සාමාන්යෙන් සමාජය හරියි කියලා පිළිගන්නේ බහුතරයකගේ මතයනේ
ඒ බහුතරේ මතය නිවැරදි මතය නොවෙන්න බැරිද?
සමාජයේ බහුතර මතය හෝ පිළිගැනීම කියන දේත් සාපේක්ෂයි. ඔයා ඔය අහන ප්රශ්නයට සම්බන්ධවෙන පුද්ගලයා හෝ පුද්ගලයන් කණ්ඩායම අනුව තමයි මතය හරි හෝ වැරදි කියල පිළිගන්නෙ. හැබැයි ඒවට සමාජයේ මතයන් බලපානව. එයාල හැදුන වැඩුන සමාජයේ මුල්බැසගත්ත මතයන් අනුව එයාලගෙ මනසත් හැඩගැහෙනව.
සමාජය කියන දේ අපිට නීර්ණය කරන්න බැහැනෙ. ඒ කියන්නෙ කෙනෙකුට සමාජය තමන්ගෙ පවුල වටා තියෙන එක වෙන්න පුළුවන්. තව කෙනෙකුට සමාජය තමන්ගෙ ගම වෙන්න පුළුවන්. තව කෙනෙකුට සමාජය තමන් ආශ්රය කරන අය වෙන්න පුළුවන්.
ඒක නිසා සමාජයක බහුතර මතය හැමවිට ම නිවැරදි මතය වෙන්නෙ නෑ.





