විනේදේ නුඹයි ආදරේ ඇති තරම්
සොයා ගන්න බෑ කෙළවරක් කොයිතරම්
මා නුඹට දුන් ආදරේ තරම්
මට වැරදුනේ ඒකමයි මේ තරම්
ඒකයි මේ තරම්
බෑ බලන්නට දෑස්දිහා ඈ නුඹේ හින්දා
මා නොවෙයි ඈ නුඹේ ජිවිතේ හින්දා
බෑ බලන්නට දෑස් දිහා ඈ නුඹේ හින්දා
මා නොවෙයි ඈ නුඹේ ජිවිතේ හින්දා....
පිස දමන්නට ඕනේ නෑ වේලෙනා කදුළු
සිදී නොයාවි වේදනා මේ හිතේ පිරුණු
රිදී රිදී විදවපු වේදනා නිම නෑ
ආයේ මගේ ලෝකෙයේ නුඹ කියා කෙනෙක් තව නෑ
බෑ බලන්නට දෑස් දිහා ඈ නුඹේ හින්දා
මා නොවෙයි ඈ නුඹේ ජිවිතේ හින්දා.....
දෑස් පියාගෙන මා නුඹේ තුරුලේ හිටි අයුරු
කාත් කව්රුවත් අද ලග නෑ මිසක නෙතේ කදුළු
රිදී රිදී විදවපු වේදනා නිම නෑ
ආයේ මගේ ලෝකයේ නුඹ කියා කෙනෙක් තව නෑ ...
විනේදේ නුඹයි ආදරේ ඇති තරම්
සොයා ගන්න බෑ කෙළවරක් කොයිතරම්
මා නුඹට දුන් ආදරේ තරම්
මට වැරදුනේ ඒකමයි මේ තරම්
ඒකයි මේ තරම්
බෑ බලන්නට දෑස්දිහා ඈ නුඹේ හින්දා
මා නොවෙයි ඈ නුඹේ ජිවිතේ හින්දා
බෑ බලන්නට දෑස් දිහා ඈ නුඹේ හින්දා
මා නොවෙයි ඈ නුඹේ ජිවිතේ හින්දා....