එක් තැනැත්තෙක් තමන්ගේ පවුලේ සාමාජිකයින් එක්ක වාහනේ නුවර ඇවිල්ල අයේ යන ගමන්. මොහු ඉදල තියෙන්නේ වම් පැත්තේ. වාහනේ පදවල තියෙන්නේ ඔහුගේ සහෝදරයෙක්. පරණ පේරාදෙණිය පාරේ දංගොල්ල හන්දිය කියන තැන තියෙන පොලිස් චෙක් පොයින්ට් එකෙන් නවත්වල තියෙනවා නිකන් චෙක් කරන්න. ඒක ඉවරවෙලා වාහනේ ආයේ පාරට දාන්න යනකොටම සහෝදරයා කියල තියෙනවා පොඩි නිදිමතක් එනවා කියල. කොහොමහරි එතනදී ඔවුන් දෙන්නම කතා වෙලා තියෙනවා ඉස්සරහට හම්බවෙන ගැටඹේ පන්සල ගාවදී රියදුරන් මාරුවෙන්න. පන්සල ගාවට එතන ඉදන් තිබිල තියෙන්නේ එක බස් හෝල්ට් එකක දුර. කොහොමහරි පන්සල ගාවට එනකොටම රියදුරුට නින්ද ගිහින් වාහනේ පාරේ අනිත් පැත්තට කැපිලා ඒ පැත්තේ තිබ්බ කොස් ගහක වැදිලා. වැදිලා තියෙන්නේ වම් පැත්ත. රියදුරුට කිසිම හානියක් නැහැ. නමුත් වම් පැත්තේ හිටපු තැනැත්තා මියගියා.
නිදිමත එන්නේ කියල නෙවේ. ක්ෂණිකයකින්. තත්පරේකින්. ඒ හින්දා නිදිමත එනකම් ඉන්න එපා, නිදිමතක් වගේ ආවත් හරි වෙන බයිලා කරන්න එපා. වාහනේ නවත්වල නිදාගන්න.