වසර දහසයකට පෙර ශිෂ්‍යත්ව පංතියකදී අප මුන ගැසුන හැටි
ශිෂ්‍යත්ව විභාගයෙන් පසු වසර පහක් අප මුන නොගැසුනු හැටි
වසර පහලවේදී සාමාන්‍ය පෙළ පන්ති වලදී නැවත අප මුන ගැහුන හැටි
නැවත මුන ගැසුන දා සිට මම නුබට ආදරය කල හැටි
නුබ මගේ ජීවිතයම වූ හැටි
අප අවසන් වරට හමුවූ දිනයේදී නුබ මගේ අත අල්ලා සුබ පැතු හැටි
අවසානයේදී නුබේ ආදරය මන් නොවී අන් ලඳක් වූ කල
මා ඈත දුර රටක ශිෂ්‍යත්වයකට ඉල්ලුම් කර සියල්ල අත හැර ගිය හැටි
නුබ අමතක කර දැමීමට
නුබ භාවිතා කරන සියලුම සමාජ මාධ්‍ය වලින් ඉවත් වූ හැටි
සුන්දර විදේශිකයන් මගේ ජීවිතයේදී හමු වුවත්
ඒ කිසිම තැනක සිතනොරැඳි
නුබේ මතකයන් අතර මගේ සිත රැඳී
ඔවුන්ගේ ආදර ඇරයුම් ප්‍රතික්ෂේප කල හැටි
නුබේ මතකයන්ගෙන් ඈත් වීමට
නුබ ගැන සීතිමටවත් කාලයක් ඉතුරු නොකිරීම අරමුණු කොට ගෙන
හිතාමතාම අතිශය කාර්ය බහුල වීම සඳහා අධ්‍යාපනයට , රැකියා,ක්‍රීඩා ,ක්‍රියාකාරකම් වලට යොමු වූ හැටි
Skydiving වලදී අඩි දහස් ගණන් ඉහල අහසේ සිට බිමට පනිද්දී
පොළව දෙසට ඇද වැටෙන විට මරණය සිහි කැඳවන අවස්ථා වලදී
මතකයට නැගුන පළමු මුහුණ ඔබේ වූ හැටි
ලොව පුරා සංචාරය කරමින් නුබේ මතකයන් ගෙන් ඉවත් වීමට උත්සාහ දැරූ හැටි
වසර හතරක් පුරාවට නුබේ මතකයන්ගෙන් ඈත් වීමට කල හැකි සියල්ල කල හැටි
මගේ ජීවිතයේ සෑම ඉලක්කයකටම සෙමින් සෙමින් ලං වෙද්දී
මා ඉලක්කයක් සපුරා ගන්නා සෑම අවස්ථාවකම සතුට සමරන්න නුබත් සිටියා නම් කියා සිහි වූ හැටි
මට අවශ්‍ය සෑම ඉලක්කයක්ම ,අරමුණක්ම සපුරා ගනිද්දී
සපුරා ගැනීමට නොහැකි වූ එකම අරමුණ නුබ සමඟ ජීවිතය බෙදා ගැනීම වූ හැටි
වසර පහලවේදී ඔබ වෙනුවෙන් හදෙහි ඉපදුන ආදරය
වසර දහයක් ගතවී
අද මා හට වසර විසිපහක් වන වීටත් නොවෙනස්ව තියෙන හැටි
ඔබ අන් ලඳකට අයිති වූ බව මාස කිහිපයකට පෙර මා දැන ගත් හැටි
ජීවිතයේ පළමු වරට එදා සිහිය නැති වෙන තරමට මත් පැන් පානය කිරීමට සිත් දුන් හැටි
නුබ මෙලොව කොතැන සිටියත් , කාත් සමඟ හිටියත්
ඉන්නේ සතුටින් නම් ඒ ඇති යයි සිතමින් සිත හදා ගැනීමට උත්සාහ කල හැටි
නුබ ගැන සිත සිතා මම ලිය ලියා දුන් ආදරේ විසිරුනා
නුබේ රුව මව මවා මන් ආදරෙන් මියැදුනා
sinduwaka comment ekak.

