,..

whizzkid

Well-known member
  • Feb 21, 2009
    2,643
    172
    63
    කලකට පෙර අපගේ ආයතනයට අලුතින් කිහිපදෙනෙකු බදවාගනු ලැබුවා. මේ අතර මුල්ම හමුවීමෙන්ම මගේ හදවත සොරාගත් දෑසක් ද විය... අවාසනාවකට ඇය මගේ සහයිකාව ලෙස පත්ව තිබිනි. කාලය ගෙවෙද්දී මිතුදමට වඩා වැඩි මොකක්දෝ හැගීමක් මා තුල ඇය කෙරෙහි දලුලා වැඩී තිබිනි. ඇගේ රූපය ගතිගුන මෙන්ම ඇයගේ යම් යම් ඉගිද ඒයට සරු පස සපයන්නට ඇත.
    ඇගේ කැපවීම්, මග පෙන්වීම් හා දිරිගැන්වීම් නිසා ආයතනයේන් මට උසස්වීමක් ලැබුනේ ඇයටත් මා පෙර දැරූ නිලයට උසස්වීමක් ලබාදෙමිනි. එදින ඇය කෙරෙහි මගේ සුබපැතුම සමග ඇය කෙරෙහිවූ මගේ හැගීමද ප්‍රකාෂ කෙරිනි. මගේ ඇස් දිහා මදවේලාවක් බලාසිටි ඇය හඩමින් විවේකාගාරය දෙසට දිවගිය අයුරු සිහිවනවිට අදටත් මට දැනෙන්නේ මහා වරදකාරී හැගීමකි... මක්නිසාදයත් අද ඇය එදා අපට නොකියාම විවාහ ගිවිසගෙන සිටි පුද්ගලයා සමග දුර රටක පදිංචියට ගොසින්ය.
    එදිනට පසුවද සමුගැන්ම තෙක් ආයතනයේදී වෙනදා මෙන් වෙනසක් නොවී මට උපරිමයෙන් සහය දුන් ඇයගේ සිදුවූ එකම වෙනස නම් මා දකින සැම විටම පාහේ නෙතට කදුලු ඒම පමනකි. ඇගේ සමුගැනීමේ දිනයේදී මාගේ මේසය මත ඇගේ අකුරින් ගීතයක කොටසක් ලියූ කඩදාසියක් විය.. එනම්....................

    ගැ : සුපෙම් හැඟුම් ඔබෙන් එපා
    මිතුරු දම් විනා
    නෞකාවකි ඔබ ඈත සමුදුරේ
    මා පහන් ටැඹයි මෑත ගොඩබිමේ

    ඇත සමුදුරේ යාත්‍රාකරන නෞකාවකට ගොඩබිමේ ඇති පහන් වැටකින් සිදුවන්නේ මගපෙන්වීමම නොවේද... නමුත් ඇය මෙලෙස ජීවිතේ දුක සැප බෙදාගන්නට සූදානම් වන්නේ ඔහුගේ පෙම්වතිය හෝ බිරිද වෂයන් නොව හොද මිතුරියක් ලෙසය.........

    පි : තරු එළියෙන් රුදු රාත්‍රි කාලයේ
    දැඩි සිතකින් දුර ගමන යමි ඉතින්
    කිසිදින අප හමු නොවන බව දනිමි
    සිහිනය මිය යා යුතු ය මේ ලෙසින්

    යලිත් කිසිදින දෙදෙනා හමුනොවන නිසා ඔහු මැවූ සිහිනය මියයා යුතුමය. ඒ සදහා ඇය අමතක කල යුතුය. ඒන්ම් නැවට පහන්ටැබ මෙන් ජීවිතයට අරමුන වූ ඇය අමතක කල යුතුය. න්මුත් ඔහුගේ ජීවිතය නැමති නෞකාවට අහසේ තරු පාර කියාවි. නමුත් ගොඩබිම පහන්ටැබ නොසලකා තරැ එලියට ගමන් කරන නැවක ගමන අසාර්ථක විය හැක. නමුත් එසේ කල යුතුව ඇත..

