~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

ඔව් ඔව් ඒක තමා අපණයන වැඩි කරල ආනයන අඩු කරල ඩොලර් ගෙන්න ගන්න බලන්න ඕනෙ...

අපනයනය කරන්න වෙන්නෙ අපිවතමයි .. වෙන යවන්න දෙයක් මෙහෙ හදන්නෙ නෑනෙ... :lol::lol::lol:

අලුතින් ගත්ත වාහන විකුනල පරණ ඒවම පාවිච්චියට ගන්න ඕනෙ..

ඉතිං ඒවා ගන්න වෙන්නෙත් මෙහෙ ඉන්න අයටමනෙහ් :baffled::baffled::baffled:
 

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඉතිං කොහෙත් එහෙම තමා. ඒත් ඒකෙ වරදක් නෑ සල්ලිකාරයො වැඩිවෙන්න වෙන්න මිනිස්සුන්ට රස්සාවල් වැඩිවෙනවා. මොකද ඒමිනිසු හම්බ කරන්නෙ දේවල් වලින් 45% වගේ කොහොමත් වියදම් කරනවා.

    සල්ලිකාරයො වැඩිවුණා කියල නිශ්පාදනය වැඩිවෙන්නෙ නෑ. දැන් සමහර සල්ලිකාරයොන්ගෙ සල්ලි බැංකුවල නිකන් පුස් කකා තියෙනව. ඒව නිසිපරිදි ආයෝජනය වුණොත් තමයි හරියන්නෙ. ඒකට ඉතින් බැංකුවලින් නිසි අයට ණය දෙන්න ඕන. ‍රැකියා උත්පාදනය වෙන ඒවලට ණය දෙන්න ඕන.
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    ඉදින් ඉදින්....මොකෝ කරේ මේටිකේ වැඩිය පේන්න හිටියෙ නැත්තෙ

    එහෙම එලකිරිය දාලා යන්නෑ ෆ්‍රෙන්.....:P:P
    ඊයේ දවස නම් උදේ ඉඳල පොඩ්ඩක් බිසී. අද නම් ගෙදර හිටියේ.:)
    විලම්භීත වෙලා ඉන්නේ .......:baffled::baffled:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඕක කරන්න .බෑ අපේ අයට ඕනෙ වෙන කොහෙහරි හදන එකක්ම ගන්න. රට මොකක් උනත් කමක් නැහැ....

    එහෙම කියන්න බෑ. ඔයා කියන ජාතියෙ පිරිසක් ඉන්නව. ඒත් ගොඩක් ඉන්දියන් ඒවට යන අය අනිවාර්යයෙන් තෙල් වැඩ කරන එක ගැන තමයි හිතන්නෙ. පැන්ඩ වගේ එකකට යන්නෙ නැත්තෙ ඒක නිසා. ඉතින් ලංකාවෙ හොඳ එකක් තියෙනවනම් ගාන අඩුවට එයාල ඒකට යනව.
     
    ඒකටනම් Exchange Rate එකට වඩා බලපාන්නෙ අපේ වැරදි. කියාගන්නෙ කෘෂිකාර්මික රටක් කියල. ඒ වුණාට කන්න ගේන්නෙත් පිටරටින්. මුලින් ආන්ඩුවක් වුණා ම කරන්න ඕන ඒ වගේ දේවල් ගැන සමීක්ෂණයක් කරල වැඩිපුර පරිබෝජනය කරන ඒව නිශ්පාදනය කරන්න දිරි දෙන එක. හා ඒව නිසියාකාරව බෙදා හැරෙන විදියෙ වැඩපිලිවෙලක් සකස් කරන එක.

    සමහර දේවල් ඉතින් ලංකාවෙ නිශ්පාදනය කරනවට වැඩිය පිටරටින් ගේන එක වාසියි. ඒත් ලංකාවෙ ඒව නිපදවන්න පුළුවන්නම් සාධාරණ මිලකට පිටරටින් ගේන්න ඕන නැහැනෙ.

    සමහර ඒව ඉතින් පිටරටින් ‍ගේන්න ම ඕන. ඒ වගේ ඒව ගෙනාව කියල වරදක් නෑ. ගැටලුව තියෙන්න අපි පිටරටට යවන්න ඕන දේවල් හදන්නෙ නැති එකනෙ.

    අපේ රටේ මිනිස්සු මෙහෙ හැදෙන දේවල් පාවිච්චි කරන්න කැමති නෑ ඉතිං වෙන රටවලින් ගේන දේවල්ම තමා එයාලට ඕනෙ ........ ඕක වෙනස් කරන්න නම් අර මහින්ද ආව කාලේ වගා කරන්න පටන් ගත්තා වගේ. පටන් අරන් ඒක එකදිගට අවුරුදු 15 වගේ කරන්න වෙනවා. නැතුව අපේ අය හුරු කරන්න බෑ.. අනිත් එක අපේ අය මෙහෙ හැදන දේවල් සාදාරණ ගානකට දෙන්න කැමති නෑ එහෙම උනාමත් ඒදේවල් අඩුවට පිටරටින් ගේන්න වෙනවා .
     
    සල්ලිකාරයො වැඩිවුණා කියල නිශ්පාදනය වැඩිවෙන්නෙ නෑ. දැන් සමහර සල්ලිකාරයොන්ගෙ සල්ලි බැංකුවල නිකන් පුස් කකා තියෙනව. ඒව නිසිපරිදි ආයෝජනය වුණොත් තමයි හරියන්නෙ. ඒකට ඉතින් බැංකුවලින් නිසි අයට ණය දෙන්න ඕන. ‍රැකියා උත්පාදනය වෙන ඒවලට ණය දෙන්න ඕන.

    ඒක තමයි රනිල් කරන්න හැඩුවෙ ඒකට තමා දැන් මෙයාලා කටුව ගහන්න හදන්නෙ...