මෙහෙමයි method එක කොහොම උනත් අපි දැන ගන්න ඕන market එකේ මොකද වෙන්නෙ කියල වෙන්න කලින් predict කරන්න. ඒ කියන්නෙ වෙන්න කලින් prepare වෙන්න ඕන. වෙන්නෙ ඇයි කියන හේතුව අපි දැනගන්න ඕන. සමහර අය එක එක trading strategy හොයාගෙන trade කරනව. තව කාගෙන් හරි අහල ඒ method එකට trade කරන්න හදනව. ඒත් ගොඩක් වෙලාවට ඒක තමංට හරියන්නෙ නෑ.එක එක්කෙනාගෙ trading කරන විදිහ වෙනස්.තව එක්කෙනෙක්ගෙ කරන විදිහක් අනිත් කෙනාට හරියන්නෙ නෑ.
අනිත් දේ තමා වැඩේ වෙලා ඉවර උනාට පස්සෙ trade කරන එක. ගොඩක් අය කරන්නෙ ඒක තමා. එතකොට loss වෙන්න තියන chance වැඩි. එක්කො sell උනාට පස්සෙ නැත්තන් buy උනාට පස්සෙ trade එකක් දාල හරියන්නෙ නෑ. අපි ඊළඟට ගන්න යන්නෙ buy trade එකක් නම්, දැන් market එක තියෙන්නෙ sell trend එකක නම් අපි ඒ buy එකට prepare වෙන්න ඕන sell trend එකේ ඉඳන්මයි. sell එකකදිත් එහෙමයි. sell trade එකක් ගන්න නම් ඒකට අපි prepare වෙන්න ඕන trend එක කලින් uptrend එකේ ඉදන්මයි.
එහෙම නැතුව ටිකක් buy උනාට පස්සෙ ආ ආ ඕයේ ඔන්න දැන් buy වෙනව sell trend එක start උනාට පස්සෙ ආ දැන් sell වෙනව කියන එකවත් වැඩක් නෙමේ මචං. උඩට හැරිල තියන ඊතලයක් මොන්ට්සෝරි යන බබෙක්ට පෙන්නල මේ ඊතළේ කොයි පැත්තටද යන්නෙ බබා කියල ඇහුවොත් එයා කියනව ඒක උඩට යන්නෙ කියල. මොකද එයාට දැනටමත් ඒක පේනව ඊතලේ උඩට ඇදිල තියනව කියල. හැබැයි පහලට හැරිල තියන ඊතලයක් පෙන්නල මේ ඊතලේ යන ඊළග පැත්ත පෙන්නන්න කිවුවොත් ඒ බබාට තියා ලොකු එකෙන්ක්ටවත් ඒක හිතාගන්න බෑ.
forex trading නුත් ඒ වගේ. ගොඩක් අය trade කරන්නෙ අර මොටිසෝරරි බබාට ඊතලේ යන පැත්ත කියන්න පුළුවන් වෙන situation එකේදි විතරයි. ඊට කලින් ඒක කොයි පැත්තට යනවද කියල හිතන්නෙ නෑ. කෝච්චියක් ගියාට පස්සෙ ආයෙ ඒකෙ එල්ලෙන්න හැදුවොත් වැටෙන්න තියන සම්භාවිතාව වැඩී. ඒ නිසා යන්න කලින් කෝච්චියට නගින්න අපි prepare වෙන්න ඕන.
ඊළග දේ, කලින් මං කිවුව වගේ ගොඩක් අය එක එක්කෙනාගෙන් අහල එහෙම නැත්තන් කොහෙහරි තිබ්බ strategy එකක් අරන් trade කරන්න හදනව. ඒ strategy එකට අනුව market ඉහල යනව නම් ඉහල යන්නෙ ඇයි පහල යන්නෙ ඇයි කියල හොයන්නෙ නෑ. theory එකේ rules ටික තිබ්බ ඒක එහෙමම බලල trade කලා එච්චරයි.
තව සමහරු candle stick patterns, chart patterns divergence වගේ දේවල් මත විතරක් පදනම් වෙලා මේවගෙ ඒව හැදෙනකන්ම ඉදල trade කරන්න හදනව. හැබැයි පොඩ්ඩක් හිතුවද ඇයි මෙහෙම candle pattern එකක් chart pattern එකක් හැදුනහම ඒ පැත්තට යන්නෙ කියල. example එකක් විදිහට මේ chart pattern එක ගන්න
![]()
![]()
![]()
මේ head and shoulder chart pattern එක. මේ pattern එකේ theory එක අනුව මේක හැදුනට පස්සෙ market එක up වෙනව එහෙම නැත්තන් down වෙනව. එතකොට අපි trade එකක් ගන්නව මේක හැදුනට පස්සෙ. ඒත් අපි දන්නෙ නෑ ඇයි ඒ trade එක gගත්තෙ,මොකද්ද හේතුව. මේ pattern එක හැදුනට පස්සෙ ඇයි එහෙම up හරි down හරි වෙන්නෙ මොකද්ද මේක ඇතුලෙ තියන process එක mechanism එක. ඒක දන්නෙ නෑ.අපි trade එක ගත්ත මොකද ඒක එහෙම theory book එකේ තිබ්බ නිසා. නැතුව ඒකට හේතුව දැනගෙන නෙමේ. candle patterns, divergence වගේ ඒව උනත් එහෙමයි.
දැන් තේරෙනව නේද මේක ඇතුලෙ මොකද්ද වෙන්නෙ කියල දන්නෙ නැතුව නිකන් theory වල තියන විදිහට trade කරන එක නිකන් අදුරෙ අත පත ගානව වගේ වැඩක් කියල.
අපි දැනගන්න ඕන market එක ඇතුලෙ මොකද්ද වෙන්නෙ කියල. market එකේ story එක එහෙම නැත්තන් behind the walls තිරය පිටුපස වෙන කතාව මොකද්ද කියලයි අපි දැනගන්න ඕන. එහෙම දැනගත්තහම අපිට ඕනම market situation එකකදි trade කරන්න market එක ගැන දැනගන්න පුළුවන්. මේකට කියන්නෙ market read කරනව කියල. market එකේ story එක read කරනව. මේ විදිහට analyze කරනකොට අපිට market එකේ දෙයක් වෙන්න කලින් දැනගෙන prepare වෙලා ඉන්න පුළුවන්.
හැබැයි අන්තිමට තව දෙයක් මේ දේවල් indicator systems පස්සෙන් ගිහින් කරන්න පුළුවන් වෙයි කියල නං මට කියන්න බෑ. ඒවයින් හැම වෙලාවෙම දෙන්නෙ late analyze එකක්.
අනිත් එක සමහරු මේ chart pattern candle pattern විතරක් බලල මේව හැදෙනකන් ඉදල trade කරනව. මේව theory වල මේ විදිහට හැදුනට පස්සෙ මේ පැත්තට යනව කිවුවට මේව හැදෙන හැම වෙලාවෙම ඒක එහෙම වෙන්නෙ නෑ. මේ දේවල් හැදිලත් අනිත් පත්ත යන වෙලාවල් ඕන තරම් තියනව. 50%ක් ම එහෙම තමයි.
අනිත් එක හිතන්න එක trend එකක් හැදුනහම ඒ trend එක අපි analyze කරන time frame එක අනුව දවස් 2ක් 3ක් run වෙන්න පුළුවන් h1 time frame එකකින් අපිට පුළුවන් 1 day ඉදන් දවස් 3, 4 වෙනකන් උනත් එහෙම නැත්තන් සම්පූර්ණ සතියක උනත් හැසිරීම බලන්න ඉතින් එහෙම හැදෙන trend එකක් කොහොමද මේ පැය ගානකදි හැදෙන candle pattern එකකින් තනි chart pattern එකකින් විතරක් තීරණය කරන්නෙ. ගොඩක් අය loss වෙන්නෙ ඒ නිසා. අපිට market එකක් analyze කරන්න data ඕන දවස් ගානක
මේ ටික කොටන්න ගිහින් මට පට්ට වෙලාවක් ගියා. මේව ගැන දාල youtube videos ටිකක් දාන්න ඕන. 2018ත් මං එකක් කරන්න ගිහින් නැවැත්තුව. ආයෙම හදන්න ඕන.
![]()
- හොඳම බ්‍රෝකර් කවුද
- ඩේ ට්‍රේඩිංද , ස්කැල්පිංද කරන්න හොඳ ඉන්වෙස්ට්මන්ට් එක 300$ වගේ නම්
- මයින්ඩ්සෙට් එක හදාගන්න හොඳම විදිය මොකක්ද.. මොකද ඒක තමා මට උවමනාම එක
- ෆුල් ටයිම් ෆොරෙක්ස් කරන එක ලංකාව වගේ රටක ඩයල් එකක් විදිහට අවුල්ද ? (තව සයිඩ් බිස්නස් එක්ක ද මේක කරන්න ඕනෙ ?
- මුල ඉදං ඉගෙන ගන්න පටං ගත්ත.. නිවුස් බලනව, මාකට් ඇනලයිස් කරනව, ප්‍රෙඩික්ට් කරනව, ඉන්ඩි යූස් කරනව එක එක ඒව. ඩෙමෝ කරනව.. හැබැයි හැම දාම ලොස්.. දැං මං එකතැනම කැරකි කැරකි ඉන්නව වගේ සීන් එකක් දැනෙනව.. කොහෙ හරි එක දිසාවකට හරවල දෙන්න පුලුවංද
මට ප්‍රශ්නෙ කියන්න තේරෙන්නෑ..
හරි බන් අපිට උන්ගෙන් වැඩක් නෑ. උබ අපිට කියල දීපන්.
bump මම දන්නෙ නැ කට්ට් යගෙම හිතෙ මොනවාද තියෙන්නෙ කියලා මුලින්ම එක අයින් කරගන්න කියලා ඉල්ලනවා දිර්ස ලිපියක් පලමුවෙනි කොටස මෙ පටන් ගන්න යන්නෙ


මට ප්‍රශ්නෙ කියන්න තේරෙන්නෑ..





