සිත සැලුනා නුඹ හින්දා......... centigradz
ඒ 2012 වසරයි...
වසරේ මුල සිට අගොස්තු වෙනකම් මට තිබුනා එකතරා ප්‍රෙමයක්...
ඇගේ පැත්තෙන් අසම්මත යැයි කිව හැකි....
නමුත් ඔෆිස් එකෙන් කල කතාබහ හැර දුරදිග නොගිය...
කිසිදිනක ලබා ගත නොහැකි බව දැනුනමුත් අමතක කල නොහැකි වූ ඇය..
අද මට සපෙක්ශව ගතිගුන අතින් විශිශ්ට ගනයේ ලා සැලකිය හැකි සහකාරියක් සිටියත්,
මේ ගිතය අසන ඕනෑම මොහොතක සිහියට එන්නේ..
ආදරය කරන හැටි, කෙල්ලෙකුට කතා කරන හැටි, කෙල්ලෙකුට කියන්න ඕන දෙවල් නොකියන්න ඕන දේවල් මුල සිට කියා දුන් ඇයයි...
කෙතරම් කල් ගත වුවද..
ඈ සියලු මතකයන් ගෙන් දැන් ඉවත්ව සිටියද...
මේ ගිතය අසන ඕනෑම මොහොතක..
ඇතැම්විට ගිතයේ අරුතට සිද්දිය 100% නොගැලපුනද...
ඈ නැවත මතකයට පැමිනිම... ඒ වසරේ සිදුවිම් සමුදායන් ස්වම්පනයක් මෙන් මනසට පැමිනිම, වැලකිය හැකි නොවේ...
මගේ ප්‍රතම ප්‍රේමය ලෙස මා සලකන්නේ එයයි...
අද මා සමඟ සිටින්නේ ඇගේ මිතුරියයි... ඇයට ස්තුතිවන්ත වන්නට...
අද ඈ කොහේ සිටිනවාද, කුමක් කරනවාද දන්නේ නැත......
දැන ගන්න වුවමනාවක්ද නැත..