හිගන්නෙක්ට කීයක් දෙනවද?

damii87

Well-known member
  • Jul 4, 2011
    1,685
    720
    113
    **ලුනු ලේවායේ**
    හිගන්නෙක්ට කීයක් දෙනවද?

    සාමාන්‍යයෙන් හිගන්නෙක් බස් එකකට නැගල හිගමනක් ඉල්ලුවොත් ඉස්සර අපි දෙන්නෙ සත පනහක්, රුපියලක් වගේ බස් එකෙන් ඉතුරුව ලැබිච්ච පොඩි සල්ලි වලින් කොටසක්.:)ඒත් දැන් එහෙම නෑ.10,20 දෙනව කවුරු උනත්.

    අද මම එද්දි හිගන මනුස්සයෙක් දැක්කා.:rofl:මමනම් කලිනුත් දැකල තියනව එ මනුස්සයා හිගාකනව.කියන්න තරම් ලොකු අවුලක් පේන්නෙ නෑ ඒත් පාරෙ ට්‍රැෆික් ලයිට් ළඟ නවත්තන වාහන වලින් හිඟා කනවා:growl:මම දැකපු ප්‍රධානම දේ තමයි ඒ තැන් වලින් හම්බ වෙන්නෙ ලොකු ලොකු ගණන්,හැමෝම වගේ දුන්නෙ රුපියල් 10,20 කොල:confused:.ඒක වාහනේකින් 20 හම්බඋනත් දවසට වාහන 20 කට ගියොත් රු400 ක් හම්බ වෙනවා. මම ඉතින් කල්පනා කරේ අඩුම ගානෙදවසට වාහන 20 කට ගියොත් රු400 ක් මාසෙකට දවස් 30ක් කියල ගත්තොත් අඩුම ගානෙ 12000ක් නේද? :yes::P

    අද කාලෙ දවල්ට ඇවිත් ගෙදර වැඩ කරල දෙන කෙනාටත් දෙන්නෙ රුපියල් 300ක් හරි 350ක් හරි,:yes: ගාමන්ට් එකක වැඩ කරන්න 10000ක් විතර. :angry:එහෙම බලනකොට හිගා කන එකත් නරකම නෑ නේද?:confused::confused:


    එත් ඔය කිසිම දෙයක් පෙනෙන තරම් ලේසිත් නැහැ.:yes: ලාභත් නැහැ.මොකද ඕවට මුදලාලිල ඉන්නවා.:angry: මුදලාලිට උනත් එහෙමයි. මිනිහටත් තව ඉහල තැනකට කප්පං ගෙවන්න තියෙනවා.:angry:




    යනවිට දිනක් හරහා අපි මරදානේ
    රතු දැල්වී වාහනේ නැවතුනානේ
    දිස්වන තුරු බල්බය කොළ පාටින්නේ
    නොකර කතා සැම ඉවසා සිටින්නේ

    වාහනේ නවතා සිටිනා මේ වෙලාවේ
    දෙකට නැමී යාචකයෙකි මේ ආවේ
    "කෑම ටිකක් ගන්නට මට මේ අව්වේ"
    පැවසුවේ ඌ දමමින් අපි මුලාවේ

    රියදුරු අසුන එහා පැත්තෙ සිටි අංකල්
    දෙන්න යමක් සාක්කුවට අත දැමුකල්
    සාක්කුවේ තිබී ඇත්තේ පහකිය රුපියල්
    එය යාචකයා හට දුනි පාමින් හසරැල්

    රුපියක් පහ අතට ගත්තා යාචකයා
    දෙකට නැමී තිබුණු කොන්ද කෙලින් වුනා
    රුපියක් පහක්! මොන හු***ද කියමින්නා
    පහත් අරං බැණ බැණ දැන් මූ යන්නා

    පහත් අරං බැණ බැණ කුණු හරුපෙන්
    මූ යයි දැන් අපේ වාහෙනේ පසුකරමින්
    බැහැලා ගිහින් උගේ හොම්බට අනිමින්
    මට එන්න හිතයි පහත් අරං හනිකෙන්

    කොළ පැහැයත් දැල්වුනේ මේ වෙලාවේ
    වාහනේ සිටි සැම තීරණේකට එලබුණානේ
    ට්‍රැෆික් ලයිට් වලට වාහන නැවතුනාවේ
    එන එකෙකුටවත් රුපියලකුදු දෙන්නෑනේ


    කවිය ඉස්සුවේ මේකෙන්
     

    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    oka adada danne... higannage lokaya kiyala pothak thiyanawa... professor kenek liyapu ekak...

    higannange sangamaye lokkek innawalu.. mun higa kana eken oothath labayak yanawalu... hoyala kiyawala balandako...
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    සහතික ඇත්ත මචන්, මටත් ඕක ගොඩක් හිතිල තියනව.. කෝච්චියක උනත් දැන් මාරු කාසි දෙනව අඩුයි,10 , 20 කොල තමයි දෙන්නේ..
    අනික මචන් දැන් හිගන්නොත් රෙස්පට් එකට හිගාකන්නේ , කාසි දුන්නට ගන්නෙත් නැහැ.. :eek:
     

    damii87

    Well-known member
  • Jul 4, 2011
    1,685
    720
    113
    **ලුනු ලේවායේ**
    සහතික ඇත්ත මචන්, මටත් ඕක ගොඩක් හිතිල තියනව.. කෝච්චියක උනත් දැන් මාරු කාසි දෙනව අඩුයි,10 , 20 කොල තමයි දෙන්නේ..
    අනික මචන් දැන් හිගන්නොත් රෙස්පට් එකට හිගාකන්නේ , කාසි දුන්නට ගන්නෙත් නැහැ.. :eek:

    :yes::yes::yes:
     

    Ravana.

    Member
    Aug 21, 2008
    1,094
    164
    0
    මචන් මම මේ සීන් එක දැක්කේ බොරලැස්ගමුව 119 බස් රූට් එකේදී...

    මචන් මුළු මුණම පිච්චිච්ච මනුස්සයෙක් ඉන්නවා ගෑනිත් එක්ක ඔතන....බස් එක බොරලැස්ගමුව හෝල්ට් එකේ විනාඩි 5ක් 10ක් විතර නවත්තලා තියනවා ඔන්න ඔය වෙලාවෙදි තමයි බස් එකට නගින්නේ....

    මු බැහැලා ගෑනිට දුන්නා සල්ලි ගනන් කරන්න... මමත් හිතෙන් ගනන් කලා.....රු 280ක් තිබ්බා

    1 බස් එකෙන් - 280
    පැයට බස් 10 (අවම) - 2,800
    දවසට පැය 6 (අවම) - 16,800
    මාසෙට - 504,000