ඉදිරියේදී ඇතිවන ආර්ථික අර්බුදයට වේලාසන සූදානම් වීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අදාළ අංශයන් වෙත උපදෙස් දී ඇත.
අගමැතිවරයාගේ උපදෙස් මත මේ සදහා ක්‍රමවේදයන් සකසමින් ඇත්තේ මුදල් අමාත්‍යාංශය, උපාය මාර්ග සංවර්ධන ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු අමාත්‍යාංශය, කර්මාන්ත වාණිජ කටයුතු අමාත්‍යාංශය, ශ්‍රී ලංකා මහ බැංකුව එක්වයි.
මේ අතර වාර්තා වන්නේ ඉරානයට එරෙහිව ඇමරිකාව විසින් පනවා ඇති සම්බාධක නිසා එන මාසයේ සිට ඉරානයට ශ්‍රී ලංකා තේ යැවීමට නොහැකි වනු ඇති බවයි.
එමෙන්ම චීනයට ඇමෙරිකාව පනවා ඇති බදු හේතුවෙන් චීනය විසින් ණය ආධාර හෝ ප්‍රදානයන් නොකරනු ඇති බවද සදහන්ය.
ඒ අනුව ඇතිවීමට නියමිත ආර්ථික අර්බුදයේදී රුපියල ආරක්ෂා කර ගැනීම සදහා ක්‍රියාමාර්ග ඉක්මනින්ම සකසන්නැයි අගමැතිවරයා උපදෙස් දී ඇත.
අගමැතිගේ නෝර්වේ සංචාරයෙන් පසුව මෙම නව ක්‍රියාමාර්ග ක්‍රියාවට නැංවීමට නියමිතය.
මිරිස් දීල ගූගොඩක් ගත්ත වගෙ