    ගැ : දිවයුරු සැඟවෙන මොහොතක තනිවී
    ඉකි බිඳිමින වියරුවේ පාළුවෙන්
    එය දසුනකි තනි සිතක නොමැකෙනා
    නෙතු වෙහෙසුණි යළි දකින තුරු දුරින්

    ඔහු හිරු සැගවෙන සැදෑ කාලයේදී පාලුවෙන් මනෝලොකයක තනිවන අයුරු ඇයගේ සිත් පාරන කාරනයක්මය. මක්නිසාදයත් ඇගේ යටිහිතේ ඔහු ගැන යම් හැගීමක් ඇති නිසාය. ඒ හැගීමම ඇයට යලි ඔහු හමුවීමට බල කරයි නමුත් ඒ ඇයට දුරින්ය. ඔහුට ඇය වෙත ලංවීම තහනම්ය......

    පද :- කපිල කුමාර කාලිංග
    තනු :- රෝහණ වීරසිංහ
    හඩ :- ලක්ෂ්මන් විජේසේකර, ප්‍රදීපා ධර්මදාස

    මේ ගීතය සදහා රචකයාගේ නිමිත්ත හරිහැටි නොදන්නා නමුත් මේ ගීතය පුරාවටම ඇසේන්නේ මේ ඇයගේ පසුතැවීමක් වැනි හැගීමක් යැයි මට සිතේ. මක්නිසාදයත් මේ ගීතය් පුරාවටම ඇසෙන්නේ ප්‍රදීපා ධර්මදාස මහත්මියගේ හඩ වීමයි. ලක්ෂ්මන් විජේසේකර යන්ගේ හඩ ඇසෙන්නේ එක් සීමිත අවස්තාවකදී පමනි. තවද ඇය ඔහුට ළං නොවන කරුණ රචකයා පැහැදිලි නොකරයි. රචකයා මෙහිදී විචාරන්නේ මේ අවස්ථාව හා ඒ හැගීම් පමනකි. එහෙයින් මේ ගීතය බොහෝ දෙනෙකුගේ අත්දැකීම් හා ගලපාගත හැකිය.......
    කවුරුන් කෙසේ මේ ගීතය අරුත් ගැන්වුවද මට මෙන්ම ලොකයේ කොහේ හෝ සිටින තවත් කෙනෙකුට අතීතාවර්ජනයක්ම වන්නේය...



    thnx machan....

    කවුරුන් කෙසේ මේ ගීතය අරුත් ගැන්වුවද මට මෙන්ම ලොකයේ කොහේ හෝ සිටින තවත් කෙනෙකුට අතීතාවර්ජනයක්ම වන්නේය...

    agreed... :yes::yes::yes::yes::yes:
     

    sithija

    Member
    Aug 13, 2006
    1,206
    24
    0
    49
    senehe piri mage sonduru kadalla
    ඒක වෙන්න පුලුවන්.නමුත් එහෙම නම් මේ නූලේ තියෙනව ගොඩක් ගීත පත්තර වල පලවුනු ඒවා කියලද ඔයා කියන්නේ.මම මේ කාටවත් දෝශාරෝපණයක් එල්ල කරනවා නෙමෙයි.පැහැදිලි කිරීමකට ලක් වෙන්න ඕනේ නිසයි අහන්නේ....

    mamath awasara gaththa ape kollagen FB eken danna eth eka daan hadana kota mata hithata dukak awa.... me kolla mahansiyen karapu deyak mama dana eka mata pau kiyala hithuna mama e nisa ekakwath damme naha adatath mama rasa vindinawa eth e waradda karanna mata hitha denne naha... e mewaye mahansiya gana mata hodata denenawa... obata jaya
     

    ImAnjana

    Member
    Sep 25, 2011
    16
    0
    0
    Colombo
    niyamayi yalu uaparimayi

    මේ thread එක ගොඩක් දවස් කියෙව්වා කියවල ඉවර උනාම reply දානවා කියල හිතාගෙන. මේක නම් සුපිරි වැඩක්. දිගටම කරමු, comment දාන්න වෙලා නැති උනත් අපි කියවනවා :yes::yes: .
    ජය වේවා!
     

    bkalum

    Junior member
  • Feb 19, 2009
    167
    6
    18
    එල කිරියේ එලම Thread එක.... පිටු 150 විතර කියෙව්වා.. නියම වැඩක් යාලුවනේ..
    මටත් තියෙනවා පොඩි ඉල්ලීමක් සුනිල් එදිරිසින්ඝ මහත්මයාගේ "මේ තරම් සියුමැලිද කළුගල්.. " සින්දුවේ කතාව හරි විචාරයක් හරි දාපන්කෝ යාලුවේ... මම ගොඩක් කැමති සින්දුවක්... කලින් දාල තියෙනවා නම් සොරි වෙන්න්න ඕන මම තාම ත්‍රෙඩ් එක කියවනවා...

    නියම වැඩක් ත්රෙඅඩ් එක දිගටම අරන් යමු....
     

    ColdBreath

    Member
    Jul 7, 2010
    1,469
    191
    0
    :yes::yes::yes:
    "රොකට් වලට ගහන oil බීලා , ඉන්න හිතයි ඉහල අහසේ රෑදිලා....................... "
    :eek:
    මෙන්න අද කාලේ ගීත...:( නෑ මේවට කියන්නෙත් ගීත කියලද ? වෙන්න බෑ..:no: වෙන මොකක් හරි වෙන්න ඈති.... දන්න එකෙක් කියල දීපල්ලකෝ....:nerd::P

    ආ ඕවද? ඕව සිංදු.
     

    thilinaff

    Member
    Aug 7, 2007
    224
    4
    0
    - * Capital of Down South * -
    සංගීත වීඩියෝ කලාව ලංකාව තුල පැතිරුණු නිසා සීමා මායිම් ඉක්මවා ම, මේ වගේ ගීතයේ හරය මරා, රසය කුනු කර දමන රූප රචනා බිහිවුණා. මේ එයට හොද ම නිදසුනක්..........
    නන්දක්කා මේ ගීය සත්‍යයේ ගීතයේ ගයන්නට පූර්විකාව කර ගන්නේ ඇය ගේම "පෙම් ලොව දී දුටු ඔහු මද මේ" ගීතය. "ප්‍රේමයේ රුදුරු බව එයයි" යනුවෙන් එය ගයන ඇය "ප්‍රේමයේ මධුර බව මෙයයි" කියායි මේ ගීය ගැයීම අරඹන්නේ................!!!!!!!!

    මෙවන් ගීයක් කිතු සමිදාණන් වෙනුවෙන් මෙසේ අර්ථ විකෘති කර යෙදීම, ඇත්තෙන් ම උන් වහන්සේ දෙසා වදාලා වූ සත්‍ය සහ ප්‍රේමයේ දහමට හිතා මතා ම කරන නිගාවකි!!!!!!!
    :yes::yes::yes:
     

    ColdBreath

    Member
    Jul 7, 2010
    1,469
    191
    0
    funny-gif-Stewie-bump-head-ceiling.gif


    BUMP
     
    Last edited:
    Apr 25, 2012
    30
    2
    0
    මැවිසුරු;12644011 said:
    අහ් කට්ටිය ආපහු සෙට් වෙලා නේද ....:D

    "පෙමාතුර හැඟුම්" ගීතය ගැන කතාබහේ යෙදුනා දෝ ???

    පෙමාතුර හැඟුම් ඇගේ නෙත් කැලුම්
    හද සන්තනේ සදා සරනා අයචනා සුසුම්
    නුරාගික පැතුම් පිපාසිත සිතුම්
    මන මන්දිරේ කලාළය මත මී අමා බඳුන්

    නියාලුව හදින් පියා නෙතු පියන්
    යොමා යුග සවන් තනිවෙමි ඇගේ ගී නදින්
    මුදා නිදි දැහැන් එබී ලෙන් දොරින්
    අරාජික පරාදීසය සොයා එමි සිතින්

    අරා සිරි යහන් නිදා වැතිරෙමින්
    සරා සලෙළ සිතිවිලි ගඟ ගිලී නැහවෙමින්
    සුරා මල් පැනින් පොඟා යුග ලවන්
    පිනා පසිඳුරන් සතපමි සොඳුරු සිහිනයෙන්
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මචන් උඹට ගොඩක් ස්තූතියි.
    අද තමයි මේක කියවන්න පටන් ගත්තේ. තව තවත් හොද දේවල් ඉදිරියට ඇතැයි කියා හිතනවා.


    ප්‍රියා සූරියසේනනට සිංදුවක් ලියාගන්න ඔනවෙලා ගියාලු ප්‍රේම කීර්තිද අල්විස්ගෙ ගෙදර......

