අලුතින් pc එකක් build කරන්න කියලා බැලුවේ කලින් එකත් 2017 දි වගේ build කලේ අදවෙනකන් නම් කිසිම අව්ලක් වෙලා නැ
දැන් අලුත් එකකට යන්න කාලේ හරි performance පැත්තගැන හිතනකොට
PC එක පාවිච්චි වෙන්නේ ගොඩාක් වෙලාවට development වලට, ඉදලා හිටලා video එකක් දෙකක් එඩිට් කරනවා, කම්මැලි හිතුනාම ගේම එකක් දෙකක් play කරන්න
දැනට විස්තර හොයලා හිතාගත්තේ මෙන්න මේ ටික තමා
- Intel Core i7 14700 Processor
- Asus TUF B760 Mother board or Asus Prime B760 DDR5
CORSAIR VENGEANCE 32GB (2X16GB) DDR5 5200MHZ KIT
- 500GB M2, 500GB SSD
- 650W Gold PSU
- Basic 120mm 3 fan casing
27inch 2K monitor
VGA එක පසුවට සල්ලි මදි මේ ටික ගත්තාම
දැන් මට තියෙන ප්‍රෂ්ණ තමා
- motherboard එක මොකද්ද ගන්නේ මේ දෙකෙන් හොද එක මොකද්ද ගෙවන ගානට
- DDR5 vs DDR4
- CPU එකට basic fan එක ඇතිද කස්ටම් එකක් දාන්න අවෂයයිද ? liquids coolers වලටනම් ලොකුවට වියදම් කරන්න අදහසක් නැ
- මෙතන මම තොරලා තියෙන එවාගේ incompatibilities මොනවාහරි තියෙනවාද ?
- ලක්ස 2කට විතර යන්න පුලුවන් හොද VGA මොනවාද තියෙන්නේ
- ආ ඉස්සරහාට මිල ගනන් කොහොම වෙයිද ?
- 27inch මොනිටර් මොනවාද recommend කරන්නේ
- 27 එකක් ගන්නවාද 32 4K එකකට යන එක හොදයිද ?
- m2 හා SSD වලට හොද brands මොනවාද recommend කරන්න පුලුවන්
Bump එකකුත් දාගෙන යමු පුලුවන් කට්ටිය