හිනා වෙන්නැතුව උත්තර දෙන්න

Sry.com

Well-known member
  • Sep 5, 2014
    3,476
    927
    113
    localhost
    මෙහෙමයි මචන්,

    එකම පද්දතිය තුල සිද්ද වෙන ප්‍රතික්‍රියා වල බලපැම '0' වෙනව මචන්...

    O/L Or A/L Physics වල ඔව්ව තියෙනව බොලව්...

    මැග්නෙට් දෙකම අන්තිමට සෙට් වෙල තියෙන්නෙ බොට්ටුවටනෙ බන්
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    මෙතන මේක කරන්න පුළුවන් කියල හිතන අයටයි මම මේ කියන්නේ.

    සමහර අය කියල තියෙනවා මේකට ලොකු කාන්දමක් ඕනේ කියලත් :P

    මෙතන තියෙන ප්‍රශ්නේ ඔය කාන්දම සවි වෙලා තියෙන පොල්ල හෝ බිලි පිත්ත හෝ දෙය ආපහු සවි වෙලා තියෙන්නේ බෝට්ටුවට වීම.

    එය පිටතින් සවි උනානම් තමයි බෝට්ටුව කාන්දමට ආකර්ෂණය වෙන්නේ.

    හරි උබල හිතයි දැන් කාන්දම කොහේ සවි වෙලා තිබුනත් මොකද කාන්දම කාන්දමක් එක දෙක එකට ඇලෙන්න ඕනෙයි කියල.

    මන් සුළු උදාහරණයක් මාර්ගයෙන් උබලට පැහැදිලි කරලා දෙන්නම්.

    ගිනි කූරක් හෝ කුඩා ඉරටු කෑල්ලක් අරගෙන මේසයක් උඩට ගෙනල්ල එහි දෙකෙලවරේ එක පැත්තක සාමාන්‍ය කාන්දමකුත්, අනික් කෙලවරේ එයට සාපේක්ෂව බලය වැඩි කාන්දමකුත් සෙලෝ ටේප් යොදා අලවලා, මෙසේ උඩ තිබ්බොත් ඒ දෙක එක පැත්තකට දුවන්න ගනියි ද?
    නැහැ නේද?


    නමුත් එය ගිනි කුරෙන් ගලවා, අතේ තියන් ලං කරද්දී අනෙක් කාන්දම විකර්ෂණය වෙලා විරුද්ද අතට යනවා හෝ ඇලෙනවා.
    පැහැදිලි කරගනින් ඔන්න ඕකෙන් හේතුව. :)


    වතුර කතාවට අදාළ වෙන්නේ ශක්ති හානිය.
    බෝලයක් උඩ දැම්මම බම්ප් වෙලා ආපහු ඒ බම්ප් වෙච්ච ප්‍රමානේටම උඩට එනවනම් ඊ ළඟ පාර බිම වැටෙන කොට ඒක ඊටත් වඩා උඩට එනවා.
    ආයේ වැටෙද්දී තවත් උඩට බම්ප් වෙනවා. එන්න එන්න බම්ප් වෙලා අහස්ස උසට බම්ප් වෙලා අන්තිමට තවත් උඩ ගිහින් හය්යෙන් බිමට ඇවිල්ල බිමත් හිල් කරන යන සයිස් එකට එනවා. නමුත් එක එහෙම වෙන්නේ නැහැ නේද? ශක්ති හානිය නිසයි ඒ දේ සිද්ද වෙන්නේ. වතුර කතාවටත් අදාළ වෙන්නේ ඔය තියරියයි.

    සෝලා පැනල් එකට ඉර එලිය වැටිලා නිපද වෙලා එන එකෙන් සෝලා ලයිට් එකක් දාල එකම සෝලා පැනල් එකට දීල විදුලිය ආපහු නිපදවන්න පුළුවන් උනත් පලවෙනි පාර වගේ විදුලිය ලැබෙන්නේ නෑ දෙවැනි පාර ඊට අඩුයි. ශක්ති හානිය නිසා.

    රෝදයක් කරකවලා ඒ රෝදෙට ඩයිනමෝ එකක් සවි කරලා ඒ ඩයිනමෝ එකේ එන කරන්ට් එකෙන් මෝටර් එකකට දීලා ඒ මෝටර් එකෙන්ම ආපහු අර රෝදෙට කරන්ට් එක දීල ආපහු ඒක කරකවෙනකොට ආපහු ඩයිනමෝ එක කරකවන්නත් බැහැ හැමදාම.. ඉන්ෆිනිටි පවර් කියල සෙල්ලමක් දාන්න බැහැ ඔය ක්‍රම වලින්.

    පලවෙනි එකටත් හොඳට හේතුව මෙන්න මෙයා මේ පොස්ට් එකේ පැහැදිලි කරලා තියෙනවා.

    ලොක්කයිය;18885582 said:
    1) මචන් බලයක් මගින් චලිතයක් සිදු වෙන්නනම් ඒක බාහිර බලයක් විය යුතුයි. එකම පද්ධතියක් ඇතුලෙ තියෙන බලයකින් මුලු පද්ධතියම චලනය කරන්න බෑ. හරියට කාර් එකක් ඇතුලෙ වාඩි වෙලා ඩෑෂ් බෝඩ් එක තල්ලු කරාට කාර් එක ඉස්සරහට යන්නෙ නෑ වගේ.

    2) ජල විදුලිය හදනව කියන්නෙ ඇත්තටම වෙන්නෙ ජලයෙ තියෙන විභව ශක්තිය චාලක ශක්තියට හරවල ඊට පස්සෙ ඒ චාලක ශතිය විද්යුත් ශක්තියට හරවන එක. ඉතින් මෙහෙම ශක්තිය වෙනස් කරනකොට ඒක 100% ම වෙනස් වෙන්නෙ නැ. උදාහරනයකින් කියනවනම් කන්දක් උඩ තියෙන ජලය ලීටර් එකක විභව ශක්තිය ජූල් 100යි නම් ඒ ජලය ගලාගෙන ඇවිත් ට(ර්)බයින් එක ලඟදි ජලයේ තියෙන චාලකශක්තිය ජූල් 80ක් විතර වෙන්නෙ. ඉතින් ඔය ජූල් 80 විදුලියට හරවනකොට විදුලිය හැදෙන්නෙ ජූල් 60ක් වගේ. ට(ර්)බයින් එකේ ගර්ශනය වගේ දේවල් නිසා තාපය, ශබ්ධය විතියට ශක්තිය හානි වෙනව. ඒ ජූල් 60 විදුත් ශක්තියෙන් මෝටරයක් කරකවල ජූල් 100කට හරියන ජලය ප්‍රමානය(ලීටර් 1) ආපහු කන්ද උඩට අරගෙන යන්න බෑ.

    තේරුනාද මන්ද :eek:

    මම බෙනා;18885515 said:
    පළවෙනි එකේ වගේ වැඩක් මෙහෙම කරන්ඩ බැරිද කියලා මට හිතුනා..

    දැන් බන් අර කාන්දමේ fields වල සමාන පැත්ත එකට තිබ්බම ‍ටුක් ගාලා පනිනවනේ..ඉතින් මෝටරයකට ෆෑන් එකක් සෙට් කරලා...කාන්දාම් හයි කරනවා...

    කාන්දම් පැති S & N හරිද...S පැත්ත උඩට හිටින්ඩ තමා අලවන්නේ...තවත් කාන්දමක් අරන් අර S පැත්ත ෆෑන් එකේ ත‍ටුවලට ඇල්ලුවම ෆෑන් එක කරකවන්ඩ බැරි වෙයිද.. :baffled:

    250px-VFPt_cylindrical_magnet_thumb.svg.png

    Z




    ෆෑන් පෙත්ත කැරකිලා ඊළඟ පෙත්තට යන්ඩ හදද්දී මගදී නතර වෙලා ෆෑන් පෙත්තේ නෝත් සවුත් සෙට් වෙලා ආකර්ෂණය වෙන්ඩ ගන්නවා. එතකොට පෙත්ත ඇලෙන්ඩ හිරවෙලා නතර වෙනවා. Fail

    (youtube gahapalla infinity power kiyala, oya wage wikaara videos one tharam thiyenawa boruwata hadala daapu minissu rawattanna)
     
    Last edited:

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,878
    1,328
    113
    රෝදයක් කරකවලා ඒ රෝදෙට ඩයිනමෝ එකක් සවි කරලා ඒ ඩයිනමෝ එකේ එන කරන්ට් එකෙන් මෝටර් එකකට දීලා ඒ මෝටර් එකෙන්ම ආපහු අර රෝදෙට කරන්ට් එක දීල ආපහු ඒක කරකවෙනකොට ආපහු ඩයිනමෝ එක කරකවන්නත් බැහැ හැමදාම.

    හැමදාම බෑ නමුත් ටික කාලයකට හරි petrol ගහන්නැතිව වාහනය දුවන්න පුළුවන් , ඒකයි අපි එතැන බලන්න ඕනේ :)
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    හැමදාම බෑ නමුත් ටික කාලයකට හරි petrol ගහන්නැතිව වාහනය දුවන්න පුළුවන් , ඒකයි අපි එතැන බලන්න ඕනේ :)
    මචං ශක්ති සංස්තිථිය කියලා දෙයක් ගැන අහලා තියනවද?
    ඔය බයිසිකල් ඩයිනමෝව කරකවන්නත් අපි අමතර කාර්යයක් කරන්න ඕනෙ. ;)
     

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,878
    1,328
    113
    පැටියා;18886618 said:
    මචං ශක්ති සංස්තිථිය කියලා දෙයක් ගැන අහලා තියනවද?
    ඔය බයිසිකල් ඩයිනමෝව කරකවන්නත් අපි අමතර කාර්යයක් කරන්න ඕනෙ. ;)

    conservation of energy නේ ? ඒත් මගේ අදහස මෙහෙම දෙයක්.

    petrol ලීටර් 30 ක 100000 J තියෙනවා කියල හිතමු. අපි කාර් එකේ රෝද වලට magnet එකක් හයි කරලා වාහනේට coil එකක් හයි කලොත් රෝද කැරකෙන වාරයක් ගානේ අර magnet එකේ magnetic fluxes අර coil එකේ කැපිලා අර coil එකේ විදුලිය නිපදවෙනවා . coil එකේ terminals දෙක අපි සම්බන්ධ කරනවා battery එකකට. දැන් අපි වාහනේ චාලක ශක්තිය විදුලි බල ශක්තියකට පරිවර්තනය කරලා බැටෙරියකුත් charge කර ගත්තා . හැබැයි ඒ බැටරියේ ගබඩා කරගත්ත ශක්තිය 100000 J වෙන්නේ නම් නෑ කවදාවත්, ඕනේ නම් 30000 J වෙන්නත් පුළුවන් . ඒත් අපි අපේ car එකේ කැරකෙන රෝද වලින් යම් කිසි ප්‍රයෝජනයක් ගත්තා නේද :)
     
    Last edited:
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    conservation of energy නේ ? ඒත් මගේ අදහස මෙහෙම දෙයක්.

    petrol ලීටර් 30 ක 100000 J තියෙනවා කියල හිතමු. අපි කාර් එකේ රෝද වලට magnet එකක් හයි කරලා වාහනේට coil එකක් හයි කලොත් රෝද කැරකෙන වාරයක් ගානේ අර magnet එකේ magnetic fluxes අර coil එකේ කැපිලා අර coil එකේ විදුලිය නිපදවෙනවා . ඒ විදුලිය අපි යවනවා battery එකකට. දැන් අපි වාහනේ චාලක ශක්තිය විදුලි බල ශක්තියකට පරිවර්තනය කරලා බැටෙරියකුත් charge කර ගත්තා . ඒ බැටරියේ ගබඩා කරගත්ත ශක්තිය ඕනේ නම් 30000 J වෙන්නත් පුළුවන් . ඒත් අපි අපේ car එකේ කැරකෙන රෝද වලින් යම් කිසි ප්‍රයෝජනයක් ගත්තා නේද :)
    ඔය magnetic Flux කැපිලා විදුලිය නිෂ්වාදනය වෙන්නත් ඉන්ධන වැය වෙනවා බං. ඔය ඇටවුම නැතුව ලීටර් 30න් කිලෝමීටර් 100ක් දුවපු කාර් එක ඔය ඇටවුම සෙට් කලාම කිලෝ මීටර් 90ක් දුවයි. ඉතුරු කිලෝමීටර් 10 අර බැටරිය චාජ් කරපු එකෙන් දුවන්න පුලුවන් වෙයි ඒ ඇටවුමේ Efficiency එක 100% නම්. :)

    ඔය කේස් එක දිහා ඔහොම නෙවෙයි බලන්න ඕනෙ.

    Turbo charger එකකින් system එකේ Efficiency එක වැඩි කරනවා Exhaust gas එක විදියට අපතේ යන ශක්තියෙන් Inlet Air compress කරලා.