    හැබැයි ඉතින් නිකම් නෙමෙයි පොඩි බෝතලේකුත් අරගෙනලු ගියේ..........
    කරුමෙ කියන්නෙ ප්‍රේමකීර්තිත් හදිස්සියකට ගෙදරින් එළියට යන්න ලෑස්ති වෙනවළු , මිනිහට බස් එකත් පරක්කු වෙලාළු හරිද?
    ඉතින් මාර වැඩේ ප්‍රේම කීර්තිත් නියම කොල්ලනේ...... බෝතලේ දිහා බලනවළු... අතේ ඔරලෝසුව දිහා බලනවළු.... මාර අප්සට එක ..... කොළයක් අතට අරගෙන මොනවද පේලි 2,3ක් ලියල මිනිහ දිව්වළු බස් එකට.... හරි....
    ප්‍රියා සූරියසේන වැඩේ කෙරුණෙ නැති නිසා අපසෙට් එකේ .... පාරට බැස්සලු ... බහින ගමන් බැලුවලු අර ලියල තියෙන පේලි 2,3 මොකද්ද කියලා.....
    ඒකෙ තිබුනලු
    "හෙට දවසේ..... අපදෙදෙනා.....
    මේ වාගෙම හමු විය යුතුවේ.....
    අද දවසේ.... මවෙත ගෙනා.....
    මිහිර හෙටත් ගෙන ආ යුතුවේ.....
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මේ වැඩේ මම පටන් ගත්තටම මොකද මේකට වැඩි වටිනාකමක් දුන්නේ sasliit සහෝදරයා..ඔහු හරියට පුංචි පුස්තකාලයක් වගේ,,ඇත්තටම ආඩම්බරයි ඔබ වගේ කෙනෙක් අපිත් එක්ක ඉන්නවා කියල දැන ගත්ත එක..:D:D


    සහතික ඇත්ත ....!
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    http://www.youtube.com/watch?v=ZZIktdHGFqE

    meka gana wicharayak denna puluwanda?
    හිතවත් සහෝදරයා/සහෝදරිය,
    විචාරයක් කරන්න පුළුවන් වෙන්නේ යම් කලාත්මක ගති ලක්ෂන සහිත නිර්මාණයකට. නිර්මාණාත්මක පසුබිමක් සහිත, ව්‍යංගයෙන් යටිපෙළ අරුතක් ගෙන එන නිර්මාන වලට. බුදුන් වදාල මුල මැද අග කළණ වන දහම සේ මැ, "තම තම නැන පමණින්" විද ගත යුතු නිර්මාණ වලට. ආනන්දයෙන් ඇරඹී, ප්‍රඥාව කරා රසිකයන් එළවන නිර්මාන වලට.ඔබ කියන මේ ගීතයේ එවැනි සාධනීය ලක්ෂන නැත. එය වාර්තාවක් බදුය. කියන දේ හොම්බට දමා ඇන්නා සේ කියා ඇත. ඉතිං කුමන විචාරද මෙවන් ඊනියා නිර්මාන වලට...........!!!!!!
     

    nikshala

    Member
    Jan 24, 2010
    9
    0
    0
    හිතවත් සහෝදරයා/සහෝදරිය,
    විචාරයක් කරන්න පුළුවන් වෙන්නේ යම් කලාත්මක ගති ලක්ෂන සහිත නිර්මාණයකට. නිර්මාණාත්මක පසුබිමක් සහිත, ව්‍යංගයෙන් යටිපෙළ අරුතක් ගෙන එන නිර්මාන වලට. බුදුන් වදාල මුල මැද අග කළණ වන දහම සේ මැ, "තම තම නැන පමණින්" විද ගත යුතු නිර්මාණ වලට. ආනන්දයෙන් ඇරඹී, ප්‍රඥාව කරා රසිකයන් එළවන නිර්මාන වලට.ඔබ කියන මේ ගීතයේ එවැනි සාධනීය ලක්ෂන නැත. එය වාර්තාවක් බදුය. කියන දේ හොම්බට දමා ඇන්නා සේ කියා ඇත. ඉතිං කුමන විචාරද මෙවන් ඊනියා නිර්මාන වලට...........!!!!!!



    සමාවෙන්න. සුදුසු වෙන්න ගීතයක තියෙන්න ඕන සාධනීය ලක්ෂන මොනවද කියන්න මං දැනගෙන හිටියෙ නැ. ඒත් ඔයා(ඔය මහත්මයා) කියපු දෙයින් මට හිතුනු එක දෙයක් හරි. ඒ තමයි ඔය ගීතෙ ලිව්වට ලියල තියෙන්නෙ ගීත ලියන්න තියා හිතන්න වත් සුදුසු නැති කෙනෙක් කියන එක. ඒ නිසා ගීතයක තියෙන්න ඕන සාධනීය ලක්ෂන මොනවද කියන්න දන්නැති උනත් මං ඔය කියපු දෙ විශ්වාස කරනවා.
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    සමාවෙන්න. සුදුසු වෙන්න ගීතයක තියෙන්න ඕන සාධනීය ලක්ෂන මොනවද කියන්න මං දැනගෙන හිටියෙ නැ. ඒත් ඔයා(ඔය මහත්මයා) කියපු දෙයින් මට හිතුනු එක දෙයක් හරි. ඒ තමයි ඔය ගීතෙ ලිව්වට ලියල තියෙන්නෙ ගීත ලියන්න තියා හිතන්න වත් සුදුසු නැති කෙනෙක් කියන එක. ඒ නිසා ගීතයක තියෙන්න ඕන සාධනීය ලක්ෂන මොනවද කියන්න දන්නැති උනත් මං ඔය කියපු දෙ විශ්වාස කරනවා.

    සමාව ඉල්ලන්න අවශ්‍ය නෑ... සහෝ අපි හැමෝම අපේ ණැන පමණින් දැනෙන පමණින්නේ මේ ගීත කලාව ගැන කතා කරන්නෙ...
    මෙහෙමයි... ගීතයක් ගත්කල සැබවින්ම මුලින්ම විය යුත්තේ රසිකයාට දැනෙන්නට හදවතට, සිතට ලංවෙන්නට ඉඩ හසර ලබා දීමයි... මෙම කාරණය පද, අර්ථය සංගීතය විසින් ඉටු කරනු ලබනවා...
    ඇත්තටම අපි හිතල බැලුවොතින් පැරණි ගීතයක් අපි රසවිදීමට උත්සාහ කලොත් ගීතය එක කතාවක්, තාලය සංගීතය තවත් කතාවක්, සමස්ථ යටි පෙල තවත් කතාවක් අපිට කියනවා.. මෙන්න මේ දේ රසවිදීමට හුරු කිරීම තමා මේ නූලේ පළමු අරමුණ බවට පත් උනේ..
    අනිත් කාරණය තමා බලන්න ඔය ගීතය හොද වචන ටිකක්, සංස්කෘතයෙන් සහා බුද්ධ ධර්ශණයෙන් සොයාගත් කරුණු ටිකක් දාලා විතරයි... එකින් එක ගත්විට ගීතය මරණවා.... බුද්ධිමතෙක් වෙන්න පුළුවන් ඒත් පද රචකයෙක් වෙන්න බෑනොවැ..

    ඔබ විසින් සදහන් කල ගීතය ගැන මම රසවිදීමෙන් අනතුරුවයි කියන්නෙ.. බලන්න ඔය වීඩියෝව නැතිනම් ඔය ගීතය රස විදින්න තියා මෙලෝ හසරක් ගලපගන්න බෑ නේද..? කියන්න තිබෙන දේ අමු අමුවේම කියලා දැම්මහම රසිකයාට හිතන්න දෙයක් නෑ... කල යුත්තේ රසිකයාට සිය ජීවිතයට හෝ අත්දැකීම් වලට ආරෝපණය කරගෙන සිතිය හැකි ගීත බිහිවීමයි....

    මට හදිස්සියේ ගීත මතක් වෙන්නෙ නෑ... නමුත් පුංචි උදාහරණයක් අද ගීත කලාවෙන්ම දෙන්නම් ඔබට සරලව වටහා ගැනීම සදහා... මෙය 100%ක්ම නිවැරදි නොවෙන්න පුළුවන් හදිස්සියේ ලියන නිසා

    තමාගෙ වේදනාව නිවාගන්න මධු විතට හුරුවන කෙනෙක් ගීතයක මෙහෙම කියනව...

    "බෝතලේ මගෙ බෝතලේ.....
    ඔබ නොවෙදෝ මගෙ පපුවේ ගිනි නිව්වේ කියලා.."

    ඒ අතර තවත් ගීතයක

    "අඩන සිත නිවන මල් පැණි
    නැතිව බැරි හැඩයි"

    ගීත දෙකෙහි එකම කාරණය අමුවෙන් දමා ගැසීම සහ කලාත්මක සුන්දර ලෙසින් ගෙන හැර දක්වන වෙනස පෙනෙනවාද...? ඉඩ ලැබුණු විගස හොද ගීත දෙකකින්ම පහදා දෙන්නම්...

    සමාවෙන්න ඔබ දෙදෙනාගේ සාකච්ඡාවට මැදින් පැනීම ගැන... පොඩි අදහසක් දාන්න හිතුන නිසා ඇවිත් දාල යන්නෙ.. ජයවේවා..!!!
     
    Last edited: