~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

1md0ELL.jpg

:sorry::sorry::sorry:
 
Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මනුස්සයෙක්ව රජාට අන්දලා එයා පස්සේ යන එක, පක්ෂ පාට මන්ත්‍රීල ඇමතිල වන්දනාමාන කරන එක අපට වෙනස් කරන්න බෑ ලේසියෙන්. ඒවා ඒ මිනිස්සුන්ගේ විස්වාස සංස්කෘතිය අනං මනං එක්ක එන ඒවා. ඒ සිස්ටම් එක වෙනස් කරන්න ඉතින් වෙනම DNA වල ඉඳන්
    ම අලුතෙන් ලියන්න වේවි. මම කියන්නේ මේ නීති රීති අනං මනං වලින් හැදිලා තියෙන සිස්ටම් එක ගැන. ප්‍රායෝගිකව කරන්න පුළුවන් දේවල් ඉස්සෙල්ල කරන්න එපැයි.

    ඒක තමයි කියන්නෙ. ඔය නීති දැම්ම කියල අබමල් රේණුවක වෙනසක් වෙන්නෙ නෑ. මොක ද එකක් වහද්දි එයාල ක්‍රම 10 හොයාගනියි.

    වැඩිය ඕන නැහැනෙ දැන් ඔච්චර නීති තියෙනව. එක ජනතා නියෝජිතයෙක්ගෙ හොරයක් අල්ලල නීතිමගින් හරි දඬුවමක් දීල ඒ අයවෙන්න ඕන දේවල් අයකරගත්ත ද?

    එක චාන්ස් එකක් තියෙනව. ඉදිරිපෙල යුධ මෙහෙයවන්නන් එකපාරට මොනා හරි වෙලා ඒ දේවලට අසමත් වුණොත් පසුපෙල මෙහෙයවන්නන්ට ඉදිරිපෙල කරා එන්න යන කාලය ප්‍රයෝජනයට ගන්න පුළුවන් ජනතාවට.
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    සෝ...අදට ඇති ෆ්‍රෙන්ඩ්ස්....මම යනවා ගුඩ් නයිට්.

    අද ඔන්න මම ගහපු පොටෝ එකක්ම දානවා. මේ හන්තාන කඳු පන්තිය...:D

    0wnLp8r.jpg
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    දැන් අපි කතාකරන්නේ පාර්ලිමේන්තුවට යන මිනිස්සු ටික හදාගන්න විදිහනේ. රටේ තියෙන හැම ප්‍රශ්නෙටම විසඳුම් හොයන්න එකක් නෑ "තියරි ඔෆ් එව්රිතින්" වගේ. උඩ ඉඳන් හදාගෙන ආවම යටිනුත් හැදේවි. කොහොමත් සර්වසම්පුර්ණ සමාජයක් හදන්න බෑ එහෙම ඒවා දියුණු රටවලවත් නෑ නෙ.

    ඕව එහෙම හදන්න බෑ. රටේ තියෙන සියලු ප්‍රශ්නවලට විසඳුම් කවදත් ලැබෙන්නෙ නෑ. මොක ද මිනිසා සිත කියන දේ එහෙම සෑහිමකට පත්වෙන්නෙ නෑ. මං කියන්නෙ ඒක නෙමෙයි. ඔයා කියන නීති රීති දාල නවත්වන්න බැහැ කියල.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    ඒක තමයි කියන්නෙ. ඔය නීති දැම්ම කියල අබමල් රේණුවක වෙනසක් වෙන්නෙ නෑ. මොක ද එකක් වහද්දි එයාල ක්‍රම 10 හොයාගනියි.

    වැඩිය ඕන නැහැනෙ දැන් ඔච්චර නීති තියෙනව. එක ජනතා නියෝජිතයෙක්ගෙ හොරයක් අල්ලල නීතිමගින් හරි දඬුවමක් දීල ඒ අයවෙන්න ඕන දේවල් අයකරගත්ත ද?

    එක චාන්ස් එකක් තියෙනව. ඉදිරිපෙල යුධ මෙහෙයවන්නන් එකපාරට මොනා හරි වෙලා ඒ දේවලට අසමත් වුණොත් පසුපෙල මෙහෙයවන්නන්ට ඉදිරිපෙල කරා එන්න යන කාලය ප්‍රයෝජනයට ගන්න පුළුවන් ජනතාවට.
    වෙනසක් වෙන්නේ නෑ කියල මුකුත් නොකර ඉන්නවට වඩා පුළුවන් විදිහට හරි හිල් වහන එක හොඳයි නෙ. දැන් මේ තියෙන අවුල උනත් වෙලා තියෙන්නේ හරියට හිල් වහන්නේ නැතුව බාග ව්‍යවස්ථාවක් හදල අනවශ්‍ය බලතල සමහරුන්ට දීල තියෙන හින්දනේ. ඔය වාක්‍ය ටික හරියට හදල තිබුන නං මේ කිසි අවුලක් නෑ.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    වෙනසක් වෙන්නේ නෑ කියල මුකුත් නොකර ඉන්නවට වඩා පුළුවන් විදිහට හරි හිල් වහන එක හොඳයි නෙ. දැන් මේ තියෙන අවුල උනත් වෙලා තියෙන්නේ හරියට හිල් වහන්නේ නැතුව බාග ව්‍යවස්ථාවක් හදල අනවශ්‍ය බලතල සමහරුන්ට දීල තියෙන හින්දනේ. ඔය වාක්‍ය ටික හරියට හදල තිබුන නං මේ කිසි අවුලක් නෑ.

    නීතිය ශක්තිමත් කරන එක නරක නෑ. ඒත් අවුලකට තියෙන්නෙ ඕව ගේන්නෙත් ඒ අයම වෙන එකයිනෙ. ඔන්න ජනතාවගේ උගත් හා වෙනත් සියලු ම වගේ ස්ත්‍රර නියෝජනය වෙන ලොකු නියැදියක අදහස් හා යොජනා මත ඔය දේවල් සම්මත වෙනවනම් ඔයිට හොඳ වෙයි.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඕව එහෙම හදන්න බෑ. රටේ තියෙන සියලු ප්‍රශ්නවලට විසඳුම් කවදත් ලැබෙන්නෙ නෑ. මොක ද මිනිසා සිත කියන දේ එහෙම සෑහිමකට පත්වෙන්නෙ නෑ. මං කියන්නෙ ඒක නෙමෙයි. ඔයා කියන නීති රීති දාල නවත්වන්න බැහැ කියල.
    දැන් පාරේ යද්දී හප්පන එකා කොච්චර නීති දැම්මත් හප්පනවනේ කියල මාර්ග නීති නැතුව ඔහේ කැමති විදිහට වාහන වලට යන්න දීල හරියන්නේ නෑ නෙ. ඒ වගේ තමා.