    වාහන වල Hybrid system වල බ්‍රේක් ඇප්ලයි කරද්දි තාපය විදියට අපතේ ගිය ශක්තිය විදුලියට පරිවර්ථනය කරලා ප්‍රයෝජනයට ගන්නවා. ඔය හැම එකකම වෙන්නෙ Efficiency එක වැඩි කිරිල්ල මිසක් ශක්තිය ජනනය කිරිල්ලක් නෙවෙයි.

    ප්‍රායා්ගිකව කල හැක්කේ එපමනයි මගෙ දැනීමේ හැටියට ;)
     
    Last edited:

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    ඔන්න මම හිනා වෙන්නේ නැහැ

    කොච්චියේ කන්දම් කොහොමත් බැහැ පිලි යකඩ ගොඩවල්

    ඔය මුකුත් ඔන නැහැ ප්‍රති විරුද්ධ කන්දම් දෙකක් පොඩි පතුරු කැල්ල සෙට් කරලා ලිස්සන තැනක තියන්න යන්නේ නැහැ

    ඇයි නොයන්නේ ?

    ඒ දෙකම පිහිටලා තියෙන්නෙ එකම තරලයක නිසා
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    ඔන්න මම හිනා වෙන්නේ නැහැ

    කොච්චියේ කන්දම් කොහොමත් බැහැ පිලි යකඩ ගොඩවල්

    ඔය මුකුත් ඔන නැහැ ප්‍රති විරුද්ධ කන්දම් දෙකක් පොඩි පතුරු කැල්ල සෙට් කරලා ලිස්සන තැනක තියන්න යන්නේ නැහැ

    ඇයි නොයන්නේ ?

    ඒ දෙකම පිහිටලා තියෙන්නෙ එකම තරලයක නිසා


    අනේ යකෝ ග්‍රීස් කියලා දෙයක් මේ ලෝකේ තියෙනවා කියලා අහලා තියෙනවද ...? ග්‍රීස් ටිකක් ගෑවම සට සට ගාලා යනවා....:frown:
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    conservation of energy නේ ? ඒත් මගේ අදහස මෙහෙම දෙයක්.

    petrol ලීටර් 30 ක 100000 J තියෙනවා කියල හිතමු. අපි කාර් එකේ රෝද වලට magnet එකක් හයි කරලා වාහනේට coil එකක් හයි කලොත් රෝද කැරකෙන වාරයක් ගානේ අර magnet එකේ magnetic fluxes අර coil එකේ කැපිලා අර coil එකේ විදුලිය නිපදවෙනවා . coil එකේ terminals දෙක අපි සම්බන්ධ කරනවා battery එකකට. දැන් අපි වාහනේ චාලක ශක්තිය විදුලි බල ශක්තියකට පරිවර්තනය කරලා බැටෙරියකුත් charge කර ගත්තා . හැබැයි ඒ බැටරියේ ගබඩා කරගත්ත ශක්තිය 100000 J වෙන්නේ නම් නෑ කවදාවත්, ඕනේ නම් 30000 J වෙන්නත් පුළුවන් . ඒත් අපි අපේ car එකේ කැරකෙන රෝද වලින් යම් කිසි ප්‍රයෝජනයක් ගත්තා නේද :)


    මට තේරෙනවා බන් උඹ කියන දේ.. උඹට ඕනේ අහක යන ශක්තිය ටිකක් හරි නැවත ප්‍රයෝජනයට ගන්න ... එහෙම බලද්දී උඹ හරි.. :)
     

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,878
    1,328
    113

    දැන් ඔය ඩයිනමොවේ වයර් දෙක නිකන්ම නිකම් කිසිම ලෝඩ් එකක් නැතුව තියෙනවා කියමු... අන්න එතකොට මට මගේ තනි අතින් ඩයිනමොවේ ආමේචර් එක කරකවන්න පුළුවන්.. හරිම නිදහසේ කැරෙකනවා ...

    ලෝඩ් එක වැඩි වෙන්න වෙන්න ඩයිනමෝව බදනවා...

    1) මෙහෙම හිතමු ...දැන් තමන්ම magnet එකක් අරගෙන ලොකු coil එකක් වටේ තමන්ගේ අත කරකවනවා. හැබැයි ඒ coil එකේ load එකක් හයි කරලා නෑ.

    2) හැබැයි කවුරුහරි කෙනෙක් ඇවිල්ලා එකපාරම ඒ terminals වලට 100W bulb එකක් හයි කලොත් ඔයාට අත කරකවන්න අමාරු ගතියක් දැනෙනවා කියලද කියන්නේ?
     
    Last edited:

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,878
    1,328
    113
    මට තේරෙනවා බන් උඹ කියන දේ.. උඹට ඕනේ අහක යන ශක්තිය ටිකක් හරි නැවත ප්‍රයෝජනයට ගන්න ... එහෙම බලද්දී උඹ හරි.. :)

    මේ පැටිය කියල තියෙන දේ ගැන මොනවද හිතන්නේ?

    පැටියා;18886688 said:
    ඔය magnetic Flux කැපිලා විදුලිය නිෂ්වාදනය වෙන්නත් ඉන්ධන වැය වෙනවා බං. ඔය ඇටවුම නැතුව ලීටර් 30න් කිලෝමීටර් 100ක් දුවපු කාර් එක ඔය ඇටවුම සෙට් කලාම කිලෝ මීටර් 90ක් දුවයි. ඉතුරු කිලෝමීටර් 10 අර බැටරිය චාජ් කරපු එකෙන් දුවන්න පුලුවන් වෙයි ඒ ඇටවුමේ Efficiency එක 100% නම්. :)
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    1) මෙහෙම හිතමු ...දැන් තමන්ම magnet එකක් අරගෙන ලොකු coil එකක් වටේ තමන්ගේ අත කරකවනවා. හැබැයි ඒ coil එකේ load එකක් හයි කරලා නෑ.

    2) හැබැයි කවුරුහරි කෙනෙක් ඇවිල්ලා එකපාරම ඒ terminals වලට 100W bulb එකක් හයි කලොත් ඔයාට අත කරකවන්න අමාරු ගතියක් දැනෙනවා කියලද කියන්නේ?


    ඔව්... :)
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    HTML:
     Originally Posted by පැටියා [IMG]http://www.elakiri.com/forum/images/bluesaint/buttons/viewpost.gif[/IMG]  ඔය magnetic Flux කැපිලා විදුලිය නිෂ්වාදනය  වෙන්නත් ඉන්ධන වැය වෙනවා බං. ඔය ඇටවුම නැතුව ලීටර් 30න් කිලෝමීටර් 100ක්  දුවපු කාර් එක ඔය ඇටවුම සෙට් කලාම කිලෝ මීටර් 90ක් දුවයි. ඉතුරු කිලෝමීටර්  10 අර බැටරිය චාජ් කරපු එකෙන් දුවන්න පුලුවන් වෙයි ඒ ඇටවුමේ Efficiency එක  100% නම්. :)
                 [IMG]http://www.elakiri.com/forum/images/bluesaint/buttons/quote.gif[/IMG]


    මේ පැටිය කියල තියෙන දේ ගැන මොනවද හිතන්නේ?

    රුවන් ඔයාට ඕනේ අහක යන ශක්තිය ටිකක් හරි ඉතුරු කර ගන්න නම් ඒ වැඩේ කරන්න පුළුවන් එකම තැන වාහනේ බ්‍රේක් කරද්දී බ්‍රේක් ඩ්‍රම් වල ඝර්ෂණයෙන් හානි වෙලා යාමට නියමිත ශක්තිය ඔල්ටර්නේටර් එකක් මගින් නැවත විදුලිය බවට හැරවීම විතරයි...

    එහෙම නැතුව තව තව කෑලි බෑලි එල්ලන්න එල්ලන්න වෙන්නේ වාහනේ බර තව තව වැඩි වෙලා ඒවා උස්සන් යන්නත් වාහනේ පෙට්‍රෝල් වැය වීම...


    කෙසේ නමුත් ඔයා මේ ගැන දක්වන උනන්දුවට මම කැමති නිසයි


    Code:
     Originally Posted by [B]silentsahan[/B] [URL="http://www.elakiri.com/forum/showthread.php?p=18886795#post18886795"][IMG]http://www.elakiri.com/forum/images/bluesaint/buttons/viewpost.gif[/IMG][/URL] 
     [I]මට තේරෙනවා බන් උඹ කියන දේ.. උඹට ඕනේ අහක යන ශක්තිය ටිකක් හරි නැවත ප්‍රයෝජනයට ගන්න ... එහෙම බලද්දී උඹ හරි.. :)[/I]

    ඔය වගේ කමෙන්ට් එකක් දැම්මේ... කොහොම හරි මේ ලෝකේ අලුතෙන් ශක්තිය මැවීම හරි, ෆ්‍රී එනර්ජි හරි කියලා දෙයක් නැහැ....:(