කොයි පැත්තටවත් කඩේ යන්නෙ නැතුව ඉන්නවනම් ඔහොම නටන්නෙ නැහැනෙ පාලකයො. 225 ඉඳගෙන හැමදා ම කට්ටියව නටවනව රූකඩ වගේ. අවුරුදු 5 සැරයක් ගිහින් ඡන්දෙ දීල ඇවිත් නට නට ඉන්නව එයාලට අවශ්‍යය විදියට. මිනිස්සු වුණා ම හොඳ දේ හොඳයි කියන්න වගේ ම නරක දේ නරකයි කියන්න පුළුවන් වෙන්න ඔන කවුරු කළත්. එහෙම බැරිවුණාට පස්සෙ ඉතින් පාලකයන්ට බැණලවත්, වෙන වෙන අයට බැණලවත් තේරුමක් නෑ. මොක ද මිනිස්සුමයි එයාලව ඒ තත්වයට පත් කරන්නෙ.
අනිවාර්යෙන් හොදදේ හොදයි නරක දේ නරකයි. කියන්න ඕන. මිනිස්සු එයාල ඒ තත්වෙට පත්කරනව නෙවෙයි ඒ තත්වෙට ආවම මොලේ වෙන තැනකට ගනමන් කරනව... විශේෂයෙන් පරාජය ලබල ඉන්න කාලය වැඩිනම් දෛනුවම නටන වන්නම් ගානත් වැඩියි...





