1999 අවුරුද්දේ ටෙක් ශ්‍රී ලංකා ගිහින් පළවෙනි කොම්පියුටර් DOS පාඩම ඉගෙන ගෙන ඇවිත් ෆ්ලොපි ඩිස්ක් එකක් ඩ්‍රයිව් එකට ඔබලා DIR A:\ ගහලා ටික වෙලාවකින් ජරස් බරස් ගාලා සද්දෙකුත් එක්ක Folder List එක Screen එකට ආවම මම “අම්මට සිරි ! දැන් ඉතින් සොට්ටෙයාර් ඉන්ජිනියර් , ගැම්මට ඉන්න ඕන“
ෆේස්බුක් එකෙන් උපුටා ගැනීමකි.
==========================================
Wikirana වන මම මුලින්ම පරිගණක අතපත ගෑවේ හරියටම 93 අවුරුද්දේ. ඒ දවස් වල මම 6 වසරේ හිටියේ. ඒ දවස් වල මතක හැටියට පාවිච්චි කලේ 386 PC එකක්. මට ගෙදර තිබ්බේ 386 එකක් Color Monitor එකක් එක්ක.
ඉතින් ඉස්කෝලෙදි මුලින්ම අතපත ගෑවෙත් 286 PC. ඉස්කෝලේ තිබ්බේ monochrome computer තමයි ඔක්කොම තිබුනේ . නමුත් Color Monitors දෙකක තුන හතරකුත් තිබ්බා. ඒ දවස් වල අපේ පරිගණක ගුරුවරයා ධර්මසිරි සර්. Lotus 123 , Pascal, dBASE, WordStar, Harvard Graphics තමයි ඒ කාලයේ කලේ. පස්සේ ඉස්කෝලෙට අලුත් පරිගණක අධ්‍යපන අමාත්‍යංශයෙන් එවල තිබ්බ. මතකයේ හැටියට සෙලාන් බැංකුවෙන් තමයි පරිගණක සඳහා මුදල් පරිත්‍යාග කලේ. අලුතින් ආපූ පරිගණකවල තිබ්බේ Windows 3.1 . ඒ දවස් වල Windows 3.1 දිහා හැමෝම බැලුවේ ලොකු ගෞරවයකින්. ඒ කියන්නේ ඇඩ්වාන්ස් පරිගණකයක් විදිහට.
