~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අරක්කු බිබී ඉන්න කෙනෙක් අරක්කු නවත්තල කුඩු ගහන්න පුරුදු වුණොත් තේරුමක් නැහැනෙ. අරක්කු බිබී ඉන්න කෙනෙක් අරක්කු නවත්තල තම පවුල සමඟ කාලය ගත කරනවනම් අන්න එතන ඔය කියන දේ තියෙනව. :D

    :lol::lol::lol:
    ඔව් එහෙම තේරුම් ගත්තොත් නම් ඉතින් ඉවරයි
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අයියා කියන එක හරි

    ඒත් ඔකේ තව පැත්තක් තියෙනවනේ අයියේ

    අපි හිතමු ප්‍රදේශයේ ඉන්න මනුස්සයෙක් අපේ ගෙවල් පාරට තාර ටිකක් දාල දෙනවා. අපි ඒ මනුස්සයට චන්දේ දුන්නේ නැතිව මිනිහා පැරදුනොත් ඒ මනුස්සයට නගර සභාවත් නැතිවෙනවා. ඒ වගේම ඒ මනුස්සය සමහරවිට ආපහු මිනිස්සුන්ට උදව්වක් වත් කරන්නේ නැතිවෙයි කුහක මිනිස්සු ඉන්නේ කියලා හිතලා

    එයාගෙ සල්ලිවලින් ද ඔය තාර දාන්නෙ නැහැනෙ? කවුරු ආවත් ඒව කරන්න ඕන දේවල්. අනිත් එක ඔහොම හිතුව ම හැමදේට් ම එයා තාර දැම්ම නිසා හොඳයි. මෙයා මට ජොබ් එකක් දුන්න නිසා හොඳයි. අරය ළමයව පාසලට දාල දුන්න නිසා හොඳයි. දිගට ම යන්නෙ ඒක. මැරෙනකන් දේශපාලන වහලෙක්. අනිත් එක ඒක කොහොම ද උදවුවක් වෙන්නෙ? ජනතා නියෝජිතයො කියන අයගෙ වගකීමක් ඒක.

    ඔච්චර කෙලෙහිගුණ දත් මිනිස්සුනම් ලංකාවෙ ඉන්නෙ තමන්ගෙ දෙමවුපියන්ට, ගුරුවරුන්ට කොච්චර දේවල් කරල තියෙන්න ඕන ද ඊට කලින්?

    හරි මෙහෙම හිතන්නකො ඔයා ඡන්දය එයාට දෙන්නෙ නෑ. එතකොට දෙන්නෙ කාටද?
     
    • Like
    Reactions: EK KILLER

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මේක දැම්මේ මටම මොටිවෙට් වෙන්න ;)

    මෝටිවේට් වෙන එක නෙමෙයි ගැටලුව් ඒ මෝටිවේෂන් එක දිගට ම තියාගන්න එක :D දිගට ම තියාගන්න
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මල්ලි. ඌ ඔයාගේ පාරට කොන්ක්‍රිට් දාන්නේ එයාගේ නෑදෑයෙක්ට කන්ට්‍රැක්ට් එක දීලා (හා ඒත් කමක් නෑ හැබැයි) වැඩේ කරනකොට කොලිටි අඩු කරනවා නම් ඌට එපා.. ඌ කොලිටියට වැඩේ කෙරෙව්ව්ත් ගමේ නගරේ ඉද්දි හොඳටම පේනවනම් උගේ නමින් බාර් , ශෙඩ් ඉදි වෙනවා කියලා, හොරෙන් වැලි පස් කපන වැඩ කරන්නේ උගේ ගෝලයෝ නම් හෝ උගේ ආශිර්වාදෙන් නම් ඌට චන්දය දෙන්න එපා...

    කළගුණ සලකන එක හරි භයානකයි. හැමෝටම සලකනවද බලන්න

    මෙහෙමයි ඉතින් අනාගතයේ ඔය වගේ දේවල් මිනිහ කරයි වගේ පේනවනම් මන් හිතන්නේ නැ ගමේ ජිවත් වන කවුරුවත් (බේබද්දෝයි, චන්ඩියි හැර) චන්දේ දේයි කියලා

    එහෙම නැත්තන් වෙන කිසිම උදව්වක් නොකරපු මිනිහෙක්ට චන්දේ දෙනවට වඩා අඩුම තරමේ අපි වෙනුවෙන් පාරවත් හදලා දීපු මිනිහට චන්දේ දුන්නට කමක් නෑනේ
    පාර හරියට හදලනම්
     

    donkosala

    Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    65271786.jpg
    vs
    iphone360_322103.jpg


    vs


    Popular Version
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඔය ධනාත්මක චින්තනය කියල කියාගන්න දෙය( බොහෝ දෙනා භාවිතා කරන විදිය ගැන කිවුවෙ), හෙට හොඳවෙයි කියල හිතන එක, ගොඩක් ලස්සන දෙයක ආරම්භය ඇතිවෙයි කියල හිතන එක සිත සනසගන්න තියෙන දේවල්. ඒවලින් බොහො වෙලාවට කරන්නෙ හිත රවට්ටන එක.

    ධනාත්මක ව හැමදේ ම ගැන හිතල එකපාරක් වැටුණොත් ඒ පුද්ගලයට ගොඩ එන්න සෑහෙන අමාරුයි. මොක ද එයාට ඒ වගේ අව්ස්ථවකට පුරුද්දක් නෑ.

    හොඳ ම දේ ඒක නෙමෙයි. තමන්ට වරදිනව. තමන් වැටෙනව. තමන් පජාත වෙනව. තමන් ප්‍රතික්ෂේප වෙනව. ඒත් ජීවිතය කියන ගමනෙ කොහො ම හරි එල්ලිල ඉන්නව. තමන්ට වෙන ඒ වගේ දේවල් වෙනස් කරගන්න උත්සහ කරනව. ඒවලින් පාඩම් ඉගෙන ගන්නව. ආයිත් ඒ වැරදි නොකර ඉන්න උත්සහ කරනව. උත්සහය අන්ති ම මොහොතෙවත් අත හරින්නෙ නැතුව යනවනම් ගොඩක් දේවල් ඉදරියට යයි.

    :love::love::love:
    හ්ම් ඒක තමයි වෙන්නොනේ
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මෙහෙමයි ඉතින් අනාගතයේ ඔය වගේ දේවල් මිනිහ කරයි වගේ පේනවනම් මන් හිතන්නේ නැ ගමේ ජිවත් වන කවුරුවත් (බේබද්දෝයි, චන්ඩියි හැර) චන්දේ දේයි කියලා

    එහෙම නැත්තන් වෙන කිසිම උදව්වක් නොකරපු මිනිහෙක්ට චන්දේ දෙනවට වඩා අඩුම තරමේ අපි වෙනුවෙන් පාරවත් හදලා දීපු මිනිහට චන්දේ දුන්නට කමක් නෑනේ
    පාර හරියට හදලනම්

    ඔයා ලංකාවෙ නෙමෙයි ද ඉන්නෙ? සුරංගනා ලෝකයක ද? :D

    ලංකාවෙ වෙන්නෙ ම ඒව තමයි. තාම ඔයාට තේරෙන්නෙ නැති දේ උදවුව කියන ‍එක. කොහෙ ද උදවුවක් තියෙන්නෙ? අපියි ඒ මනුෂ්‍යයට උදවු කරන්නෙ.

    දැන් ඔය පාර තලපු, තාර දාපු, පස් කපපු, පස් ඇදපු මිනිස්සු අපිට උදවුවක් කළේ කියල අපි එයාලට සලකන්න යනව ද? අපි එයාලව අපේ හදවතේ තියාගෙන ඉන්නව ද?

    වටිනා ඡන්දය දීල පත් කරල යවන්නෙ ඒව කරන්න තමයි. ඒක උදවුවක් නෙමෙයි. ඒකට එයාට අනිත් මිනිස්සුන්ට ම වගේ පඩියක් දෙනව. ඒව කරන්නෙ අපේ සල්ලිවලින්. අනිත් මිනිස්සු මහන්සිවෙලා ඕන ඒ පඩිය උපයගන්න. මෙයාල නිකන් මාසෙට දවස් කිහිපයක් එහෙට මෙහෙට ගිහින් ඒ ගාන උපයගන්නෙ.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ude wassa.. dan nan tikak payanawa.. but awwa naa :love::love: ගගට යන්න හදන්නේ නාගන්න කියල...

    මේ දවස්වලනම් ගංඟාවල නාන්න යන එක භයානකයි නේද?

    එළ එළ එහෙනම් නාල එන්න :D
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    මේ දවස්වලනම් ගංඟාවල නාන්න යන එක භයානකයි නේද?

    එළ එළ එහෙනම් නාල එන්න :D

    මෙහෙ එහෙම අව්ලක් නෑ බන්... එක පාරට වැඩි වෙන සීන් නෑ.. මැණික්ගඟේ උඩ හරියේ.. අපිටත් උඩින් තමයි ඇර වතුර වාහන එක තියෙන්නේ.... (එකේ නම මතක නෑ) :dull::dull: