▌▌◣◣ මතක මංසල◢◢ ▌▌

kiripani

Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    35
    පිළියන්දල
    neela+wickramasinghe+2.jpg

    දවසක් දා රෑ වසන්ත සැණකෙලියේ..

    ගායනය : නීලා වික්‍රමසිංහ
    පද රචනය : ගාමිණී විජේකෝන්

    මන් ඉස්කෝලෙ යන කාලේ ලයින් කරපු කෙල්ලට ලයින් කරපු එකෙක් හිටියා, මන් මූව හොය හොය හිටියේ, මූ මාව මගාරිනවා, දවසක් අපේ පැත්තෙ කානිවල් එකක් (සැනකෙලියක්) තිබුනා.. ඒකට ඌ ආවා, උගෙ නම "වසන්ත"..

    :D:rofl::rofl::P
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    මුලින්ම රේඩියෝ නැවත පටන්ගැනීමට යන සුභ ආරංචිය ගැන සතුට ප්‍රකාෂ කරන්න ඕනේ. :love: :)

    අපි ඔක්කොම රජවරු ඔක්කොම වැසියෝ
    තුන් සිංහලයම නෑදෑයෝ
    අපි ඔක්කොම පියවරු ඔක්කොම මව්වරු
    තුන් සිංහලයම දූ දරුවෝ
    තුන් සිංහලයම දූ දරුවෝ

    ගායනය: ආචාර්ය වික්ටර් රත්නායක
    පද රචනය: මහාචාර්ය සුනිල් ආරියරත්න
    තනුව: ආචාර්ය වික්ටර් රත්නායක

    දැන් කව්රුහරි බලයි මේ සින්දුවත් එක්ක ටොමාගේ තියන ලව් එක මොක්කද කියලා. ඇත්තටම ඔය සිංදුවත් එක්ක මට මගේ මතකය, මගේ වයස අව්රුදු 3 දක්වා අතිතයට යනවා. ඔයාලා විස්වාස කරයිද දන්නෙ නෑ අව්රුදු 3ක ලමයෙක්ව හිටපු කාලේ අහපු සිංදුවක් මතක තියනව කියල. නමුත් මේ කියන්නේ ඇත්තක්. අපේ මුළු ගමටම ලයිට් ගත්තේ මට අව්රුදු 3 දි. ඉතිං ලයිට් කණු හිටවනවා එහෙමත් මට මතකයි. ලයිට් දීපු දවසේ ඉස්සල්ලම දැම්මේ ඔය සිංදුව තමයි. පස්සේ තේරෙනකොට තමයි දන්නේ ඔය සිංදුව කියන කෙනාව. තවමත් ඔය සිංදුව ඇහෙනකොට මට ඒ ලයිට් දීපු සවස මතක් වෙනවා. ඒවගේම වික්ට රත්නායක කියන්නේ මම පොඩිකාලේ ඉදලා අද වෙනකල්ම කැමතිම ගායකයෙක්.
     
    Last edited:

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA

    ජීවිතේ පලවෙනි වතාවට ස්ටේජ් එකක ගායනා කරපු මුල්ම සින්දුව... බෑන්ඩ් play කරපු මුල් කාලේ පලවෙනි වතාවට බෑන්ඩ් එකේ සින්දුවක් කියන්න අවස්තාව ලැබිච්ච වෙලාවේ ගායනා කරපු මේ සින්දුව ජීවිතේට අමතක වෙන්නේ නැහැ.

    සංගීතය ජීවිතෙන් අයින් කරපු කාලකන්නි කාලයකින් පස්සේ අයෙත් අහම්බෙන් බෑන්ඩ් play කරන්න පටන් අරන් ගායනා කරපු පලවෙනි ගීතය.. මේකත් අමතක නොවෙන සින්දු..

    තව අමතක නොවෙන සින්දු තියෙනවා.. දැනට මේ ඇති නේද..
     
