෴ එලකිරි ගුප්ත ගවේශකයෝ ෴

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
ඒ වගේම මාර බලයක් තියෙනවා පිරිත්වල.. යක්කු පෙරේතයෝ පිරිත් කියන තැනක පැත්ත පළාතක ඉන්නේ නෑලු.. සමහරැ පිරිත් කියලා ඊට පහුවෙනිදා මළගිය ප්‍රාණකාරයන්ට පින් අනුමෝදන් කරලා දානෙ දෙනවා නේ.. ඒක කිසිම වැඩක් නෑ අහලා තියෙන විදියට නම්.. මොකද කලින් දවසේ පිරිත් කියපු නිසා පින් ගන්න බලන් ඉන්න අය සේරම යන්න යනවලු.. උන් ආයේ එන්නේ හෙන තරහක් තියාගෙනලු. ඒ නිසා හරි ක්‍රමය නම් දානෙ දීලා පින් අනුමෝදන් කරලා පස්සේ පිරිත් කියන එක කියලයි ගොඩක් අය කියන්නේ..

පිරිත් වලින් යක්කු ප්‍රේරේතයෝ එළවන්නේ නෑ, ඒ වලින් කරන්නේ සැමට සෙත් පතන එකයි, කරණීය මෙත්ත සුත්‍රය ගත්තම ,ඒකේ තියෙනවා "සබ්බෙ සත්තා භවන්තු සුඛිතත්තා" ඒ කියන්නේ සැමට සෙත් පතන එකයි. මේවලින් වෙන්නේ නරක ප්‍රේතයන්ට හොද සිත් පහළ වෙන එකයි.
 

gangst3r.93

Member
Sep 24, 2010
11,663
655
0
ගම්පහ
අඩෝ මට හොල්මන් හීනෙන් පේනවනේ...:sorry:
ගෑනු හොල්මන් දෙකක් මම දැකල තියෙනවා හීනෙන්..
එකියක් පිච්චිච ගෑනියෙක්...අනිත් එකී පාරාක ඉන්න ගෑනියක්,
මන් හොල්මන් ගැන හිතල නෙවෙයි නිදියන්නේ.ඒත් උන්ව ඇයි පෙන්නේ මට:eek:
පොඩ්ඩක් ඩිම් උනාම ඉතිපිසෝ ගාථාව කියනවා,එතකොටනම් හීන පෙන්නේ නෑ:yes:
 

welu_sumana

Well-known member
  • Jul 17, 2012
    1,242
    96
    48
    පිරිත් වලින් යක්කු ප්‍රේරේතයෝ එළවන්නේ නෑ, ඒ වලින් කරන්නේ සැමට සෙත් පතන එකයි, කරණීය මෙත්ත සුත්‍රය ගත්තම ,ඒකේ තියෙනවා "සබ්බෙ සත්තා භවන්තු සුඛිතත්තා" ඒ කියන්නේ සැමට සෙත් පතන එකයි. මේවලින් වෙන්නේ නරක ප්‍රේතයන්ට හොද සිත් පහළ වෙන එකයි.

    සත්‍ය ගුණ සමුදායක්, භක්තියෙන්, අධිෂ්ඨානපූර්වකව සිහිපත් කිරීමෙන් ලබන්නා වූ ඉමහත් ආශිර්වාදාත්මක දෙසුමකි පිරිත. ඉතාමත් සුමිහිරි වදන් තුළින් සිතට ලැබෙන සිසිල අනන්තය. අප්‍රමාණය. ජය ශ්‍රී මහා සමිඳු අසල සිටින විට ඔබේ ගතට හා සිතට දැනෙන සුවය වචනයෙන් විස්තර කළ නොහැකි ය. ඔබ පරිත්‍රාණ දේශනාවකට සවන් දෙන විටත්, හඬනඟා පිරිත් සූත්‍ර කියන විටත් ඔබේ මනසට කෙතරම් සුවයක් ගෙනදේද? දිනපතා පිරිත් කීමෙන් ලැබෙන සතුට හා වින්දනය, ඒ දිනය පුරා ඔබට ප්‍රබෝධවත්ව සිටීමට හේතුකාරක වේ.

    බුදුන් වහන්සේ ශ්‍රී පාදයට වැඩම කළ අවස්ථාවේ දිවාගුහාවේ සිට දේශනා කරන ලද පිරිත් සජ්ඣායනය අදත් ඇසෙන බව මම අසා ඇත්තෙමි.
    බෞද්ධයන්ට පිරිත් පොත හා ජාතක පොත තරම් උතුම් පොත් දෙකක් තවත් නොමැත. එමනිසා, ඒවා හඳුන්වන්නේ පිරිත් පොත් වහන්සේ, ජාතක පොත් වහන්සේ වශයෙනි.

    පිරිත් පොතේ ඇති ප්‍රධාන අන්තර්ගතය සතර බණවර ලෙස හැඳින්වේ.

    පළමු බණවරට – සරණාගමනය, දස සික්ඛා, සාමනේර පඤ්හා, ද්වස්තිථියාකාර, පච්චවෙක්ඛනා, දසධම්ම, මංගල, රතන හා කරණීය තුන් සූත්‍ර, මිත්තානිසංස, ඛන්ධ, මෙත්ත, මෝර, චන්ද, සූර්ය, ධජග්ග, ඇතුළත් වෙයි.
    බොජ්ඣංග, ගිරිමානන්ද, ඉසිගිලි මහා කස්සප ථෙර බොජ්ඣංග, මහා මොග්ගල්ලාන ථෙර බොජ්ඣංග, මහා චුන්දථෙර බොජ්ඣංග, පරිත්ත දෙවන බණවරයි.
    තුන්වන හා හතරවන බණවර දෙක ආටානාටිය සූත්‍රයේ සජ්ඣායනය වේ.

    මේවාට අමතරව, සූත්‍ර 7 ක් ඇත. ඒවා සූත්‍ර දේශනා ලෙස හැඳින්වේ. ධම්මචක්කය, මහාසමය, ආලවක, පරාභව, අග්ගිභාරද්වාජ, සච්චිවිභංග යයි.
    පසු කලෙකදී පිරුවානා පොත් වහන්සේ සතර බණවරට පමණක් සීමා නොවිණ. දෛනික අවශ්‍යතාවයන් සඳහා ජය පිරිත, ගිහිපිරිත, සීවලී පිරිත සජ්ඣායනා කිරීම ද සිදුවිය.

    පිරිත් සූත්‍ර දේශනා අතුරින් ප්‍රධාන සූත්‍ර පහකි. එනම්,
    1. රතන, 2. චන්ද, 3. ධජග්ග, 4. මෝර, 5. ආටානාටිය

    පිරිත් පොත බණවර නමින් කොටස් 4 කට බෙදා ඇත.
    පළමුවන බණවර අවසන් වන්නේ ධජග්ග සූත්‍රයෙනි. දේවාරාධනය, නමස්කාරය, ජයමංගල ගාථා, මංගල රතන, කරණීයමෙත්ත, ධම්මචක්ක, බොජ්ඣංග, මහා මොග්ගල්ලාන ථෙර බොජ්ක්‍ධංග ධජග්ගයට පෙර දක්නට ලැබෙන සූත්‍රයන් ය.

    දෙවැන්න අවසන් වන්නේ ඉසිගිලි සූත්‍රයෙන් ය.
    තෙවැන්න අවසන්වන්නේ ආටානාටිය සූත්‍රයේ මුල් කොටසින් ය. සිව්වැන්න නිමවන්නේ ආටානාටිය සූත්‍රයේ අවසන් කොටසින් ය.

    චතුබාණවරපාලියට අයත් සූත්‍ර දේශනා ලබාගෙන ඇත්තේ නිකායවලින් ය. ඒවා නම් බුද්දක (12) අංගුත්තර (05) සංයුත්ත (08) දීඝ (02) මජ්ඣිම (02) වශයෙන් ය.

    තෙරුවන් සරණයාම ප්‍රථමයෙන් ඉටුකිරීම, පිරිත්වලට පමණක් නොව, සියලුම බොදු වත්පිළිවෙත්වලදී පොදු ය. පිරිත් දේශනා “සරණාගමන” යාමෙන් ඇරැඹේ. මින් අදහස් කරන්නේ බුදුන් දහම්, සඟුන් සරණයාමයි. එයින් තමන් හට ආරක්‍ෂාව ලැබේ. චතුභාණා වරපාලියේ අඩංගු සූත්‍රයන්ගේ ආරම්භවන්නේ එපරිද්දෙනි. දෙවැන්න “දශසිඛ” නම් වේ. ශික්‍ෂා පද දහයකි.
    මෙහිදී පිරිත් සූත්‍රයන්ගේ ආනිසංස දක්වන මිලින්ද ප්‍රශ්නයේ කොටසක් මෙහි දක්වමි.

    “කරන ලද පිරිත් ආරක්‍ෂාව ඇති පුරුෂයා, නාගයා දෂ්ඨ නො කරන්නේ ය. මුඛය පියාගන්නේ ය. සොරුන් විසින් තලන්නට ගත් මුගුරු පවා නො පැමිණෙන්නේ ය. ඒ සොරු, මුගුරු දමා ළඟට අවුත් ප‍්‍රියවන්නේ ය. කුපිත වූ හස්තිරාජ තෙම ළඟට දිව අවුත් වලකින්නේ ය. දිලිසෙන මහා අග්නිද ඛන්දය ළඟට පැමිණ නිවෙන්නේ ය. අනුභව කළ විෂ පවා අමෘත බෙහෙත් වන්නේ ය”

    පිරිත පිළිබඳ මනා අවබෝධයක් ලබාගැනීම වැදගත් ය. ඒ මඟින් පිරිතේ අනුභාවය හා ආරක්‍ෂාව ලැබේ. සිංහල බෞද්ධයා තුළ පිරිත පිළිබඳ ඇත්තේ අසීමිත ගෞරවයකි. පිරිතේ ආශිර්වාදයෙන් ලොව බිහිවූ එකම ජාතිය සිංහල ජාතියයි. විජයාවතරණයෙන් පිරිත් නූලෙන් ලද ආශිර්වාදය කියැවෙයි. හෙල රජ දරුවන්, පිරිත ජාතියටම ආශිර්වාදයක් කරගත්තේ ය. රුවන්මැලි මහාසෑයේ ධාතූන් නිදන් කරන විටදී, මහා සංඝරත්නය මුළු රෑ පිරිත් ධර්මය දේශනා කළහ.
    මිනිසාගේ එලොව මෙලොව යහපතට හේතුවන දේ, කරුණු මංගල නම් වේ. එවැනි මංගල කරුණු 38 ක් මංගල සූත්‍රයේ ඇතුළත් ය. අපගේ ජීවිතය සාර්ථක කරගැනීමට මෙම මංගල කරුණු බලපාන බව අමුතුවෙන් නොකිව යුතු මනාය. මහා මංගල සූත්‍රයේ සඳහන් වන්නේ තමන්ගේ දිවිය සාර්ථක කරගැන්මට වැදගත් වන සුභවාදී කරුණු නොහොත් මංගල කරුණු ය. මෙය ගිහියන්ගේ ජීවිතය සාර්ථක කර ගැනීමට වැදගත් ය.

    පෙර විසාලා මහනුවර වැසි නොවැසීමෙන් දුර්භික්‍ෂයක් ඇති විය. ආහාර හිඟවීමෙන් බොහෝ දෙනා මළහ. රෝග, අමනුෂ්‍ය, දුර්භික්‍ෂය දුරුකිරීමට අනඳ හිමියෝ බුදුන්ගේ පාත්‍රයෙන් පිරිත් පැන් විසාලා නුවර ඉසූ බව සඳහන් වේ.
    විශේෂවයන්ම ආටානාටි පිරිත, ඉසිගිලිය පිරිත, ධජග්ග පිරිත, බොජ්ජංගපිරිත, ඛන්ධපිරිත, මොරපරිත්තය, රතනපරිත්තය, මෙත්තපරිත්තය ආදී පිරිත් දේශනා කෝටි ලක්ෂයක් සක්වලයන්ට ආශිර්වාදයක් වූ බව සදහන් වේ. බොජ්ජංග පිරිත රෝග සුව කිරීමට දේශනා කල පරිත්ත රත්නයක් වේ. බුදුරජාණන් වහන්සේ පවා වරක් ශරීරයේ ඇතිවූ රෝගයන් දුරුකරවීමට මේ පිරිත භික්ෂූන් වහන්සේලා ලවා දේශනා කරවා ගත් බව සදහන් වේ.

