මේක තනිකරම වැරදි කතාවක්. Modern T20 cricket වල පොල් අඩි වලින් කිසි දෙයක් කරගන්න බෑ. ඕක ගිය අවුරුදු දෙකේම වර්ල්ඩ් කප් වලින් ඔප්පු කරලම පෙන්නුව. ඒ නිසාම තමයි West Indies හෙම කලින්ම කැපුනෙ. උන් තමයි පොල් අඩි වලට හොඳටම ප්‍රසිද්ධ.
T20 කියන්නෙ Strike එක Rotate කර කර ගහන ගේම් එකක්. ඩොට් බෝල් අඩුවෙන ටීම් එකට ලොකු චාන්ස් එකක් තියෙනව. බෝල 120ට 1 බැගින් දැම්මත් ලකුණු 120ක් ගහන්න පුලුවන් Format එකක් මේක. ඔය Ausiල හෙම T20 ගහන හැටි බලන්න, මාර ගති. නියම ටෙක්නික් වලට Strike rotate කර කර ගහනව.
මට තේරුන විදියට T10 තමයි නියම පොල් අඩි. ඒකයි ඒ ෆෝමැට් එක ෆේල් උනේ. ඒත් T20 කියන්නෙ පොල් අඩි සීන් එකක් නෙමෙයි. නියමෙට මොලේ කල්පනා කරන කෙනාට ස්ට්‍රයික් එක රොටේට් කර කර ගේම් එක ගහන්න පුලුවන්. හැබැයි බැට්ස්මන්ගෙ පැත්තට පොඩ්ඩක් බර ගතියක් තියෙනව ඒත් ඒක එච්චර දෙයක් නෙමෙයි.
ODI වල නම් බෝලින් සයිඩ් එකට තමයි ලොකු දෙයක් කරන්න තියෙන්නෙ(මේ ඉන්දියන් Highway pitch වල ඒ ගතිය කෑව ඒක වෙනම කතාවක්)
ODI වල විකට් එක බේරගෙන ඕවර් 50 සෙල්ලම් කරන එක තමයි ගේම් එක. ඩොට් බෝල් ප්‍රශ්නයක් නෑ. T20 වල Strike Rotation. Test match වල විකට් එක අල්ලගෙන planning වලින් තමයි ඒ මැච් එක ගොඩ දාගන්න පුලුවන්. මේ දෙකටම වැඩිය අමුතුම ගතියක් තියෙනව Test match වල. ඒක අමුතුම ත්‍රිල් එකක්.
මම ඔය පොල් අඩි කියල අදහස් කරේ අර අපි මැච්වල ගහන පොල් අඩි නෙමෙයි. නියම ටෙක්නිකල් විදිහට ගහන පොල් අඩි. එහෙම ස්ට්‍රයික් එක රොටේට් කර කර ගහන එක හරි තමයි. ඒඋනාට එහෙම ගහල ප්ලෑන් කරල දිනන් මැච් අඩුයි නේද ටී-20 ෆෝමැට් එකේ?? ඉක්මනට පට පට ගහල ස්කෝර් කරන එවුන්ටනෙ චාන්ස් එක වැඩි. මම කියන්නෙ නෑ ටී-20 අන්තිම චාටර් කියල, මම කියන්නෙ ODI එක්ක බලනකොට වැඩක් නෑ කියල...T20 is bullshit. Hodatama
Player kenek test wenne test and Odi cricket
හිනාවෙලා පනගියා යකෝ. අර ඉස්සර ටීවී එකේ සින්හල සබ් එක්ක හින්දි ෆිල්ම් බලපු කාලෙ මතක් උනා...



------ Post added on Nov 21, 2023 at 9:51 PM