    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,625
    1,475
    113
    වයබ පාලාතේ
    එලකිරි රේඩියොව නැවත පටන් ගැනීම ගැන සතුටුයි
    මම කැමති ඉවාන් පව්ලුශා කියන ගිතයට
    ගයනා කරන්නෙ අප්සරා ද සිල්වා
    පුලුවන්නම් ඔක දාන්න
    :)
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    ඒ අකුර ටයිප් කරගන්න බෑ නේද :P
    සුලගක් වී මන් යනවා දුර අහසේ ඇවිදින්නට....
    අප්පච්චී කොහොමද... මන් අල්ලන්නේ.. :(:(
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    සිත යන අතකට පාවෙන්නට හැරලා
    මගේ අහින්සක සිතිවිලි බිද දමලා මට පෙම් නොකෙරූ-මා නොහදුනනා
    ඔබටද දිනකදි දුක හිතෙනා....
    පාලු රැයක් එනවා..........:(
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මන් ඉස්කෝලෙ යන කාලේ ලයින් කරපු කෙල්ලට ලයින් කරපු එකෙක් හිටියා, මන් මූව හොය හොය හිටියේ, මූ මාව මගාරිනවා, දවසක් අපේ පැත්තෙ කානිවල් එකක් (සැනකෙලියක්) තිබුනා.. ඒකට ඌ ආවා, උගෙ නම "වසන්ත"..
    :oo:
    කොල්ලෝ ගහන එකෙක් සිංදුවක් ඉල්ලනවා දැක්කමයි
     
    thanujaka

    Well-known member
  • රේඩියෝ එක නග්ගල ගන්න එකනං හොදයි.

    සිංදු තුනක් තියෙනවා සලකලා බලල අනිත් අයගේ ඉල්ලීමුත් එක්ක දෙන්න ඉඩක් හම්බුනොත් දීපං..

    1. කවුරුත් එන්නැති කවුරුත් දන්නැති - ගුණදාස කපුගේ මහතා

    2. ඔබ මා හමුවුනු මේ ඉර හද යට - කරුණාරත්න දිවුල්ගනේ මහතා

    3. මුළු ලොවම නැති උනත් - ටී.එම්. ජයරත්න මහතා

    ලැප් එකේ ෆෝන් එකේ දාගෙන අහනකොට වගේ නෙමෙයි බං රේඩියෝ එකේ ඕව අහනකොට ෆීලින්ග් එක සිරාවටම වෙනස්.

    වැඩේ සාර්ථකව කරන යන්න සුභ පැතුම් හැකා.
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆

    සිත සැලුනා නුඹ හින්දා......... centigradz

    ඒ 2012 වසරයි...
    වසරේ මුල සිට අගොස්තු වෙනකම් මට තිබුනා එකතරා ප්‍රෙමයක්...
    ඇගේ පැත්තෙන් අසම්මත යැයි කිව හැකි....
    නමුත් ඔෆිස් එකෙන් කල කතාබහ හැර දුරදිග නොගිය...
    කිසිදිනක ලබා ගත නොහැකි බව දැනුනමුත් අමතක කල නොහැකි වූ ඇය..

    අද මට සපෙක්ශව ගතිගුන අතින් විශිශ්ට ගනයේ ලා සැලකිය හැකි සහකාරියක් සිටියත්,
    මේ ගිතය අසන ඕනෑම මොහොතක සිහියට එන්නේ..

    ආදරය කරන හැටි, කෙල්ලෙකුට කතා කරන හැටි, කෙල්ලෙකුට කියන්න ඕන දෙවල් නොකියන්න ඕන දේවල් මුල සිට කියා දුන් ඇයයි...

    කෙතරම් කල් ගත වුවද..
    ඈ සියලු මතකයන් ගෙන් දැන් ඉවත්ව සිටියද...
    මේ ගිතය අසන ඕනෑම මොහොතක..
    ඇතැම්විට ගිතයේ අරුතට සිද්දිය 100% නොගැලපුනද...
    ඈ නැවත මතකයට පැමිනිම... ඒ වසරේ සිදුවිම් සමුදායන් ස්වම්පනයක් මෙන් මනසට පැමිනිම, වැලකිය හැකි නොවේ...

    මගේ ප්‍රතම ප්‍රේමය ලෙස මා සලකන්නේ එයයි...

    අද මා සමඟ සිටින්නේ ඇගේ මිතුරියයි... ඇයට ස්තුතිවන්ත වන්නට...

    අද ඈ කොහේ සිටිනවාද, කුමක් කරනවාද දන්නේ නැත......
    දැන ගන්න වුවමනාවක්ද නැත..
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo

    amsammtha love:D
     
    hmhm95

    Well-known member
  • Mar 2, 2015
    2,580
    731
    113

    ලැප් එකේ ෆෝන් එකේ දාගෙන අහනකොට වගේ නෙමෙයි බං රේඩියෝ එකේ ඕව අහනකොට ෆීලින්ග් එක සිරාවටම වෙනස්.

    :yes::yes::yes::yes::yes::yes: