මෙතන මේක කරන්න පුළුවන් කියල හිතන අයටයි මම මේ කියන්නේ.
සමහර අය කියල තියෙනවා මේකට ලොකු කාන්දමක් ඕනේ කියලත් 
මෙතන තියෙන ප්‍රශ්නේ ඔය කාන්දම සවි වෙලා තියෙන පොල්ල හෝ බිලි පිත්ත හෝ දෙය ආපහු සවි වෙලා තියෙන්නේ බෝට්ටුවට වීම.
එය පිටතින් සවි උනානම් තමයි බෝට්ටුව කාන්දමට ආකර්ෂණය වෙන්නේ.
හරි උබල හිතයි දැන් කාන්දම කොහේ සවි වෙලා තිබුනත් මොකද කාන්දම කාන්දමක් එක දෙක එකට ඇලෙන්න ඕනෙයි කියල.
මන් සුළු උදාහරණයක් මාර්ගයෙන් උබලට පැහැදිලි කරලා දෙන්නම්.
ගිනි කූරක් හෝ කුඩා ඉරටු කෑල්ලක් අරගෙන මේසයක් උඩට ගෙනල්ල එහි දෙකෙලවරේ එක පැත්තක සාමාන්‍ය කාන්දමකුත්, අනික් කෙලවරේ එයට සාපේක්ෂව බලය වැඩි කාන්දමකුත් සෙලෝ ටේප් යොදා අලවලා, මෙසේ උඩ තිබ්බොත් ඒ දෙක එක පැත්තකට දුවන්න ගනියි ද?
නැහැ නේද?
නමුත් එය ගිනි කුරෙන් ගලවා, අතේ තියන් ලං කරද්දී අනෙක් කාන්දම විකර්ෂණය වෙලා විරුද්ද අතට යනවා හෝ ඇලෙනවා.
පැහැදිලි කරගනින් ඔන්න ඕකෙන් හේතුව.
වතුර කතාවට අදාළ වෙන්නේ ශක්ති හානිය.
බෝලයක් උඩ දැම්මම බම්ප් වෙලා ආපහු ඒ බම්ප් වෙච්ච ප්‍රමානේටම උඩට එනවනම් ඊ ළඟ පාර බිම වැටෙන කොට ඒක ඊටත් වඩා උඩට එනවා.
ආයේ වැටෙද්දී තවත් උඩට බම්ප් වෙනවා. එන්න එන්න බම්ප් වෙලා අහස්ස උසට බම්ප් වෙලා අන්තිමට තවත් උඩ ගිහින් හය්යෙන් බිමට ඇවිල්ල බිමත් හිල් කරන යන සයිස් එකට එනවා. නමුත් එක එහෙම වෙන්නේ නැහැ නේද? ශක්ති හානිය නිසයි ඒ දේ සිද්ද වෙන්නේ. වතුර කතාවටත් අදාළ වෙන්නේ ඔය තියරියයි.
සෝලා පැනල් එකට ඉර එලිය වැටිලා නිපද වෙලා එන එකෙන් සෝලා ලයිට් එකක් දාල එකම සෝලා පැනල් එකට දීල විදුලිය ආපහු නිපදවන්න පුළුවන් උනත් පලවෙනි පාර වගේ විදුලිය ලැබෙන්නේ නෑ දෙවැනි පාර ඊට අඩුයි. ශක්ති හානිය නිසා.
රෝදයක් කරකවලා ඒ රෝදෙට ඩයිනමෝ එකක් සවි කරලා ඒ ඩයිනමෝ එකේ එන කරන්ට් එකෙන් මෝටර් එකකට දීලා ඒ මෝටර් එකෙන්ම ආපහු අර රෝදෙට කරන්ට් එක දීල ආපහු ඒක කරකවෙනකොට ආපහු ඩයිනමෝ එක කරකවන්නත් බැහැ හැමදාම.. ඉන්ෆිනිටි පවර් කියල සෙල්ලමක් දාන්න බැහැ ඔය ක්‍රම වලින්.
පලවෙනි එකටත් හොඳට හේතුව මෙන්න මෙයා මේ පොස්ට් එකේ පැහැදිලි කරලා තියෙනවා.
ලොක්කයිය;18885582 said:
1) මචන් බලයක් මගින් චලිතයක් සිදු වෙන්නනම් ඒක බාහිර බලයක් විය යුතුයි. එකම පද්ධතියක් ඇතුලෙ තියෙන බලයකින් මුලු පද්ධතියම චලනය කරන්න බෑ. හරියට කාර් එකක් ඇතුලෙ වාඩි වෙලා ඩෑෂ් බෝඩ් එක තල්ලු කරාට කාර් එක ඉස්සරහට යන්නෙ නෑ වගේ.
2) ජල විදුලිය හදනව කියන්නෙ ඇත්තටම වෙන්නෙ ජලයෙ තියෙන විභව ශක්තිය චාලක ශක්තියට හරවල ඊට පස්සෙ ඒ චාලක ශතිය විද්යුත් ශක්තියට හරවන එක. ඉතින් මෙහෙම ශක්තිය වෙනස් කරනකොට ඒක 100% ම වෙනස් වෙන්නෙ නැ. උදාහරනයකින් කියනවනම් කන්දක් උඩ තියෙන ජලය ලීටර් එකක විභව ශක්තිය ජූල් 100යි නම් ඒ ජලය ගලාගෙන ඇවිත් ට(ර්)බයින් එක ලඟදි ජලයේ තියෙන චාලකශක්තිය ජූල් 80ක් විතර වෙන්නෙ. ඉතින් ඔය ජූල් 80 විදුලියට හරවනකොට විදුලිය හැදෙන්නෙ ජූල් 60ක් වගේ. ට(ර්)බයින් එකේ ගර්ශනය වගේ දේවල් නිසා තාපය, ශබ්ධය විතියට ශක්තිය හානි වෙනව. ඒ ජූල් 60 විදුත් ශක්තියෙන් මෝටරයක් කරකවල ජූල් 100කට හරියන ජලය ප්‍රමානය(ලීටර් 1) ආපහු කන්ද උඩට අරගෙන යන්න බෑ.
තේරුනාද මන්ද 
මම බෙනා;18885515 said:
පළවෙනි එකේ වගේ වැඩක් මෙහෙම කරන්ඩ බැරිද කියලා මට හිතුනා..
දැන් බන් අර කාන්දමේ fields වල සමාන පැත්ත එකට තිබ්බම ටුක් ගාලා පනිනවනේ..ඉතින් මෝටරයකට ෆෑන් එකක් සෙට් කරලා...කාන්දාම් හයි කරනවා...
කාන්දම් පැති S & N හරිද...S පැත්ත උඩට හිටින්ඩ තමා අලවන්නේ...තවත් කාන්දමක් අරන් අර S පැත්ත ෆෑන් එකේ තටුවලට ඇල්ලුවම ෆෑන් එක කරකවන්ඩ බැරි වෙයිද.. 
ෆෑන් පෙත්ත කැරකිලා ඊළඟ පෙත්තට යන්ඩ හදද්දී මගදී නතර වෙලා ෆෑන් පෙත්තේ නෝත් සවුත් සෙට් වෙලා ආකර්ෂණය වෙන්ඩ ගන්නවා. එතකොට පෙත්ත ඇලෙන්ඩ හිරවෙලා නතර වෙනවා. Fail
(youtube gahapalla infinity power kiyala, oya wage wikaara videos one tharam thiyenawa boruwata hadala daapu minissu rawattanna)