Dan hi karala kochchara kal da machan? Inverter ekak da? normal 13A square plugbase use karanna puluwanda?මම දැම්මෙ Hisense.. මගේ යාලුවෙක් සිංහගිරි එකේ වැඩ කරන නිසා පොඩ්ඩක් විතර අඩුවට වැඩේ කරගත්තා. මගෙ රූම් එක ටිකක් ලොකුයි.. ඒත් මම ගත්තෙ 12000 BTU එකක් අනාගත ප්ලෑන් එකක් එක්ක. මගෙ රූම් එක ලොකු නිසා මම රූම් එක බෙදුව දෙකට ෆ්ලයි වුඩ් ලෑලි ගහලා. දැන් 12000 BTU එකෙන් රන් කරන්න ඇති ඒක. මගෙ ටෝටල් රික්වයර්මන්ට් එක වෙන්නෙ 9000+ BTU.
රෑ 9 විතර දැම්මම උදේ 8 විතර වෙනකන් එක දිගට දුවනවා. ඉස්සර 2022 වගේ මට පොයින්ට් 360 වගේ පිච්චුනා. ඒ කාලෙ මම 13000 වගේ ලයිට් බිල ගෙව්ව. දැන් රූම් එක සීල් කරලා පාටිශන් කරලා ඔක්කොම කරලත් යන්නෙ 13000 ගානක්. සර්විස් එක ගැන කියනව නම් මට සිංහගිරි එකෙන් වෙලාවට සියලුම සර්විස් ෆ්‍රී කරලා දුන්නා. ඇග්‍රිමන්ට් ගැන කිසි කතාවක් ආවෙ නැහැ. පස්සෙ මම මගෙ තව දන්න කියන යාලුවෙක් දම්මලා සාමාන්‍ය සේවා කරගන්නව.. මගෙන් ගන්නෙ 2700/- විතරයි. ඒ ගාන හරි ඇති මම දන්නෙ නැහැ.
මට කවුරු හරි දන්න කෙනෙක් කියන්න ඉන්වර්ටර් එකේ කරන් බිල් එක සේව් කරගන්න මොනා හරි විශේශ දේවල් තියේද උදා හරන ගත්තොත් Smart Mode ? Econamy Mode, Ifeel Mode, වගේ ඒවා යූස් කරනව නම් එනර්ජි සේවින් එකක් තියනවද ? මට ඒක ගැන ලොකු අදහසක් නැහැ
