
2 වෙනි පාර කරන්නෙ නෑ, පාඩම් හිටින්නෙ නෑ. ලකුණු අඩුයි.

ඔය මඟුල් එකක් වත් වැඩක් නෑ මල්ලි.

ලියන එක උපරිම උත්සහය දාල ලියන්න. විභාගයක් ගොඩ යන්න ලේසිම පලවෙනි වතාව කරද්දි දාන උත්සහයෙන්. අනික, "මම පලවෙනි වතාව විතරයි, නැත්තම් කරන්නෙ නෑ ආයෙ"..

ඕව අපිටත් හිතුන මල්ලි. විභාගෙ ලං වෙද්දි හිතෙන්නෙ මේ පාර නැත්තම් ඊලඟ පාර දෙන්නම් හොඳම එකෙන් කියල. ඕව එකක් වත් කෙරෙන්නෙ නෑ ලේසියකට. බොරු අදහස් මේ හිතේ මැවෙන.

ඒ නිසා, පලවෙනි පාර මගෙ උපරිම උත්සහය දාල කරනව කියල වැඩ ටික කරගෙන යන්න. දෙවනි පාරක් කරන්නෙ නෑ කීව ඕන තරම් අය ඉන්නව, 3 පාරක් කරලත් විභාගෙ පාස් වෙන්න බෑ.

එක පාරම කරල දාල ඊලඟට එන දේවල් වලට මූණදෙනව කියල ඕක කිසි බයක්, ආතතියක් ගන්නෙ නැතුව කරල දාන්න. මල්ලියෝ විභාග තියෙන්නෙත් මිනිස්සුන්ට, ඒවගෙන් පාස් වෙන්නෙත් මිනිස්සුමයි. ෆේල් වෙන්නෙත් මිනිස්සුමයි. ඔයාට හොඳට පාස් වෙන්න පුළුවන් ගානට වැඩ ටික කරගෙන යනව නම්.

අමුතුවෙන් බය වුනා ය කියල ලැබෙන දෙයක් නෑ.

කෙල්ලොන්ට නම් හොඳ හොඳ වැඩ වෙනව විභාග ලං වෙද්දි.

කොල්ලෙක් නෙ?

ගොඩ දාල දාහන් මල්ලි එකපාරම. දෙවනි සැරයක් කරන්න උනොත්, කරන්න. කමක් නෑ. හැබැයි පලවෙනි සැරේ කරන එක ම තමන්ගෙ උපරිම මහන්සියෙන් කරන්න.

විභාගෙ ෆේල් වෙන්න අකමැත්තක් තියාගන්න,

හැබැයි බයක් තියාගන්න එපා.

කොල්ලෙක් නෙ යකෝ.. මොකට බය වෙන්නද ආයෙ.

එලකිරි වගේ exam ලියල රිසල්ට් එනකම් හොඳට enjoy කරහන්, සෙල්ලම් කරහන්..