    බෞද්ධයන් අතර ඉමහත් ගෞරවයට පාත්‍ර වූ පොත් වශයෙන් පන්සිය පනස් ජාතක පොත, පිරිත් පොත හා ධම්මපදය ප්‍රධාන තැනක් ගනී. මේ අතරින් වඩාත් පූජනීයත්වයට පත්ව ඇත්තේ පිරිත් පොතයි. ඒ නිසා, එම පොත නිකම්ම පොතක් වශයෙන් හඳුන්වන්නේ නැත. එයට, “පිරුවානා පොත් වහන්සේ” නමින් ඉමහත් ගෞරවයෙන් හැඳින්වීමට ශ්‍රී ලංකා බෞද්ධයෝ පුරුදු වී සිටිති. ඉන් සක්සුදක් සේ පැහැදිලිවන්නේ, පිරිත් පොතට දක්වන ගෞරව සැලකිල්ලයි. පන්සල්වලත් ගෙවල්වලත් පිරිත් සජ්ඣායනා කිරීමේ සිරිතට ඇත්තේ දිගු ඉතිහාසයකි. පිරිත් කීමෙන් අපල උපද්‍රව දුරුවන බවටත්, එමෙන්ම වාසනාව, භාග්‍යය ළඟාකරදෙන බවටත් විශ්වාසයක් ඇත.

    පිරිත් පුරන ස්වාමීන් වහන්සේ දෙනමකි. පිරිත් මණ්ඩපයේ වැඩ සිටින අනෙක් භික්‍ෂූන් වහන්සේ සමූහයක් ලෙස පිරිත සජ්ඣායනා කරන විට අපගේ සිත සතන්වලට අමුතුම ජීවයක් ලැබේ. රිද්මයානුකූලව හඬ උස් පහත් කිරීම නිසා, එහි අගය දෙගුණ තෙගුණ වේ. එහි ඇත්තේ පුදුම ගීතවත් බවකි. පිරිත් කීමට පෙර “පිරිත් ආරම්භක ගාථා” කියවීම ඉතා වැදගත් ය.

    පරිත්ත යන වචනයේ තේරුම ආරක්‍ෂාවයි. (Protection) භික්‍ෂූන් වහන්සේ 30 න් හෝ 29 ක් උපරිම වශයෙන් පිරිත් මණ්ඩපයක වාඩිගෙන පිරිත් සජ්ඣායනා පවත්වති. ඒ මඟින් සියලුම උපද්‍රව දූරිභූත වනවා යයි විශ්වාසයක් පවතී. මේ නිසා බෞද්ධයන් ඕනෑම සුභ කටයුත්තකදී පිරිත් දේශනා කරවීම සාමාන්‍ය සම්ප්‍රදායකි. මැති ඇමැතිවරුන් දිවුරුම් දීමෙන් පසුවත්, වැඩ බාරගන්නා විටත්, මුල්ගලක් තබනවිටත්, ගොඩනැඟිල්ලකට ගෙවදින විටත්, පිරිත් සූත්‍ර කිහිපයක් හෝ කියා ආශිර්වාද ලබාගැන්ම සාමාන්‍ය සම්ප්‍රදායයි. සෑම සුභ කටයුත්තකදීම පිරිත් සූත්‍ර කිහිපයක් හෝ දේශනා කිරීම බෞද්ධයන්ගේ සිරිත ය.

    විජය කුමර අනුගත හත්සියයක් පිරිවර ඇතිව ලාට රටින් පලවා හරින ලදුවඅවුත් ලක්දිව බැස්සේ ය. “දේවොන්ද්‍රය මාගේ සස්න ලක්දිව පිහිටන්නේ ය” ලෙස දෙසූ පිරිනිවන් මඤ්චකයේ සිටි බුදු සමිදාණෝ විජය ඇතුලු පිරිසෙහි ආරක්ෂාවට පිරිත් නූල බැද ආරක්ෂාව සපයන ලෙස සක්දෙවිදුට ආරාධනා කල සේක.

    තම සිත තුළ ඇතිවන බිය සැක දුරු කිරීම සඳහා පිරිත් වලින් ප‍්‍රයෝජන ලැබේ. ඔබට ඇතිවන මානසික ප්‍රශ්නවලට මුහුණ දීමේ දී පිරිත විශාල බලවේගයක් ලෙස ද සැලකිය හැකි ය. ඔබ තුළ ඇතිවන බය හා සැක දුරු කරන්න ධජග්ග සූත්‍රය බෙහෙවින් ප්‍රයෝජනවත් වේ. ධජග්ග යනු කොඩියයි. යුධ පිටියේ දී බියක් ඇති වූ විට බුදුන් වහන්සේ පවසන්නේ තමාගේ කොඩිය යුධ කොඩිය ලෙස බලන ලෙසයි. එවිට ඔබගේ බිය හා සැක පහවී චිත්ත ධෛර්යය වැඩිවේ.

    මෑතකදී ජපන් ජාතික වෛද්‍යවරයකු වූ මසුරෝ එමොතෝ මේ විෂයෙහි ඉතා වැදගත් ඡායාරූප පෙළක් විද්‍යාඥයන් හමුවේ ඉදිරිපත් කර ඇත. ජලයෙන් පණිවිඩ නම් ග්‍රන්ථයෙන් මේ ඡායාරූප ප්‍රකාශයට පත් කර තියෙනව. ඉහළ පින්තූරයේ දකුණ පහළ කොටසේ ඒ පින්තූර මම කුඩාවට දක්වල තියෙනව.

    මේ රමණීය ඡායාරූප මගින් ඔහු හෙළි කර සිටින්නේ ජලයට අපගේ අදහස් වැටහෙන බව හා ඒවාට ජලයෙන් ප්‍රතිචාරයන් දැක්වෙන බව ය.

    එමොතෝ ජපානයේ ෆූජිවරා වේල්ල අසලින් ජලය සාම්පලයක් ගෙන එය ශීතකරණයේ තබා අයිස් මිදෙන්නට සැලැස්වීය . අනතුරුව එම ජලාශය වෙත ජ්‍යුහොවුයින් ආරාමයේ පූජ්‍ය කතෝ හොකි නායක ස්වාමීන් වහන්සේ ප්‍රධාන සංඝයා වැඩම කරවා පැයක් පිරිත් දේශනා කරවාගෙන තවත් ජල සාම්පලයක් ශීතකරණයේ තබා අයිස් මුදවා ගත්තේ ය.

    ජලය දිය වන්නට පෙර අධිවේගී කැමරාවක උපකාරයෙන් එහි අංශු ඡායාරූප ගත කරන ලදී. පිරිත් කරන ලද ජලයේ ඡායාරූප ඉතා රම්‍ය සුන්දර මෝස්තර දැක්වූ අතර කලින් ලබා ගත් අපිරිසුදු ජලයේ අංශු රූප එවන් රටා නොදැක්වීය. දුර්වර්ණ අපිළිවෙළ රටා දැක්වූ අපිරිසුදු ජලය හුදෙක් පිරිත් දෙසුමෙන් පසුව පිරිසුදු දීප්තමිත් ෂඩ්කෝණ තාරකා රටාවන් ගෙන් සමන්විත වූයේ කෙසේ ද? මෙය ප්‍රාතිහාර්යයක් ලෙස හැඳින්විය හැකි ද?

    පි‍්‍රය වචන වලින් සුන්දර රටා නිර්මාණය වූ අතර අපි‍්‍රය වචන හේතුවෙන් අප්‍රසන්න රටා නිර්මාණය විය. එමොතො මෙම පර්යේෂණය ගංගානම් නදියේ ජලය විෂයෙහි ද කර බැලීය. බැලූ බැල්මට ඉතා අපිරිසුදු වුවද එහි ජලයෙන් ද සුන්දර අංශු රටා මැවිණි. ඊට හේතුව උදේ සිට සවස් වන තුරු ම එහි කෙරෙන ස්තෝත්‍ර ගායනා බව හෙතෙම තීරණය කළේය.

    පිරිත් නූලකුත් අත රඳවාගෙන දැඩි විශ්වාසයෙන් පහන් සිතින් පිරිත් ඇසීමෙන් අපේ සිරුරේ රෝග සුව අතට හැරෙමින් සුවපත් සැහැල්ලු බවක් ඇති වන්නේ එහෙයිනි. මසුරෝ එමොතො වෛද්‍යවරයා ගේ මතය නම් පිරිත් සහ ආගමික ස්තෝත්‍ර සජ්ක්‍ධායන ලේසර් කිරණවලට සමාන අයුරින් ක්‍රියාත්මක වන බවය. අපේ සිතිවිලි පිරිසුදු තරමට ඒ කිරණ ද බලගතු වෙයි.

    රතන සූත්රය ගැන පූජනීය නා උයනේ අරියඡම්ම හිමි කළ ධර්ම දේශනයක කොටසක් දක්වන්නම්.
    මීට අවුරුදු 15 කට පමණ පෙර ගාල්ලේ කච්චේරියෙ සේවය කරන මහත්තයෙක් අපි ලඟට ඇවිල්ල කිව්ව “ස්වාමීන් වහන්ස රතන සූත්‍රයේ පුදුම බලයක් මම දැක්කා“…….. එතුමාගේ පදිංචි නිවසට සමීප එතුමාගේම ඉඩමක එතුමාගේ වටිනා නිවසක් බදු දීල තිබුනා….බද්දට ඉඳල තියෙන්නෙ අබෞද්ධ පිරිසක්. ඒ ඇත්තෝ එළුවන් මරාගෙන, කුකුළන් මරාගෙන අපිරිසිදුව ඉන්නව, බදු ගෙවන්නෙත් නෑ, ගේ අස් කරගෙන යන්නෙත් නෑ. එතුමා බොහෝම ධාර්මික කෙනෙක්, කෙනෙකුගේ හිත රිදෙන වචනයක් වත් කියන්නේ නැති හරීම ශාන්ත කෙනෙක්.

    එතුමා දිනක් ඇල්පිටියේ කරුණාරත්න මෑණියන්ගේ ගෙදර ගිහින් තියෙනව වෙන කෙනෙකුගේ අවශ්‍යතාවයකට….. මිදුලෙ ඉන්නකොට අහන්න ලැබුනා මේ රතන සූත්‍රාන්ත දේශනාවෙන් දහස් වරක් පිරිත් කීමෙන් මෙන්න මේ වාගෙ ප්‍රතිඵල ලැබෙනව කියල. …එතුමා ගියේ සාස්තර අහන්ඩ නෙවෙයි,….. ඒක අහගෙන ඉඳල හිතුව මමත් එහෙනම් මගේ ගෙදර සඳහා මේක කරන්නෙමි කියල, …..ගෙදර ඇවිල්ලා,…. අර බදු ගෙය අරමුණු කරගෙන හැමදාම හැන්දෑවට, තමන්ගේ රාජකාරි වලින් නිදහස් වෙලා ආහම දවසට හත් අට සැරයක් බැගින්, රතන සූත්‍රය කියල, මගේ ගේ නිදහස් කර ගන්ඩ ලැබේවා කියල.
    දහස් වරක් වුනත් මම කියන්නෙමි කියලයි හිතාගෙන පටන් ගත්තෙ. සැබැවින්ම, මාසයක් දෙකක් වගේ යනකොට, 200 ක් තරම් කියන කොට,….. ……මේ බද්දට හිටිය පුද්ගලයෝ, රාත්‍රී කාලයේ අස්වෙලා ගිහින්ද?, දවල් කාලෙ අස්වෙලා ගිහින්ද? කියල දන්නේ නෑ, සියළුම ඒ ඇත්තන්ගේ දේවල් අරගෙන අස්වෙලා ගිහිල්ල. ඉතින් ඒ මහත්තය කියනව, “ස්වාමීන් වහන්ස, වචන මාත්‍රයක් වත් නොදොඩා, ……නඩු පවරන්නෙත් නැතුව,…… හිත නරක් කර ගන්නෙත් නැතුව,….. මේ රතන සූත්‍රාන්ත දේශනාවෙන් මට ගේ නිදහස් කර ගන්න ලැබුනනෙ“

    ඔය වගේ එකක් නෙවෙයි, බොහෝ දෙවල් අපට අත්දැකීම් ලැබිල තියෙනව….ඉතින් මේ අනුව සලකා බැලීමේදී රතන සූත්‍ර දේශනාවෙන් එදාට නෙවෙයි, අදටත් මේකෙ පුදුම ආනිසංස නෙලා ගන්න පුළුවන්.

    ඈත අතීතයේ පටන් අප රටේ නිර්මල බුදුදහම රැකුණේ අපගේ බෞද්ධ භික්‍ෂූන් වහන්සේ නිසා ය. උන් වහන්සේලා මුළු ජාතියටම අවවාද අනුශාසනා පවත්වමින් ජනතා සුභ සිද්ධිය සඳහා විශාල කාර්යභාරයක් ඉටු කළහ. ශ්‍රී ලංකාවේ පරිත්‍රාණ ධර්මදේශනා පවත්වමින් ජනතාවට සෙත් පැතීම සඳහා උන්වහන්සේ ඇප කැප වී සිටිති. අපගේ බෞද්ධ භික්‍ෂූන් වහන්සේ ඉතා මධුර ස්වරයෙන් පිරිත් සජ්ඣායනා කරන විට අපගේ සිතට හා ගතට දැනෙන්නේ අසිරිමත් සුවයකි.

    එහෙත් අද පිරිත් දෙසුම් සදහාද ව්‍යවසන යක් එල්ල වී තිබීම කණගාටුවකි. වසර දෙදහස් පන්සියයකට අධික කාලයක් මුලුල්ලේ ඉතාම නිවැරදිව ගලාගන ආ පිරිත් දේශනාවෝ අද “ මොඩිෆයි” කිරීමට පටන්ගෙන තිබීම බුදු හිමියන් දේශනා කල ශාසන පරිහානිය මොනවට පැහැදිලි කරයි. සිහංලෙන් පිරිත් කීමට පටන් ගැනීම මෙන්ම පිරිත් දේශනා වෙනුවට පිරිත් කවි කීම මේ ශාසන විනාශයේ ආරම්භයන් විය යුතු. පිරිත් දේශනාවක අත්‍යාවශ්‍ය අංගයන් රාශියකි. මේ බලන්න

    01. පිරිත් කියන ස්ථානය හැකිතාක් ස්වභාවික විය යුතුයි. මන්ද යත් බුදුහිමියන් නිරන්තර පරිසර හිතකාමී වූ නිසා, පරිසර හැනියක් සිදුවිය යුතු නොවන නිසා මෙන්ම වැදගත්ම කාරණය වනුයේ බණ පිරිත් ඇසීමට වඩින දෙවියන් රැදන්නේ ස්වභාවික මල් මාලා මතයැයි අදහසක් පවකින නිසාය. පරම පූජනීය සිරි සළදාවහන්සේ වැඩමවන විට කරඩුව වටා බලන්න සමන් පිච්ච මල් වැල් එල්ලා තියෙන ආකාරය. ඒ මල් වැල් මත දෙවියන් රැදෙන බව මතයක් පවතින නිසයි ඒත

    02. පිරිතට වඩින ස්වාමීන් වහන්සේලා ඉතාම පිරිසිදුව මස් මාංශාදියෙන් වැලකිය යුතුයි. උන්වහන්සේලා සිල්වත් විය යුතුයි. ගිහි අයනම් සතියක පමණ කාලයක් වත් පිරිත සදහා පේවී සිටිය යුතුයි.

    03. පිරිත් අසන තැනැත්තාත් ඒ නිවසත් ඉතාම පිරිසිදු විය යුතුයි. මනාකොට පේවී සිටිය යුතුයි. විශේශයෙන් කුණු මස්මාලු ගිල දමා දූෂණය වූ සිත් ඇති අයවලුන්ට කුමන පිරිත් පිහිටක්ද?

    04. පිරිත බුද්ධ භාෂිත විය යුතුයි. බුද්ධ වචනයේ මහා ගාම්භීර බවක් මෙන්ම මහා ශක්තියක් අන්තර්ගතය. තේරඅම නොදැන උවත් ඉන් මහා ශක්තියක් ජනිත වේ. ශබ්ද විද්‍යාඥයන්ට අනුව ගත්විට පිරිත් සූතුරයන්හි භාවිත කර ඇති ණ්‍යායන් විශ්මය ජනකය. ඔබ අසා ඇති වස්කවි හා සෙත්කවි පිලිබද. මේවා අතීතයේ සිට අදත් භාවිතා වේ. තොටගමුවේ සිරි රාහුල හිමියන් පවා වස්කවි හා සෙත් කවි වලින් කර ඇත්තේ විශ්ම ජනක හාස්කම්ය. ඉතින් මේ වස්කවි හා සෙත් කවි සාදන්නේ නියමිත ඝන එලීම් අනවය. එය ශබ්ද විද්‍යාව දන්නා ඕනෑම අයෙක්ගෙන් අසා දන ගත හැකිය. ඒ ශබ්ද විද්‍යාවට අනුව පිරිත් වල ඝන එලා ඇති ආකාරය හා භාවිත කර ඇති උච්චාරණ විධි විශ්ම ජනකය. මේ කථාව අසන්න. වරක් අන්‍යාගමික පුද්ගලයෙක් සිල්වත් අයුරින් සිය ආගම සිහි කරමින් මහනුවරට ආසන්න කැලෑ පෙදෙසක වාසය කලා. දිනක් සිහිනෙන් පුද්ගලයෙක් පැමිණ ඔහුට කියා සිටියේ තමා දෙන මන්තරය පාඩම් කරගන්නා ලෙස සහ ඉන් මහානුභාව සම්පන්න ආරක්ෂාවක් සැලසෙන බවයි. ඒ ඉතිපිසෝ ගාථාවයි. මොහු කලින් ඉතිපිසෝ ගාථාව දැන සිටියද ඔහු එහි තේරුම දරන සිටියේ නෑ. භාවිතා කලෙත් නෑ. මොකද ඔහු අන්‍යාගමික නිසා. ඉතින් සිහිනෙන් කී දෙය ඔහු ගණන් ගත්තෙත් නෑ. දිනක් ගමනක් යමින් සිටි ඔහු ඉදිරියට (මට මතක අයුරින් වළහෙක් හෝ කොටියෙක්) කඩා පැන්නා. ඔහුට බේරි පලා යාමට තිය සෙලවීමටවත් ඉඩක් ලැබුනේ නෑ. ඔහුට එක් වරම ඉතිපිසෝ ගාථාව සහ සිහිනෙන් කියූ කථාව මතක් උනා. එය ශබ්ද නගා කී පමණින් අර සත්වයා ඉවත්ව පැනගියා. ඔහු තේරුම නොදැනයි මෙ භාවිතා කලේ. ඔය තැනැත්තා ඉතිපිසෝ ගාථාව සිංහලෙන් කීවනම් … … … දෙයියන්ගෙම පිහිටයි නේද? වාලුවනේ පිරිත් කියන්නෙ පිලිපදින්න විතරක් නොවෙයි. එහි ශබ්ද ශක්තියෙන් මහා ආරක්ෂාවක් ලබාගන්න පුලුවන්. ඔයාලා ආටානාටිය සූත්රය අහල බලන්න. එහි ශබ්දය භාවිතා කරන ආකාරය. බොහෝම ශබ්ද සහිතයි. ගැඹුරුයි. ඒය සිංහලෙන් කල නොහැකි දෙයක් කවදාවත්.

    05. ඊලගට පිරිත අඛණ්ඩව ගලාගෙන යන්න ඕනි. ඒක නිසයි පිරිතකට අඩ්ම තරමින් ස්වාමීන් වහන්සේලා තුන් නමක් වත් වැඩම කල යුත්තෙ. එවිටයි නියම පිරිත් ශක්තිය ඇතිවන්නෙ‍ පිරිත් කවි වලටනම් ඉතින් කවුරු ආවත් කමක් නෑ. අනේ මන්ද අපේ මිනිස්සුන්ගෙ මොඩකම්.

    06. ඊලගට පිරිත ගලාගෙන යන විධිය. එය මධ්‍යම වේගයෙන් ගලා යන්න ඕනි. පිරිත් සකස්කරල තියෙන්නෙ ස්වර තුනක් උච්චාරණය වන විධියට. හතරක් උච්චාරණය වුනොත් රාගය උපදිනවලු. මේ පිරිත් ගැන හසල දැනුමක් ඇති ස්වාමීන් වහන්සේලාගේ හා විද්වතුන්ගේ අදහස්.

    පිරිතේ වචන උච්චාරණය නිවැරදි වෙන්නත් ඕනි. මම කලින් කීව වගේ ආටානාටි සූත්රය අහල බලන්න. පොඩි දරුවො ගැස්සෙනව ඒ ශබ්දයට. මොකද අපි හැප්පෙන්නෙ යක්කුත් එක්ක ආටානාටි යූත්රයෙදි. දෙවියන්ට කථාකරන විධියයි යක්කුන්ට කථා කරන විධියයි වෙනස්. ඔය පිරිත් කවි කියල බබාල නලවල හරියන්නෙ නෑ යාලුවනේ. ඔයාල දන්නව නේද ඔය යන්තර මන්තර කරන වෙද මහත්තුරු. ඔයාලගෙන් පොඩ්ඩක් අහල බලන්න ඒ මන්තර සිංහලට හැරෙව්වොත් වැඩක් තියෙයිද කියල. යාලුවනේ එක අකුරක් වැරදුනොත් ඒ මන්තරෙන් වැඩක් නෑ. ලොකු හාමුදුරුවරු පුංචි හාමුදුරුවරුන්ට කෝටු පාර දෙනව පිරිත් පාඩම් කරද්දි අකුරු හරියට කියවෙන්නෙ නෑ කියල. මේ බලන්න

    යානීධ භූතානි සමාගතානි
    භුම්මානිවායානිව අන්තළික්ඛෙ
    සබ්බේව භූතා සුමනා භවන්තු
    අථොපි සක්කච්චසුනන්තු භාසිතං
    මේ අකුරු බැදි අකුරු වෙන්න ඕනි. මම යුනිකෝඩ්වල දන්නෙ නෑ බැදි අකුරු ලියන්න.
    ඉතින් මේ ගාථාව මම මෙහෙම කිව්වොත් බලන්න
    යානීද බූතානි සමාගතානි
    බුම්මා නියායානිව අන්තලික්කෙ
    සබ්බේව බූතා සුමනා බවන්තු
    අතෝපි සක්කච්ච සුනන්තු බාසිතං

    දැන් තේරෙනවද වෙනස. ඔය සිංහල පිරිත් කියන අය කරන්නෙ මේ වැ‍ඩේ. මොකද එයාල කියනව පිරිත පිලිපදින්නලු ඕනි. ආශිර්වාදෙ ලැබෙන්නෙ එහෙමලු. පිලිපදින්නනම් යන්තම් වචනෙ තේරුනාම මදැ‍යි නේද?
    මේ කීවෙ ඉතාම කෙටියෙන්.
    යාලුවනේ ඔයාල දන්නවනෙ අපේ බුදු සමිදුට තිබුන මහා පුරිස ලක්ෂණ 32ක්. ඉන්
    26. ශ්‍රී මුඛය දත් හතලිහකින් යුතු වීම ( චත්තාලීස දන්තා ලක්ඛණං)
    27. තැන තැන අඩුවක් නොමැතිව දත් පිහිටීම ( අවිරළ දන්තා ලක්ඛණං)
    28. ඉතාම විචිත්‍රවත් අවුරින් හඩ හැසිරවිය හැකි දෙකන් හා නඛල් තලය පිරිමැදිය හැකි දිගු පළල් දිවක් තිබීම ( පහූත ජිව්හා ලක්ඛණං)
    29.මිහිරි පැහැදිලි මෙන්ම ප්‍රභාෂ්වර හා ගම්භීර හඩක් ඇති බව (ප්‍රභාස්වර ලක්ඛණං)
    30.සිංහයෙකුගේ හනු මෙන් උඩු යටි හු ඇති බව. ( සීහ හනු ලක්ඛණං )
    31. ශ්‍රී මුඛයේ සම දත් ඇති බව (සම දන්ත ලක්ඛණං)
    32. ඉතා සුදු දත් ඇති බව ( සුසුක්ඛදාඨ ලක්ඛණං)
    කියන පුරිෂ මහා ලක්ෂණ හතම තියෙන්නෙ මුඛය ආශ්‍රිත කරගෙන. මොකද ඒ පැහැදිලි, නිරවුල්, ලයාන්විත ගැඹුරු ධර්මදේශවා සිදු කිරීම සදහායි. ඉතින් එහෙමනම් අර බොහොම සරළ සිංහල කවි පිරිත් වගේ, ධම්මපදයෙ ගාථා වගේ කවි පිරිත් කියන්න තිබුන බුදු හාමුදුරුවන්ට.

    අනික එයාල කියනවනෙ පිරිත පිලිපදින්න ඕනි. කිව්ව පලියට ආරක්ෂාවක් නෑ, ඒකයි සංහලෙන් කියන්නෙ කියල. හරි මේ බලන්න. අංගුලිමාල තෙරුන්වහන්සේ ගර්භනී මවට කියපු අංගුලිමාල පිරිත අදත් ගැබිනි මව්වරුන්ට අනන්ත සෙත ශාන්තිය ලබාදෙනවනෙ. ඉතින් බබා හම්බවෙන්න දගලන අම්ම වේදනාවෙන් කෑගහනව මිසක් මොන පිලි පැදීම්ද? අනික අංගුලිමාල පිරිතෙ මොනව පිලි පදින්නද? ඒ පිරිත අහපු අය කියන්නකො මට ඒ කාරණාව.
    ඉතින් යාලුවනේ බලන්න සිංහල පිරිත් කීමෙන් මොන තරම් විනාශයක් දහමට සිදුවෙනවද කියල. මේ බලන්න ලෝකෙ හැම බුදු දහම අනුගමනය කරන හැම රටක්ම පිරිත් කියන්නෙ පාලි භාෂාව යොදාගෙන නේද? ‍එහෙමනම් ඒ රටවල් වල අයත් ඒ ඒ භාෂාවෙන් පිරිත් කියන්න ඕනි නේද?

    ඔයාල දැක්කනෙ ඉහල රූපයේ තියෙන පින්තූර. පිරිත් ඉතාම ලස්සනට කියපුවමයි අර ජල අංශු ලස්සන වෙන්නෙ.

    ඔයාල පිරිත් ගෙදරක හරි පංසලේ හරි නියම විධියට පාලියෙන් කියපු පිරිතක පැන්කලය ගැන හොයල බැලුවද? යාලුවනේ පිරිතක් හරියට කියල අවසන් වෙනකොට පැන් කලේ උතුරනව. අනේ මගෙ ඇස්දෙකෙන් මම දැකල තියෙනව. පුවක් මල් කිණිති දිගේවතුර පෙරෙනව. මොන තරම් ආශ්චර්යයක්ද? ඔය සිංහල පිරිත කියල උතුරපු එක පිරිත කළයක් මට පෙන්නන්න.

    අනාදිමත් කාලයක සිට පැවත එන මෙම පරිත්‍රාණ ධර්ම දේශනා අනාගතයේ දී ද දිගටම පවත්වා ගෙන යාම බෞද්ධ භික්‍ෂූන්වහන්සේගේ මහඟු කාර්යයක් වන්නේ ය.

    source
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    මෙන්න අර හිගන්නට රිදිල,පව් බන් මට පී එම් දාලා මගෙන් හොදට අහගත්තා

    24yutzk.jpg
    [/IMG]

    sorry bros ,, thread eka wikara wenawa mun nisa,,

    මචන් නරි නාවන්න එපා.. ත්‍රෙ එකේ කලින්ම කියලා තියන සිංහල තේරුම්ගන්න බැරුව පොරක් වෙන්න තනියෙම කියවන අපතයෙක් ඌ.. උන් වගේ ගමේ අනාතයන්ට රිප්ලයි කරනකොට උන් තව ෆෝම් වෙනවා.. කොහොමත් මම ඌව රිපෝට් කලා..:yes:
     

    welu_sumana

    Well-known member
  • Jul 17, 2012
    1,242
    96
    48
    අඩෝ මට හොල්මන් හීනෙන් පේනවනේ...:sorry:
    ගෑනු හොල්මන් දෙකක් මම දැකල තියෙනවා හීනෙන්..
    එකියක් පිච්චිච ගෑනියෙක්...අනිත් එකී පාරාක ඉන්න ගෑනියක්,
    මන් හොල්මන් ගැන හිතල නෙවෙයි නිදියන්නේ.ඒත් උන්ව ඇයි පෙන්නේ මට:eek:
    පොඩ්ඩක් ඩිම් උනාම ඉතිපිසෝ ගාථාව කියනවා,එතකොටනම් හීන පෙන්නේ නෑ:yes:
    ආයේ දැක්කොත් බලපන් මචන් හොදට ඇදුම දිහා.. හිල් තියෙන එකක් ඇදන් ඉන්නවා නම් ෂුවර් එකටම වාරියපොළ අක්කා:baffled:
     

    Never Ever

    Member
    May 26, 2014
    32
    3
    0
    ඒ වගේම මාර බලයක් තියෙනවා පිරිත්වල.. යක්කු පෙරේතයෝ පිරිත් කියන තැනක පැත්ත පළාතක ඉන්නේ නෑලු.. සමහරැ පිරිත් කියලා ඊට පහුවෙනිදා මළගිය ප්‍රාණකාරයන්ට පින් අනුමෝදන් කරලා දානෙ දෙනවා නේ.. ඒක කිසිම වැඩක් නෑ අහලා තියෙන විදියට නම්.. මොකද කලින් දවසේ පිරිත් කියපු නිසා පින් ගන්න බලන් ඉන්න අය සේරම යන්න යනවලු.. උන් ආයේ එන්නේ හෙන තරහක් තියාගෙනලු. ඒ නිසා හරි ක්‍රමය නම් දානෙ දීලා පින් අනුමෝදන් කරලා පස්සේ පිරිත් කියන එක කියලයි ගොඩක් අය කියන්නේ..

    Mehema deyak tiyenawa oya pirith kiyanakota pretayanta inna beri nisa gewal wala inna ayata karadara karala a then walin yanna salaswanawslu
    Matath hitenne meka tikak etta kiyala

    Hebet budun wedala gatha kiyana eka nam monath ne
     
    Last edited:

    Never Ever

    Member
    May 26, 2014
    32
    3
    0
    ආයේ දැක්කොත් බලපන් මචන් හොදට ඇදුම දිහා.. හිල් තියෙන එකක් ඇදන් ඉන්නවා නම් ෂුවර් එකටම වාරියපොළ අක්කා:baffled:

    :rofl::P
     

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    ආයේ දැක්කොත් බලපන් මචන් හොදට ඇදුම දිහා.. හිල් තියෙන එකක් ඇදන් ඉන්නවා නම් ෂුවර් එකටම වාරියපොළ අක්කා:baffled:

    :rofl::rofl::rofl:
    එකී ආවොත් ගැනග් බැන්ග් එකක් දෙනවා රිදෙන්න:yes:
    හිල් තිබුනේ නෑ පිච්චිච එකියක් මගේ මූන දිහා බැලුව:sorry:මට බය හිතුන:sorry::sorry:
     

    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    ඒ වගේම මාර බලයක් තියෙනවා පිරිත්වල.. යක්කු පෙරේතයෝ පිරිත් කියන තැනක පැත්ත පළාතක ඉන්නේ නෑලු.. සමහරැ පිරිත් කියලා ඊට පහුවෙනිදා මළගිය ප්‍රාණකාරයන්ට පින් අනුමෝදන් කරලා දානෙ දෙනවා නේ.. ඒක කිසිම වැඩක් නෑ අහලා තියෙන විදියට නම්.. මොකද කලින් දවසේ පිරිත් කියපු නිසා පින් ගන්න බලන් ඉන්න අය සේරම යන්න යනවලු.. උන් ආයේ එන්නේ හෙන තරහක් තියාගෙනලු. ඒ නිසා හරි ක්‍රමය නම් දානෙ දීලා පින් අනුමෝදන් කරලා පස්සේ පිරිත් කියන එක කියලයි ගොඩක් අය කියන්නේ..

    අපිත් එහෙමයි කලෙ,පිරිත් කියනවනම් කලින් දවසෙ දානෙ දීල තමයි පිරිත් කියන්නෙ.
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,204
    8,962
    113
    Dubai
    නොදන්නා දේවල් දැන ගන්න මමත් කැමති.. දිගටම කරගෙන යමු..
    මේ එලකිරි එකේ ඉන්නවා ප්‍රේත යක්ෂයො සෙට් එකක්.. මේ වගේ Thread දානකොට ඒ ප්‍රේත යක්ෂයොන්ට රිදෙනවා ඇති.. ඒකයි මේ බෙරිහන් දෙන්නේ
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    අඩෝ මට හොල්මන් හීනෙන් පේනවනේ...:sorry:
    ගෑනු හොල්මන් දෙකක් මම දැකල තියෙනවා හීනෙන්..
    එකියක් පිච්චිච ගෑනියෙක්...අනිත් එකී පාරාක ඉන්න ගෑනියක්,
    මන් හොල්මන් ගැන හිතල නෙවෙයි නිදියන්නේ.ඒත් උන්ව ඇයි පෙන්නේ මට:eek:
    පොඩ්ඩක් ඩිම් උනාම ඉතිපිසෝ ගාථාව කියනවා,එතකොටනම් හීන පෙන්නේ නෑ:yes:

    අපිට පේන හැම හීනයකටම තේරුමක් තියෙනවා ,ඒක පේන දේ ගැබ්වෙලා තියෙන්නේ, පේන දෙයි අර්ථය පහදන්න පුලුවන් නම් හීනයේ සැබෑ තේරුම දැනගන්න පුලුවන්. :yes:
    හොල්මනක් පේනවා නම් ඒකේ තේරුම තමයි මොකකට හරි කලින් බය වෙලා තිබිම, වරදට පසුතැවීම (මොකක් හරි ලොකු දෙයක් කරලා තියෙනවා ඒකට ගොඩ්ක් පසුතැවෙනවා, කණගාටු වෙනව, ඒක වරදක් කියලා හිතෙන් කියනවා), යටපත් කළ කටුක මතකයන් වගේ,ඒවලින් පලායන්නේ නැතුව මුහුණ දෙන එක තමයි හොදම වැඩේ.
     

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    අපිට පේන හැම හීනයකටම තේරුමක් තියෙනවා ,ඒක පේන දේ ගැබ්වෙලා තියෙන්නේ, පේන දෙයි අර්ථය පහදන්න පුලුවන් නම් හීනයේ සැබෑ තේරුම දැනගන්න පුලුවන්. :yes:
    හොල්මනක් පේනවා නම් ඒකේ තේරුම තමයි මොකකට හරි කලින් බය වෙලා තිබිම, වරදට පසුතැවීම (මොකක් හරි ලොකු දෙයක් කරලා තියෙනවා ඒකට ගොඩ්ක් පසුතැවෙනවා, කණගාටු වෙනව, ඒක වරදක් කියලා හිතෙන් කියනවා), යටපත් කළ කටුක මතකයන් වගේ,ඒවලින් පලායන්නේ නැතුව මුහුණ දෙන එක තමයි හොදම වැඩේ.

    හීන වලට තේරුම තියෙනවා කියලනම් අහල දැකල තියෙනවා.:yes:
    ඒත් ඉතින් මම කලින් බය වෙලත් නෑ,මම පසුතැවෙන දෙයක් ඇත්තෙත් නෑ,තේරෙන්නේ නෑ මොන මගුලට පේනවද කියල,තව සිද්දියක් තියෙනවා ඒක ටයිප් කරලා කියන්න තේරෙන්නේ නෑ.නැත්නම් ටයිප් කරනව:baffled:
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    “කරන ලද පිරිත් ආරක්‍ෂාව ඇති පුරුෂයා, නාගයා දෂ්ඨ නො කරන්නේ ය. මුඛය පියාගන්නේ ය. සොරුන් විසින් තලන්නට ගත් මුගුරු පවා නො පැමිණෙන්නේ ය. ඒ සොරු, මුගුරු දමා ළඟට අවුත් ප‍්‍රියවන්නේ ය. කුපිත වූ හස්තිරාජ තෙම ළඟට දිව අවුත් වලකින්නේ ය. දිලිසෙන මහා අග්නිද ඛන්දය ළඟට පැමිණ නිවෙන්නේ ය. අනුභව කළ විෂ පවා අමෘත බෙහෙත් වන්නේ ය”
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    Mehema deyak tiyenawa oya pirith kiyanakota pretayanta inna beri nisa gewal wala inna ayata karadara karala a then walin yanna salaswanawslu
    Matath hitenne meka tikak etta kiyala

    Hebet budun wedala gatha kiyana eka nam monath ne

    ඒ වගේම මාර බලයක් තියෙනවා පිරිත්වල.. යක්කු පෙරේතයෝ පිරිත් කියන තැනක පැත්ත පළාතක ඉන්නේ නෑලු.. සමහරැ පිරිත් කියලා ඊට පහුවෙනිදා මළගිය ප්‍රාණකාරයන්ට පින් අනුමෝදන් කරලා දානෙ දෙනවා නේ.. ඒක කිසිම වැඩක් නෑ අහලා තියෙන විදියට නම්.. මොකද කලින් දවසේ පිරිත් කියපු නිසා පින් ගන්න බලන් ඉන්න අය සේරම යන්න යනවලු.. උන් ආයේ එන්නේ හෙන තරහක් තියාගෙනලු. ඒ නිසා හරි ක්‍රමය නම් දානෙ දීලා පින් අනුමෝදන් කරලා පස්සේ පිරිත් කියන එක කියලයි ගොඩක් අය කියන්නේ..

    මමත් අහලා තියන්නේ තෙරුවන් සරන ගිහින් ඉඳලා ප්‍රේත ආත්ම ලබපු අයට පිරිතෙන් තවත් ශක්තියක් ලැබෙනවා කියලා. ප්‍රේතයෙක් වුනත් සංසර පුරුද්ද නිසා.. පිරිත් කියනකොට එතනට දෙවියන් වඩින නිසා අනෙක් පහත් අමනුශ්‍යයන් යනවා වෙන්න බැරිද?