~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මහින්ද මාමිට බලතල කිසිවක් තිබුණෙ නැහැනෙ කාලයක්. ඇයි මිනිස්සු පස්සෙන් ගියෙ?

    බලතල කියන දේවල් හදාගන්නෙත් එයාලමයි. බලතල නෙමෙයි ඔතන ගැටලුව. බලතල කියන සිස්ටම් එකයි ගැටලුව. එතනට එන අයව කොහොමත් ඒකට ආකර්ෂනය කරන්න හැදිල තියෙන්නෙ ඒව.

    හරි දැන් බලතල අඩු කරල ගේන සිස්ටම් එක මොකක් ද?
    එහෙම බැලුවොත් විපක්ෂයකට මිනිස්සු කවුරුත් ඉන්න විදිහක් නෑනේ ඇයි එයාලට බලතල නෑ නෙ. බලේ තියෙන කාලේ කරපුව හින්ද තමා ඒව ආයෙත් ගන්න බලාපොරොත්තුවෙන් මිනිස්සු ඊළඟ චන්දෙ වෙනුවෙන් වැඩ කරන්නේ.

    හැමෝම මේ ගොඩට වැටෙන්නේ නෑ මම කියන්නේ ඔය අරක්කු බෝතලේට බත් පැකට් එකට රස්සාවට දේසපාලුවෝ පස්සේ යන අය ගැන. ඕව මුකුත් නැතුව චන්දෙ දෙන අයත් ඉන්නව එයාල හිටියට කමක් නෑ.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඒ වුනාට සිස්ටම් එකක් ස්පෝඨනය කරන්න පුළුවන් හොඳම විදිහ අභ්‍යන්තරයෙන් ඉඳල වෙනස් කරන එක. බාහිරින් සිස්ටම් එකක් කඩන්න අමාරුයි.
    සිස්ටම් එක වෙනස් කරන්න නම් දේශපාලනයට යන්නම වෙනවා.
    මම දකින විදිහට ලංකාවේ ඔය කාරනාව හොඳටම තේරුම් ගත්තු මනුස්සයා තමා රෝහණ විජේවීර.

    අභ්‍යන්තරයට ඇතුල් වෙන්න කියන්නෙ මෙහෙමයි. ජනාධිපති කෙනෙක් වෙන්න බැහැනෙ නිකන් උඩින් වැටිල. අනිවාර්යයෙන් සිස්ටම් එකට ඇතුල් වෙන්න ඕන. හැබැයි හැමෝ ම සිස්ටම් එකට ඇතුල් වෙන්න හදන්නෙ තියෙන සිස්ටම් එකේ මාර්ගයෙන්මනෙ. එහෙම නැතුව ඇතුල් වෙන්න පුළුවන් ක්‍රම තියෙනව.

    දැන් ඒත් ඔයාල කථා කරපු අය ඇතුල් වෙන්න හදන්නෙ නිකන් උඩින් වැටිල. එහෙම ආවහම ජනතාව පිළිගන්නෙ නෑ. එයාලට කරනවනම් තිබුණෙ එකපාරට ඔහොම එන්නෙ නැතුව ජනතාව අතරින් එන එක. ඒ කියන්නෙ ජනතාවට දැනෙන්න ඕන.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හරි දැන් බලතල අඩු කරල ගේන සිස්ටම් එක මොකක් ද?

    වෙනම අමුතු එකක් ඕනේ නෑ මේ තියෙන ඒකෙ මන්ත්‍රීලට ඇමතිලට පිස්සු නටන්න තියෙන ඉඩ අඩු කරලා නීති තද කරාම ඇති. සිස්ටම් වෙනස් කරන්න කියල විප්ලව කරන්න ඕනේ නෑ.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එහෙම බැලුවොත් විපක්ෂයකට මිනිස්සු කවුරුත් ඉන්න විදිහක් නෑනේ ඇයි එයාලට බලතල නෑ නෙ. බලේ තියෙන කාලේ කරපුව හින්ද තමා ඒව ආයෙත් ගන්න බලාපොරොත්තුවෙන් මිනිස්සු ඊළඟ චන්දෙ වෙනුවෙන් වැඩ කරන්නේ.

    හැමෝම මේ ගොඩට වැටෙන්නේ නෑ මම කියන්නේ ඔය අරක්කු බෝතලේට බත් පැකට් එකට රස්සාවට දේසපාලුවෝ පස්සේ යන අය ගැන. ඕව මුකුත් නැතුව චන්දෙ දෙන අයත් ඉන්නව එයාල හිටියට කමක් නෑ.

    ඔයාට මං කියන දේ තේරෙන්නෙ නැත්තෙ ඔයා සිස්ටම් එක ගැන හිතන නිසා. සිස්ටම් එක හැදිල තියෙන්නෙ මතුපිටට පක්ෂ විපක්ෂ කියල දෙකොට්ටාෂයක්. සරලව කිවුවොත් ඉතින් කැමති අකමැති. ඒත් ඔය සිස්ටම් එක ඔයිට වඩා සෑහෙන ගැඹුරු තැනකින් තමයි අල්ලගෙන ඉන්නෙ.

    ඔය බලය තියෙන අය 225 නේද ඉන්නෙ? එක්කොටිගානක් ඉන්න මිනිස්සු ඇයි විරුද්ධ නොවෙන්නෙ ඒ අයට? මොක ද ඒ අයගෙ තියෙන බලය නිසා ද? නෑ.‍ හේතුව ඔයා ම හිතල කියන්නකො.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    වෙනම අමුතු එකක් ඕනේ නෑ මේ තියෙන ඒකෙ මන්ත්‍රීලට ඇමතිලට පිස්සු නටන්න තියෙන ඉඩ අඩු කරලා නීති තද කරාම ඇති. සිස්ටම් වෙනස් කරන්න කියල විප්ලව කරන්න ඕනේ නෑ.

    ඇමතිල මන්ත්‍රීලට පිස්සු නටන්න තියෙන නීති තද කරනව. හරි කියමු. එතකොට කාර්යාල සේවක මහතාගෙ ඉදල අල්ලස් ගන්න ඒව, ලිපිලේඛන පරක්කුකරන ඒව, ඒවල නිදාගන්න ඒව etc. සේර ම නවතිනව ද?
     
    QpbESI0.jpg

    ඩෝ ඩෝ ඩෝ ඩෝ:P
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    අභ්‍යන්තරයට ඇතුල් වෙන්න කියන්නෙ මෙහෙමයි. ජනාධිපති කෙනෙක් වෙන්න බැහැනෙ නිකන් උඩින් වැටිල. අනිවාර්යයෙන් සිස්ටම් එකට ඇතුල් වෙන්න ඕන. හැබැයි හැමෝ ම සිස්ටම් එකට ඇතුල් වෙන්න හදන්නෙ තියෙන සිස්ටම් එකේ මාර්ගයෙන්මනෙ. එහෙම නැතුව ඇතුල් වෙන්න පුළුවන් ක්‍රම තියෙනව.

    දැන් ඒත් ඔයාල කථා කරපු අය ඇතුල් වෙන්න හදන්නෙ නිකන් උඩින් වැටිල. එහෙම ආවහම ජනතාව පිළිගන්නෙ නෑ. එයාලට කරනවනම් තිබුණෙ එකපාරට ඔහොම එන්නෙ නැතුව ජනතාව අතරින් එන එක. ඒ කියන්නෙ ජනතාවට දැනෙන්න ඕන.

    මම දන්නේ නෑ මේකත් දේශපාලන නාට්ටියක කොටසක්ද කියන එක......එහෙම නැතුව මේ මිනිස්සු සැබෑම අරමුණකින් නම් මේ ඉදිරිපත් වෙලා තියෙන්නේ,
    මෙයාලා පාවිච්චි කරන්න හදන්නේ මිනිස්සුන්ගේ කලකිරීම.
    ඒ කිව්වේ බහුතරයක් රටේ පහුගිය අවුරුදු 70 ගැන මිනිස්සුන්ගේ ඇති අප්‍රසාදය ප්‍රයෝජනයට ගැනීම.
    හැබැයි මම හිතන්නේ නෑ ඒක එච්චර ස්මාර්ට් තීරණයක් කියල.

    පැරෂුට් ක්‍රමයක්.

    ඩොනල්ඩ් ට්‍රම්ප් ඊට වඩා මාරම ස්මාර්ට්..... The Apprentice (U.S. TV series) 2004 ඉඳලම මනුස්සයාගේ චරිතය ඇමෙරිකන් කාරයාගේ හිතේ චුට්ට චුට්ට පැල කරලා තමා මනුස්සයා අවසන සටනට එන්නේ.

    ඒත් මේ මිනිස්සුන්ව මෙලෝ යකෙක් දන්නේ නෑනේ.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    ඩෝ ඩෝ ඩෝ ඩෝ:P

    සංවාදයක් යද්දි මේ වගේ වෙන පැතිවලට මිනිස්සු ඇ‍දගෙන යන මිනිස්සුත් එක්කෙනෙක් හරි යාලුවො අතර ඉන්නවා බ්‍රෝ :rofl:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මම දන්නේ නෑ මේකත් දේශපාලන නාට්ටියක කොටසක්ද කියන එක......එහෙම නැතුව මේ මිනිස්සු සැබෑම අරමුණකින් නම් මේ ඉදිරිපත් වෙලා තියෙන්නේ,
    මෙයාලා පාවිච්චි කරන්න හදන්නේ මිනිස්සුන්ගේ කලකිරීම.
    ඒ කිව්වේ බහුතරයක් රටේ පහුගිය අවුරුදු 70 ගැන මිනිස්සුන්ගේ ඇති අප්‍රසාදය ප්‍රයෝජනයට ගැනීම.
    හැබැයි මම හිතන්නේ නෑ ඒක එච්චර ස්මාර්ට් තීරණයක් කියල.

    පැරෂුට් ක්‍රමයක්.

    ඩොනල්ඩ් ට්‍රම්ප් ඊට වඩා මාරම ස්මාර්ට්..... The Apprentice (U.S. TV series) 2004 ඉඳලම මනුස්සයාගේ චරිතය ඇමෙරිකන් කාරයාගේ හිතේ චුට්ට චුට්ට පැල කරලා තමා මනුස්සයා අවසන සටනට එන්නේ.

    ඒත් මේ මිනිස්සුන්ව මෙලෝ යකෙක් දන්නේ නෑනේ.

    ඒක තමයි මං කියන්නෙ. එයාල වැරදි තැනින් පටන් ගන්නෙ. අරමුණ හොඳ එකක් ම කියමු. ඒත් එයාල පටන් ගන්නෙ වැරදි තැනින්.

    ලංකාවෙ මිනිස්සුන්ගෙ රටාව, අභ්‍යන්තරය දන්නෙ නැතුව කොහොම ද එයාල ඔය ප්‍රශ්න විසඳන්න හදන්නෙ. ණය ටික ගෙවුවොත් අපේ මිනිස්සු නිකන් කන්න දෙනකන් කියල ඊට පස්සෙ බලාගෙන ඉඳියි.
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ඒක තමයි මං කියන්නෙ. එයාල වැරදි තැනින් පටන් ගන්නෙ. අරමුණ හොඳ එකක් ම කියමු. ඒත් එයාල පටන් ගන්නෙ වැරදි තැනින්.

    ලංකාවෙ මිනිස්සුන්ගෙ රටාව, අභ්‍යන්තරය දන්නෙ නැතුව කොහොම ද එයාල ඔය ප්‍රශ්න විසඳන්න හදන්නෙ. ණය ටික ගෙවුවොත් අපේ මිනිස්සු නිකන් කන්න දෙනකන් කියල ඊට පස්සෙ බලාගෙන ඉඳියි.

    ඔව් වැරදි තැනකින් නම් තමා පටන් ගත්තේ. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා ඔය ගන්න ස්ටෙප් එකෙන් පස්සේ ඊළඟට යහපත් අරමුණකින් ඉදිරියට එන්න බලාපොරෝර්ත්තු වෙන කෙනෙකුට ඕක හොඳ පාඩමක් වෙනවා.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔයාට මං කියන දේ තේරෙන්නෙ නැත්තෙ ඔයා සිස්ටම් එක ගැන හිතන නිසා. සිස්ටම් එක හැදිල තියෙන්නෙ මතුපිටට පක්ෂ විපක්ෂ කියල දෙකොට්ටාෂයක්. සරලව කිවුවොත් ඉතින් කැමති අකමැති. ඒත් ඔය සිස්ටම් එක ඔයිට වඩා සෑහෙන ගැඹුරු තැනකින් තමයි අල්ලගෙන ඉන්නෙ.

    ඔය බලය තියෙන අය 225 නේද ඉන්නෙ? එක්කොටිගානක් ඉන්න මිනිස්සු ඇයි විරුද්ධ නොවෙන්නෙ ඒ අයට? මොක ද ඒ අයගෙ තියෙන බලය නිසා ද? නෑ.‍ හේතුව ඔයා ම හිතල කියන්නකො.
    මනුස්සයෙක්ව රජාට අන්දලා එයා පස්සේ යන එක, පක්ෂ පාට මන්ත්‍රීල ඇමතිල වන්දනාමාන කරන එක අපට වෙනස් කරන්න බෑ ලේසියෙන්. ඒවා ඒ මිනිස්සුන්ගේ විස්වාස සංස්කෘතිය අනං මනං එක්ක එන ඒවා. ඒ සිස්ටම් එක වෙනස් කරන්න ඉතින් වෙනම DNA වල ඉඳන්
    ම අලුතෙන් ලියන්න වේවි. මම කියන්නේ මේ නීති රීති අනං මනං වලින් හැදිලා තියෙන සිස්ටම් එක ගැන. ප්‍රායෝගිකව කරන්න පුළුවන් දේවල් ඉස්සෙල්ල කරන්න එපැයි.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔව් වැරදි තැනකින් නම් තමා පටන් ගත්තේ. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා ඔය ගන්න ස්ටෙප් එකෙන් පස්සේ ඊළඟට යහපත් අරමුණකින් ඉදිරියට එන්න බලාපොරෝර්ත්තු වෙන කෙනෙකුට ඕක හොඳ පාඩමක් වෙනවා.

    ඔව් ඒත් දැන් කලිනුත් එහෙම ස්ටෙප් අරගෙන ආවනෙ කට්ටිය. එයාලව දැන් හොයාගන්වත් නෑ. පාඩම් ඉගෙන ගන්නත් අපි හරි අකමැති ජාතියක්. මාන්නය කියන එක ටිකක් තියෙනවනෙ අපිට :D ඒත් හරිම සුන්දර මිනිස්සු කොටසක් ඉන්නෙ.

    හැබැයි ඉතින් ඔය කට්ටිය ම දිගට ම ඉඳල එයාලට වැරදුන තැන් හදාගෙන එනවනම් යමක් කරගන්න පුළුවන් වෙයි.

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඇමතිල මන්ත්‍රීලට පිස්සු නටන්න තියෙන නීති තද කරනව. හරි කියමු. එතකොට කාර්යාල සේවක මහතාගෙ ඉදල අල්ලස් ගන්න ඒව, ලිපිලේඛන පරක්කුකරන ඒව, ඒවල නිදාගන්න ඒව etc. සේර ම නවතිනව ද?
    දැන් අපි කතාකරන්නේ පාර්ලිමේන්තුවට යන මිනිස්සු ටික හදාගන්න විදිහනේ. රටේ තියෙන හැම ප්‍රශ්නෙටම විසඳුම් හොයන්න එකක් නෑ "තියරි ඔෆ් එව්රිතින්" වගේ. උඩ ඉඳන් හදාගෙන ආවම යටිනුත් හැදේවි. කොහොමත් සර්වසම්පුර්ණ සමාජයක් හදන්න බෑ එහෙම ඒවා දියුණු රටවලවත් නෑ නෙ.