⚾|| Australia Tour of Sri Lanka 2016||⚾|Jul 26- Sep 9|3 Tests|5 ODIs| 2 T20Is||෴

3rdEye

Member
Mar 21, 2014
4,465
401
0
ponnaya reviews tika kanava


Lyon to Silva, no run, lbw shout, given, but Silva reviews and he should get away with it. It's a slightly quicker ball, turning into him sharply. Silva wasn't equipped to handle the quick turn on the back foot. His flick can't quite reach the ball, which hits him him on the thigh and the ball tracking down the leg side. The impact was on off stump - Silva had moved a distance across, which is probably why umpire Gaffaney thought yes - but ball tracking shows it spun too far

:rofl::rofl::rofl:
 

3rdEye

Member
Mar 21, 2014
4,465
401
0
Kota ball kala POut wela yai.

එත් අද නම් අවුලක් නැහැ බන්..එකෙක් ඉන්න ඕන..මුලින් බලන්න ඕන දිනන්න නෙවි draw කර ගන්න පැරදෙන්න නැතුව :P:P
 

gsamiru

Junior member
  • Aug 6, 2008
    319
    8
    18
    එත් අද නම් අවුලක් නැහැ බන්..එකෙක් ඉන්න ඕන..මුලින් බලන්න ඕන දිනන්න නෙවි draw කර ගන්න පැරදෙන්න නැතුව :P:P

    මට නම් හිතෙන්නේ ඕකෙ අනිත් පැත්ත තමයි වෙන්න ඕනේ. ඉස්සෙල්ලා බලන්න ඕනෙ දිනන්න. බැරි උනොත් draw කරන්න.

    කොහොම උනත් කව්ෂාල් ගහන්නේ කිසිම confidence එකක් නැතුව බව නම් පේනවා. pitch එක මැද ඕහේ දඟලනවා විතරයි !
     

    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon

    මට නම් හිතෙන්නේ ඕකෙ අනිත් පැත්ත තමයි වෙන්න ඕනේ. ඉස්සෙල්ලා බලන්න ඕනෙ දිනන්න. බැරි උනොත් draw කරන්න.

    කොහොම උනත් කව්ෂාල් ගහන්නේ කිසිම confidence එකක් නැතුව බව නම් පේනවා. pitch එක මැද ඕහේ දඟලනවා විතරයි !

    Ow ban match eka draw karanna balagena bat kaloth loss wenna chance eka wadiyi
    Kaushal nam ane manda muu score karana widihata lankawata match dinanna wenne naha
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    මැච් එක දිනීම කෙසේ වෙතත් අන්න කන්න යන්නේ...මුන්ට පිස්සු,දවස් දෙකක් තියෙද්දී..වේගෙන් ගහන්න යනවා
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    මැච් එක දිනීම කෙසේ වෙතත් අන්න කන්න යන්නේ...මුන්ට පිස්සු,දවස් දෙකක් තියෙද්දී..වේගෙන් ගහන්න යනවා

    26/5 k thibbe bun owa monawada :P:P:P
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    ශ්‍රී ලංකා කණ්ඩායමේ සීඝ්‍ර දියුණුව පිළිබඳව කණ්ඩායමේ පුහුණුකරු ග්‍රැහැම් ෆෝඞ් මහතා සිය මවිතය පළකරයි. මීට පෙර අවස්ථාවක පුවත් පත් සාකච්ඡාවකදී කණ්ඩායම දියුණු කළ හැකි කාල සීමාව පිළිබඳව කළ විමසීමකදී ඔහු කියා සිටියේ ඒ සඳහා කාල සීමාවක් දිය නොහැකි බවයි.

    “ඒ කාලසීමාව නිශ්චිත වශයෙන් කියන්න පුළුවන් එකක් නෙමේ. ඒත් මෙතන ඉන්න තරුණ ක්‍රීඩකයන් උසස් දස්කම් පෙන්වන්න අරන් තියෙන්නේ කෙටි කාලයක්...මේ වගේ ඉහළ මට්ටමේ ප්‍රතිවාදීන් හමුවේ මේ දේවල් මේ තරම් ඉක්මනට වේවි කියලා මා නම් බලාපොරොත්තු වුණේ නෑ” යයි කී ෆෝඞ් මහතා....

    “තරුණ ක්‍රීඩකයන් සමග ඉදිරියට යද්දී ඔවුන් අසාර්ථක වුණත් ඒවායින් කිසියම් ප්‍රයෝජනයක් ලැබෙනවා. කිසියම් ආයෝජනයක් කළොත් කාලයක් ගියාම හරි ඒකෙන් ප්‍රයෝජන තියෙනවා. ඒත් තමන්ගේ තරග දිවියේ හොඳම කාලය පසුකළ ක්‍රීඩකයන් එක්ක ඉදිරියට යාම තේරුමක් නෑ. ඔවුන් අසාර්ථක වුණාම ලැබෙන දෙයක් නෑ”

    “මා හිතන්නේ තේරීම් කමිටුවේ උනත් දැක්ම ඒක තමයි. ඒ නිසා එකතැන පල්වෙන වියපත් ක්‍රීඩකයන් එක්ක ඉන්නවාට වඩා තරුණ කණ්ඩායමක් දියුණු කරගෙන යන එක හොඳයි. ඒත් අපට තව ගොඩාක් දුර යන්න තියෙනවා” යයිද පැවසීය. එස්. එස්. සී. ටෙස්ට් තරගයේ තුන්වැනි දිනය වූ (15 වැනිදා) සවස තරගය අවසන් වීමෙන් පසුව ග්‍රැහැම් ෆෝඞ් මහතා එසේ කීවේය. ෆෝඞ් මහතා කියන්නේ සැබෑවකි.

    එස්. එස්. සී. තරගයේදී ශ්‍රී ලංකා පිලේ කඩුලු 5 ක් ලකුණු 26 කට බිඳ වැටී තිබූ අවස්ථාවේදී දිනේෂ් චන්දිමාල් සමග එක්ව ඉනිම ගොඩනැංවූ ධනංජය ද සිල්වා තවමත් 24 හැවිරිදි ක්‍රීඩකයෙකි. මෙම තරගාවලියේ පළමු තරගයේදී ටෙස්ට් වරම් ලද ධනංජයගේ තුන්වැනි ටෙස්ට් තරගය මෙයයි.

    එස්. එස්. සී. ටෙස්ට් තරගයේ වාසිය කඳු මුදුනක නූලෙන් එල්ලෙන පන්දුවක් වී තිබේ. ඕනෑම මොහොතක එය කන්දෙන් එහා පැත්තට නැත්නම් කන්දෙන් මෙහා පැත්තට වැටෙනු ඇත. එය කන්දෙන් මෙහා පැත්තට (ශ්‍රී ලංකාව දෙසට) වට්ටවා ගැනීමට නම් හෙට දවසේදී ශ්‍රී ලංකා පිතිකරුවන්ගෙන් වැඩි දස්කම් අපේක්‍ෂා කළ යුතුව තිබේ.

    සවස ක්‍රීඩාව නතර කරන විට ඕස්ට්‍රේලියානු පිල ලකුණු 2 ක් පමණක් ඉදිරියෙන් සිටියදී ශ්‍රී ලංකා පිල කඩුලු 9 ක් අතැතිව සිටී. මෙහිදී තීරණාත්මක සාධකය වන්නේ සිවුවැනි ඉනිමේ පන්දුවට පහර දීමට ඕස්ටේ්‍රලියානු පිලට සිදුව තිබීමයි.

    “මේක කදිම ටෙස්ට් තරගයක්...කණ්ඩායම් දෙකටම” “තරගයේ වාසිය වරින් වර දෙපැත්තටම ඇදිලා ගියා. දෙපැත්තටම තිබුණ අවස්ථා ගිළිහිලා ගියා. සමහර ඒවා අල්ලා ගත්තා....කොහොම වුණත්, අපේ පැත්තෙන් බලන කොට, මේ වගේ තණතීරුවක අන්තිමට පන්දු යවන එකනම් වාසිදායකයි” “ඒ නිසා ඇතිවන පීඩනයෙන් තරගයේ වාසිය අපේ පැත්තට තල්ලු වේවි කියලා හිතනවා” යයි ෆෝඞ් මහතා පැවසීය.

    “තරගයක් වෙනස් කරන්න පුළුවන් ක්‍රීඩකයන් දෙපැත්තේම ඉන්නවා. ඉදිරි දින දෙකේදී ඕනෑම දෙයක් වෙන්න පුළුවන්” යයිද ෆෝඞ් මහතා පැවසීය. ලකුණු 26 කට කඩුලු 5 ක් බිඳ වැටී ශ්‍රී ලංකා පිල අන්ත අසරණ අඩියකට වැටී සිටියදී හයවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 211 ක සම්බන්ධතාවක් ගොඩනංවමින් තරගයේ වාසිය තමන් වෙත ඇදගැනීමට දිනේෂ් චන්දිමාල් සහ ධනංජය ද සිල්වා සමත් වූහ. මෙම සම්බන්ධතාව මත සිට ඉදිරියට ගිය ශ්‍රී ලංකා කණ්ඩායම මුල් ඉනිම වෙනුවෙන් ලකුණු 355 ක් ලබා ගත්තේය. චන්දිමාල්ගේ ඉනිම සම්බන්ධයෙන් කළ විමසීමකදී

    “වෙහෙසීමෙන් කටයුතු කිරීම සම්බන්ධයෙන් චන්දිමාල් ඉතාමත් විශිෂ්ට උදාහරණයක් දීලා තියෙනවා” යයි හෙතෙම කීවේය. “ඒ වගේ තත්ත්වයකදී පන්දුවට පහර දීම සෙල්ලමක් නෙමේ. ඒත් චන්දිමල් ඉතාමත් හොඳ පරිණත බවක් පෙන්වූවා....මා දන්නවා ඔහු ඉන්දියාවට එරෙහිව ඇදහිය නොහැකි ඉනිමක් ක්‍රීඩා කළා. ඒත් මේක ඒ වගේ නෙමෙයි. තමන්ගේ කණ්ඩායම වෙනුවෙන් වෙහෙසීමෙන් කළ දෙයක්” “ඔහුගේ අනෙක් ඉනිම බොහොමයක් ඉතාමත් හොඳ ඒවා. ඒත් මේ ඉනිම (132) ක්‍රීඩා කළ ආකාරය අනුව එය ඔහුගේ විශිෂ්ටතම ඉනිම වෙනවා” යයිද ග්‍රැහැම් ෆෝඞ් මහතා පැවසීය.

    චන්දිමාල්ගේ ඉනිමෙන් පසුව ශ්‍රී ලංකා කණ්ඩායම ඕස්ට්‍රේලියානුවන්ගේ පළමු කඩුල්ලත් ලකුණු 21 දී බිම දැම්මේ සිය ග්‍රහණය දැඩිකරගනිමිනි. එහෙත් ඕස්ට්‍රේලියානුවන්ගේ දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 246 ක සම්බන්ධතාවක් ගොඩනැංවූ ස්ටීවන් ස්මිත් සහ ෂෝන් මාෂ් කඩුලු 1 කට 267 ක් දක්වා ලකුණු සංඛ්‍යාව තල්ලු කරමින් තරගයේ වාසිය නැවතත් තමන් වෙත ඇදගත්හ. හේරත් නැවතත් ඕස්ට්‍රේලියානුවන්ගේ හරහට හිටියේය. තේ පානයෙන් පසුව පන්දු 40 ක් ඇතුළතදී ලකුණු 15 කට කඩුලු 4 ක් දවාගත් රංගන හේරත් ඕස්ට්‍රේලියානුවන්ගේ වාසිය ලකුණු 24 කට සීමා කළේය.

    “මේ හාදයා ගැන මොනවා කියන්නද.....? ’මෙයා තමා මගේ ජීවිත කාලයේ හොඳම ක්‍රීඩා වීරයා’ කියලා මම ක්‍රීඩකයන්ගේ විවේකාගාරයේදී විහිළුවටත් කියමින් හිටියා. එයා ෆෙඩරර්ටත් (ටෙනිස් ක්‍රීඩක රොජර් ෆෙඩරර්) වඩා ඉහළට ගිහින්” “ඔහු ඉන්නේ තුවාල වෙලා....තනි කකුලෙන් පන්දු යවන්නේ. (පන්දුවට පහර දෙමින් සිටියදී ජොෂ් හේසල්වුඞ්ගේ පන්දුවක් ඉකිලියේ වැදීමෙන් පන්දුවට පහර දීම නවතා රංගන හේරත් ක්‍රීඩාගාරයට ගියේය). ඒත් සටන් වදින්න එයාට පුදුම ධෙර්යයක් තියෙන්නේ...තරමක් වියපත් ක්‍රීඩකයෙක් ඒ වගේ කරනවා කියන්නේ තරුණ ක්‍රීඩකයන්ගේ ජවය ඇවිස්සීමක්” යයි කී ග්‍රැහැම් ෆෝඞ් මහතා...

    “එයා පන්දුවට පහර දෙමින් සිටියදී මුහුණ දුන් අනතුරට ප්‍රතිකාර ලබමින් සිටියදී පන්දුව වෙත පනිමින් පන්දුව නවතා ගැනීමට උත්සාහ කළා. වියපත් (අවුරුදු 38 ක) ක්‍රීඩකයෙක් එහෙම කරන කොට තරුණයන්ට කිසිම සමාවක් නෑ..”

    “ඒ වගේ ක්‍රීඩකයෙක් කණ්ඩායමේ ඉන්න එක හරිම වාසනාවක්. තමන් කොයි තරම් විශිෂ්ට පන්දු යවන්නෙක්ද කියලා ඔහු අදත් පෙන්නුම් කළා” යයිද පැවසීය. වේග පන්දු යවන්නකු ලෙසින් කණ්ඩායමට එක්වූ සුරංග ලක්මාල් ඕස්ට්‍රේලියානු ඉනිම පුරාම යැවූයේ ඕවර 13 ක් පමණක් නමුත් ෆෝඞ් මහතාගේ අදහස අනුව වේග පන්දු යවන්නකු කණ්ඩායමේ සිටිය යුතුමය.

    “සමහර අවස්ථාවලදී දිගින් දිගටම දඟ පන්දු යවන්නන්ට මුහුණ දුන්නාම පිතිකරුවන්ගේ රිද්මය වෙනස් කරන්න වෙනවා. ඒ වගේ වෙලාවට වේග පන්දු යවන්නෙක් ඕනෑ කරනවා” “ඇරත් මේ තරගාවලිය පුරාම අපි පන්දු යැව්වේ දෙවැනි වතාවට. පළමුවෙන් පන්දු යවනවා නම් වේග පන්දු යවන්නකු ඕනෑ වෙනවාමයි. ඇරත් ටෙස්ට් තරගයක් දින 5 ක් තියෙන නිසා තත්ත්වයන් වෙනස් වෙනවා” යයිද හෙතෙම පැහැදිළි කළේය.

    wisden sri lanka
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,199
    113
    🇨🇦🍁
    මැච් එක දිනීම කෙසේ වෙතත් අන්න කන්න යන්නේ...මුන්ට පිස්සු,දවස් දෙකක් තියෙද්දී..වේගෙන් ගහන්න යනවා

    මේ pitch එකේ ලෑල්ල දාල survive වෙන්න බෑ බන් :baffled::baffled: එහෙම ඉන්න ඉන්න pressure වෙන එක වෙන්නේ :yes:
    ඊයේ අන්තිම හරියේ aussieලට උනේ ඕකමයි බේරී බේරී ඉන්න හැදුවා, පුළුවන් විදියට score කරන්නයි ඕනේ
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    මේ pitch එකේ ලෑල්ල දාල survive වෙන්න බෑ බන් :baffled::baffled: එහෙම ඉන්න ඉන්න pressure වෙන එක වෙන්නේ :yes:
    ඊයේ අන්තිම හරියේ aussieලට උනේ ඕකමයි බේරී බේරී ඉන්න හැදුවා, පුළුවන් විදියට score කරන්නයි ඕනේ

    ow. anika 220+ wage lead ekak thiyanawanam match eka dinanna puluwan chance ekak thiyanawa.
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    ow. anika 220+ wage lead ekak thiyanawanam match eka dinanna puluwan chance ekak thiyanawa.

    මොනවා කරන්නත් අද දවසම අපි බැට් කරන්න ඕනා මට නම් හිතෙන්නේ අඩුම ලකුණු 300 ඕනා අපිට දිනන්න නම් ;)