ප්‍රාග්ධන බද්ද
මීට අමතරව තමන් මිලට ගත් නිවසක් ඉඩමක් වැනි වත්කමක් වසර 3 කට අඩු අයිතිය තිබී දෙවන වරට ගත් මුදලට වඩා වැඩි මිලකට විකිණීමේදී එම මිල අතර වෙනසට සියයට 10 ක් රජයේ බදු වලට යටත් කිරීමේ ප්‍රාග්ධණ බද්දක්ද අද 1 සිට ක්‍රියාත්මක වේ.
විදේශ වේතන ලැබීම් බද්ද
විදේශවල සේවාවන් සිදුකරන ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් ලංකාවට යොමු කරන මුදල් මතද සියයට 5 ක බද්දක් අයකරන්නට අද සිට පියවර ගෙන තිබේ.එය ඒ දිනට නියමිත විදේශ මුදල් ඒකක අගය අනුව ගණනය වනු ඇත.
රඳවා ගැනීමේ බද්ද
මෙරට බැංකුවල දේශීය සහ විදේශීය මුදල් ඉතුරුම් ගිණුම්වල පොලී ආදායම මත 2015 සිට ක්‍රියාත්මක වීම ඇරඹූ සියයට 2.5 බද්ද අද සිට දෙගුණ කර තිබෙන අතර සියයට 5 ක රදවා ගැනීමේ බද්දක් ලෙස එය අද සිට අය කෙරෙනු ඇති. එය සාමාන්‍ය හා නිත්‍ය ඉතිරිකිරීම් ගිණුම් හිමියන් මිලියන ගණනකට බලපාන වෙනසක් වනු ඇත.