ඔව් මාත් මේක පිළිගන්නව. ඔය මගුල් ඔක්කොම කරේ ඉන්දියන්කාරයො. IPL වලින් ඔය සෙල්ලම් පටන්ගන්න ගත්තෙ. උන් හිතුවෙ Batsman හොඳට නෙලනව කියන්නෙ අන්න ඒක තමයි Entertaining කියල. ඒක බලන්න තමයි මිනිස්සු කැමති කියල. ඒත් ඇත්තටම එහෙම නෑ. ඕක තාවකාලික ආතල් එකක් විතරයි.ඉස්සර වගේ නෙමෙයි. පොල් අඩි නෙලන එවුන්ට තමයි තැන තියෙන්නෙ. මම දන්නෙ නෑ ඉස්සර ක්‍රිකට්ද දැන් ක්‍රිකට්ද හොඳ කියලා.
ඒත් දැන් බලන්න එච්චර ආසාවක් නෑ. මොකෙක් හරි ඇවිත් කනාවට හරි ඕවර දෙකක් තුනක් අත දිග ඇරලා කෙළියොත් මැච් එක ඉවරයි. ඉනිමක් ගොඩ නගනවා කියලා එකක් නෑ.
මම කියන්නෙ ODI නම් 260,270,280 Score කරන්න පුලුවන් පිච් එකක් කියන්නෙ නියම ක්‍රිකට් එකක් බලාගන්න පුලුවන් ඒකෙ. Batting & Bowling දෙපැත්තටම සාදාරණ විදියට. ඒ වගේම Spinnersලටත් නියමෙට වැඩ දාන්න පුලුවන්. ඒ වගේම T20 එකක 150,160,170 වගේ ස්කෝ එකකින් මැච් යනව කියන්නෙ ඒකත් සුපිරියි.
ඇත්තටම මේ Pitch සීන් එකට මොනවහරි විදියකින් ICC එකට මැදිහත්වෙන්නම වෙනව. නැත්නම් Cricket බලන එවුන් ගොඩක් හැලෙයි කියල මට හිතෙනව.



