~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤


    දිව්‍ය භූමි 06

    01. චාතුර්මහාරාජිකය ( එක් දිනයක මනුෂ්‍යය වසර 50, පරමායුෂ දෙව්ලොව වසර 500, පරමායුෂ මනුෂ්‍යය වසර අනූ ලක්ෂයකි*

    02. තාවතිංසය ( එක් දිනයක මනුෂ්‍යය වසර 100, පරමායුෂ දෙව්ලොව වසර 1000, පරමායුෂ මනුෂ්‍යය වසර තුන්කෝටි හැට ලක්ෂයකි*

    03. යාමය ( එක් දිනයක මනුෂ්‍යය වසර 200, පරමායුෂ දෙව්ලොව වසර 2000, පරමායුෂ මනුෂ්‍යය වසර දාහතර කෝටි හත් ලක්ෂයකි*

    04. තුසිතය ( එක් දිනයක මනුෂ්‍යය වසර 400, පරමායුෂ දෙව්ලොව වසර 4000, පරමායුෂ මනුෂ්‍යය වසර පනස් හත් කෝටි හැට ලක්ෂයකි*

    05. නිම්මාණරතිය ( එක් දිනයක මනුෂ්‍යය වසර 800, පරමායුෂ දෙව්ලොව වසර 8000, පරමායුෂ මනුෂ්‍යය වසර දෙසිය තිස් කෝටි හත් ලක්ෂයකි*

    06. පරනිම්මිත වසවර්තිය ( එක් දිනයක මනුෂ්‍යය වසර 1600, පරමායුෂ දෙව්ලොව වසර 16000, පරමායුෂ මනුෂ්‍යය වසර නවසිය විසි එක්කෝටි හැට ලක්ෂයකි*

    අන්තඃකල්ප 64 = අසංඛ්‍ය කල්ප 01
    අසංඛ්‍ය කල්ප 04 = මහා කල්පය 01

    ඉතාමත් බලවත් කුසල කර්මයකින් ධ්‍යාන භූමින් හි (බ‍්‍රහ්ම ලෝක) උපත ලැබීම සිදුවන නිසා මෙම භූමින් හි ආයු ප‍්‍රමාණය දක්වා ඇත්තේ කල්ප වලිනි.

    ප‍්‍රථම ධ්‍යාන භූමි 03

    1. බ‍්‍රහ්මපාරිසජ්ජය ආයු කාලය අසංඛ්‍ය කල්පයකින් 1/3 කි
    2. බ‍්‍රහ්මපුරෝහිතය ආයු කාලය අසංඛ්‍ය කල්පයකින් 1/2 කි
    3. මහාබ‍්‍රහ්මය ආයු කාලය අසංඛ්‍ය කල්පයකි

    ද්විතිය ධ්‍යාන භූමි 03

    1. පරිත්තාභ ආයු කාලය මහා කල්ප 02
    2. අප්පමාණාභ ආයු කාලය මහා කල්ප 04
    3. ආභස්සරය ආයු කාලය මහා කල්ප 08

    තෘතිය ධ්‍යාන භූමි 03

    1. පරිත්තසුභ ආයු කාලය මහා කල්ප 16
    2. අප්පමාණසුභ ආයු කාලය මහා කල්ප 32
    3. සුභකිණ්හ ආයු කාලය මහා කල්ප 64

    චතුර්ථ ධ්‍යාන භූමි 02

    1. වෙහප්ඵලය ආයු කාලය මහා කල්ප 500
    2. අසඤ්ඤසත්වය ආයු කාලය මහා කල්ප 500

    සුද්ධාවාස භූමි 05

    1. අවිහ ආයු කාලය මහා කල්ප 1000
    2. අතප්ප ආයු කාලය මහා කල්ප 2000
    3. සුදස්ස ආයු කාලය මහා කල්ප 4000
    4. සුදස්සී ආයු කාලය මහා කල්ප 8000
    5. අකනිට්ඨ ආයු කාලය මහා කල්ප 16000

    අරූපාවචර භූමි 04

    1. ආකාසානඤ්චායතනය ආයු කාලය මහා කල්ප 20000
    2. විඤ්ඤාණඤ්චායතනය ආයු කාලය මහා කල්ප 40000
    3. ආකිඤ්චඤ්ඤායතනය ආයු කාලය මහා කල්ප 60000
    4. නේවසඤ්ඤානාසඤ්ඤායතනය ආයු කාලය මහා කල්ප 84000

    කල්පයක් කියන්නේ කොපමණ දිගු කාල පරාසයකට ද ?

    සූත‍්‍ර පිටකයට අයත් සංයුක්ත නිකායෙහි අනමතග්ග සංයුක්තයේ ”සාස්‍ය සූත‍්‍රයෙන්” කල්පය පිළිබඳව උපමාවක් ඇසුරෙන් බුදුරදුන් පැහැදිලි කර දී තිබෙනවා. දිනක් එක්තරා භික්ෂුවක් විසින් ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස කල්පය යනු සංඛ්‍යාත්මකව දැක්විය නො හැකි දෙයක් නම්, එය උපමාවක් මගින් හෝ පහදා දෙන මෙන් ඉල්ලා සිටිනු ලැබුවා. එවිට අප ගෞතම බුදුරදුන් මෙලෙස පැහැදිලි කිරීමක් කළ සේක.

    ”මහණෙනි, දිගින්-පළලින් හා උසින් යොදුන බැගින් වූ ප‍්‍රාකාරයකින් (තාප්පයකින්* වට වූ නගරයක (භූමියක* සම්පූර්ණයෙන ම අබ ඇට පුරවා (අතුරා* කිසියම් කෙනෙකු අවුරුදු සියයකට වරක් එයින් එක අබ ඇටය බැගින් ඉවත් කරයි නම්, ඒ අනුව ඉතා දීර්ඝ කාලයක් ගත වීමෙන් එහි අබ ඇට සියල්ල ම ඉවත් වී, අවසන් වී යා හැකි ය. එහෙත් කල්පයක් ගෙවී අවසන් නො වේ. කල්පය යනු ඊටත් වඩා දිගු වූවක් ”. තව ද, අනමතග්ග සංයුක්තයේ ”පබ්බත සූත‍්‍රයෙහි” එන කසීසළු හෙවත් පර්වත කල්ප උපමාවෙන් ද ගෞතම බුදුරදුන් කල්පය යනු කොතරම් දීර්ඝ කාල පරාසයක් ද, යන්න පිළිබඳව මෙබඳු පැහැදිලි කිරීමක් කර තිබෙනවා.

    ”මහණෙනි, යම් සේ දිගින්, පළලින් හා උසින් යොදුනක් (නූතන සැතපුම් දහසයක්* බැගින් එක සමාන වූ ඒක ඝන (මැද හිස් නැති* මහා කළුගල් පර්වතයක් වේ ද, එම කළුගල් පර්වතය (දේවතාවෙකු හෝ අසලින් යන කෙනෙකු) අවුරුදු සියයකට වතාවක් ඉතා සිනිදු කසී (සේද) සළුවකින් පිරිමැදීම (පිස දැමීම) නිසා ඉතා දීර්ඝ කාලයක් ඇවෑමෙන් මේ මහා පර්වතය සම්පූර්ණයෙන් ගෙවී අවසන් වී යා හැකියි. එය, එසේ ගෙවී අවසන් වූවත්, කල්පයකට ඇති කාලය හෝ අවුරුදු ගණන අවසන් නො වේ”.
    :baffled::baffled:
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    හොඳට අලුතෙන් හදල තියෙන පාරට කෙහෙල්මල් පාර කියන්නේ :baffled: මාතලේ පැත්තේ හඩු පාරවල් වගේද

    මාතලේ මිනිස්සුවත් ඉන්නවා ඔහේ බල්ලෙක්වත් නෑ උදේ 6 වෙද්දී :dull:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    කොච්චර ගෙව්වත් වැඩක් තියේද උපන් දා ඉඳන් හිටපු ගෙවල් දොරවල් දාල යන්න උනාම.

    සාමාන්‍ය පේලි දෙකේ පාරක් හතරක් කරද්දී අඩි කීයක් අලුතෙන් යයිද එක පැත්තකින්. දැන් මේ පාර නං එකපාරක් කානු එහෙම දාල වාහන නවත්තන්න ඉඩ තියල පළල් කරපු එකක් නෙ. එතකොට වැඩිය ඕනේ වෙන එකක් නෑ නේද.

    Aththa.
    Mama adata thiyena plan eka kiyannamko hawas wela
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඔව් ඔව් අර ලොකු අට මගුල් හන්දියක් තියෙන්නේ .එතන ඉදන් බස් නෑ .බස් තිබ්බොත් ඒක එලවන උන්ට ගියර් කඩන්න හිතෙන් නෑ ගලගෙදර ඉදන් හතර ලියැද්දට යනකන්ම .12 කි.මි යන්න පැයක් :growl::growl::growl:


    :rofl::rofl:ගියර් නොකඩන එක ඉතිං ලොකු දෙයික්, බරා බරාස් ඩර්ර්ර්ර්ර්ර්ර් ගාල දානවට වඩා :baffled:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඔය හදන්නේ කොළඹ පැත්තේ ඉඳන් කුරුනෑගලට එන එක නේද :baffled: නුවරට එන එක තාම කොට උඩ කියන්නේ

    අනේ අපිටත් අදිවේගී මාර්ගේක යන්න කවදා ලැබෙයිද දෙයියනේ :no:


    ඊයෙ මට පොටෝවක් ගන්නත් හිට්නුනා මේකෙ දාන්න, ඇල්ල -වැල්ලවාය පාරෙ රාවනා ඇල්ලට කලින් කටුස්සෙක් වංගුවක චුරු වෙලා හිටිය :baffled:ඊට පස්සෙන් ටික දුරකින් සර්පෙකුත් එහෙමම හිටිය :baffled:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ලංකාවට මරුටි ආවේ කොයි කාලෙද ?
    මොන අවුරුදු වල ආපු මොඩල් ද වැඩිපුර මාකට් ?

    සංවාදයට ගත හැකියී


    මොන මරුටිද, බ්‍රෑන්ඩ් එකද :oo:මරුටි 800 ද ඇල්ටොද
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    ඊයෙ මට පොටෝවක් ගන්නත් හිට්නුනා මේකෙ දාන්න, ඇල්ල -වැල්ලවාය පාරෙ රාවනා ඇල්ලට කලින් කටුස්සෙක් වංගුවක චුරු වෙලා හිටිය :baffled:ඊට පස්සෙන් ටික දුරකින් සර්පෙකුත් එහෙමම හිටිය :baffled:
    පොඩ්ඩක් කෘතීම ස්වසනේ දීල බලන්න එපැයි පන තියේද කියල :baffled: