මනුස්සයෙක්ව රජාට අන්දලා එයා පස්සේ යන එක, පක්ෂ පාට මන්ත්‍රීල ඇමතිල වන්දනාමාන කරන එක අපට වෙනස් කරන්න බෑ ලේසියෙන්. ඒවා ඒ මිනිස්සුන්ගේ විස්වාස සංස්කෘතිය අනං මනං එක්ක එන ඒවා. ඒ සිස්ටම් එක වෙනස් කරන්න ඉතින් වෙනම DNA වල ඉඳන්
ම අලුතෙන් ලියන්න වේවි. මම කියන්නේ මේ නීති රීති අනං මනං වලින් හැදිලා තියෙන සිස්ටම් එක ගැන. ප්‍රායෝගිකව කරන්න පුළුවන් දේවල් ඉස්සෙල්ල කරන්න එපැයි.

දැන් අපි කතාකරන්නේ පාර්ලිමේන්තුවට යන මිනිස්සු ටික හදාගන්න විදිහනේ. රටේ තියෙන හැම ප්‍රශ්නෙටම විසඳුම් හොයන්න එකක් නෑ "තියරි ඔෆ් එව්රිතින්" වගේ. උඩ ඉඳන් හදාගෙන ආවම යටිනුත් හැදේවි. කොහොමත් සර්වසම්පුර්ණ සමාජයක් හදන්න බෑ එහෙම ඒවා දියුණු රටවලවත් නෑ නෙ.
වෙනසක් වෙන්නේ නෑ කියල මුකුත් නොකර ඉන්නවට වඩා පුළුවන් විදිහට හරි හිල් වහන එක හොඳයි නෙ. දැන් මේ තියෙන අවුල උනත් වෙලා තියෙන්නේ හරියට හිල් වහන්නේ නැතුව බාග ව්‍යවස්ථාවක් හදල අනවශ්‍ය බලතල සමහරුන්ට දීල තියෙන හින්දනේ. ඔය වාක්‍ය ටික හරියට හදල තිබුන නං මේ කිසි අවුලක් නෑ.
ඒක තමයි කියන්නෙ. ඔය නීති දැම්ම කියල අබමල් රේණුවක වෙනසක් වෙන්නෙ නෑ. මොක ද එකක් වහද්දි එයාල ක්‍රම 10 හොයාගනියි.
වැඩිය ඕන නැහැනෙ දැන් ඔච්චර නීති තියෙනව. එක ජනතා නියෝජිතයෙක්ගෙ හොරයක් අල්ලල නීතිමගින් හරි දඬුවමක් දීල ඒ අයවෙන්න ඕන දේවල් අයකරගත්ත ද?
එක චාන්ස් එකක් තියෙනව. ඉදිරිපෙල යුධ මෙහෙයවන්නන් එකපාරට මොනා හරි වෙලා ඒ දේවලට අසමත් වුණොත් පසුපෙල මෙහෙයවන්නන්ට ඉදිරිපෙල කරා එන්න යන කාලය ප්‍රයෝජනයට ගන්න පුළුවන් ජනතාවට.
වෙනසක් වෙන්නේ නෑ කියල මුකුත් නොකර ඉන්නවට වඩා පුළුවන් විදිහට හරි හිල් වහන එක හොඳයි නෙ. දැන් මේ තියෙන අවුල උනත් වෙලා තියෙන්නේ හරියට හිල් වහන්නේ නැතුව බාග ව්‍යවස්ථාවක් හදල අනවශ්‍ය බලතල සමහරුන්ට දීල තියෙන හින්දනේ. ඔය වාක්‍ය ටික හරියට හදල තිබුන නං මේ කිසි අවුලක් නෑ.
දැන් පාරේ යද්දී හප්පන එකා කොච්චර නීති දැම්මත් හප්පනවනේ කියල මාර්ග නීති නැතුව ඔහේ කැමති විදිහට වාහන වලට යන්න දීල හරියන්නේ නෑ නෙ. ඒ වගේ තමා.ඕව එහෙම හදන්න බෑ. රටේ තියෙන සියලු ප්‍රශ්නවලට විසඳුම් කවදත් ලැබෙන්නෙ නෑ. මොක ද මිනිසා සිත කියන දේ එහෙම සෑහිමකට පත්වෙන්නෙ නෑ. මං කියන්නෙ ඒක නෙමෙයි. ඔයා කියන නීති රීති දාල නවත්වන්න බැහැ කියල.