හෝ ගානා පොකුණ බලල මට ඇති වුන ප්‍රශ්න

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    තුන් වේලවත් හරියට කන්න නැති.....කඩමලු අදින......කොච්චර ආස වුනත් ඉස්කොලේ යන්න වරම් නැති පුංචි පැටව් ඕනෑ තරම් ඉන්නවා...මේ රටේ...:angry:තමන් ඉන්න ගමෙන් පිට ලෝකයක් ගැන අල්ප මාත්‍රයක්වත් නොදන්න වැඩිහිටියෝත් නැතුවාම නෙමෙයි...රටක් මොන තරම් සංවර්ධනය වුනා කිව්වත් සංවර්ධනයේ ප්‍රතිලාභ ගම් වලට යන්නෙත් දේශපාලන හේතුකාරණා මත....ඒ අතින් බලන කොට හෝ ගාණ පොකුණ චිත්‍රපටියට පසුබිම් වෙච්ච පුද්ගල චරිත මන:කල්පිත චරිත නෙමෙයි....මේ රටේ බොහෝ දෙනෙක්ගේ ඇස නොගැටුනු හද්ද පිටිසර ජිවත්වෙන මිනිස්සු ගැන.....
    :P:rofl:හොදම කාරණේ පහුගිය දවස ඥාණසාර හාමුරුවෝත් ඔය චිත්‍රපටියේ මොකක්දෝ සිද්ධියක් බෞද්ධ ආගමට මොකක්දෝ කරා කියලා පොලෝසියේ පැමිණිල්ලකුත් කොරා කියන එකනේ.....:shocked::shocked::yes::rolleyes:

    ඒ අර වැලි මිටක් අරන් බුදුහාමුදුරුවෝ විශ්වය ගැන දන්නේ මෙච්චරයි කියපු එකට නේ මම අහලා තියෙන විදියට ඔහොම අවස්තාවක් තියෙන්නේ බුදු හාමුදුරුවෝ බමුණෙක්ට කියනවා බුදුහාදුරුවෝ දන්න දේවල් වලින් දේශනා කරලා තියෙන්නේ ‍වැලි ගොඩකින් ගත් වැලි මිටකට සමාන කරලා .
     

    Conti

    Active member
  • Jan 22, 2011
    296
    35
    28
    හෝ ගාන පොකුණ බැලුවේ ඩිවිඩි ආවට පස්සේ ඇත්තටම ලංකාවේ මේ විදියට මුහුද දැකපු නැති ලමයි ඉන්නවද? අනික මුලු ගමේම මුහුද දැකපු අය ඉන්නෙත් ගොඩක් අතලොස්සයි අනිත් ප්‍රශ්නය මුහුද පින්තුරයක් මුලු ගමේම නැති විම පත්තරයකින් වත් මුහුදක් දැකපු නැති වෙන්න තරම් සන්නිවේදනය ලංකාවේ දුර්වලද? අනික ටිවි එහෙම නැති ගෙයක් නෑ අද කාලේ ඉතින් යතාර්තයට ගොඩක් බැහැරයි එහෙම ගමක් තියෙන්න විදියක් නෑ අනික මේ චිත්‍රපටය යන විදියට මේ අය ඉන්නේ උතුරු මැද පලාතේ වෙන්න ඔනේ එහෙම නම් මුහුද බලන්න කොලබම එන්න ඔනේද?අනික ඉස්කෝලේ ටිචර්ට බර වාහන ලයිසන් එකක් තිබිම එකත් ටිකක් සත්‍යයෙන් බැහැරයි ඇයි ගොඩක් කාන්තාවෝ ගාව තියෙන්නේ සැහැල්ලු වාහන ලයිසන් ගුරුවරියකුට බර වාහාන ලයිසන් ගන්න උවමනාවක් තියෙනවද?ඔය මොනව කිව්වත් මේක ලංකාවේ වැඩියෙන්ම අදායම් ලබපු චිත්‍රිපටියක් කියලත් මතක් කරන්න ඔනේ අනින රගපාන අයත් ගොඩක් හොද රංගනයක නිරත වෙනවා.
    ෆිල්ම් එකක් කියන්නේ මොකක්ක්ද ? ප්‍රභන්ධයක් . ප්‍රභන්ධයක් හදනකොට තාර්කික දේවල් ගැන හිතන්නේ නැහැ. එතකොට ෆිල්ම් එක නිව්ස් එකක් වගේ වෙනවා. මේ ෆිල්ම් එක කිසිම වැදගත් දෙයක් නෙවෙයි. පොඩි ළමයින්ව රවට්ටලා ගානක් හොයා ගන්නවා .. ඒ වගේම පොඩි ළමයිගේ ඔලුවක් තියෙන ලොකු ළමයි ගිහින් මේක බලල යථාර්ථයේ සම්බන්ධයක් ගැන කතා කරනවා.එළියේ දුක් විදින ළමයි ගැනමොහොතක් සිහිපත් කරනවා ..එත් ඊට පස්සෙත් හැමදේම ඒ විදිහටම තියෙනවා.තව ෆිල්ම් එකක් හැදෙනකම් ...ඇත්තටම ෆිල්ම් ඒක හරහා අපිට දකින්න පුළුවන් යථාර්තය තමා ඒක..
     
    Last edited:

    lcrstudio

    Well-known member
  • May 10, 2008
    2,125
    525
    113
    Colombo
    සොහොන;20520076 said:
    ළමයින්ට ට්‍රිප් එක යන්න සල්ලි දෙමව්පියන්ට දෙන්නේ ප්ර්න්සිපල් කාරයා

    එකත් ළමයි හම්බ කරපුවා :P

    දෙමව්පියන්ට තමුන්ගේ ළමයාටත් කන්න බොන්න දෙන්නේ බොහොම අමාරුවෙන්

    ඒ අවු අස්සට උන් කොහොමද ළමයි එක්ක ටිරිප් යන්නේ

    කොහොමද උන්ට ළමයිට දෙන්නවත් සල්ලි නැතුව උන්ගේ වියදම් බාලාගන්නේ

    ඔන්න col 7 ඉස්කෝලයක් වුනා නම් වෙනම බස් එකක් අරන් දෙමව්පියෝ එන්න ගියා

    එත් මේකෙන් දෙමව්පියෝ පිටිපස්සෙන් එන්න ඕනේ කියන වුන් නම් :rofl:
    එතකොට පිනා :rofl:
    මචන් කෑම බීම මොනා හරි කියමුකෝ.. එක අම්මා කෙනෙක් , තාත්තා කෙනෙක් නැතුව ගියේ ඇයි... අඩුම ගානේ විදුහල්පති? එදා මනුස්සයට එන්න තිබුණනේ...
    ළමයි 18ක් දාගෙන ඩ්‍රයිවර් කෙනෙක් කොහොමද යන්නේ.. ළමයි අතුත් එලියට දාගෙන යනවා දැක්කා නේද?:nerd:



    (මේ ආතල් එකට යන සංවාදයක් මිස , පුල් සීරීයස් ලෙස චිත්‍රපටය විචාරය කිරීමක් නොවේ) :rofl: