ඊයෙ වැඩ ඇරිල එන ගමන්............. ආව පොඩි බඩගින්නක්............
පාර දිගේ ඇවිදගෙන එන ගමන් දැක්ක පච්ච කොටපු කොල්ලෙක් පාරෙ අයිනෙ තියන් කඩල විකුනනව.....
පනහක දියන් මල්ලි කියල පනහක් දික් කරා..... පොර සට සට ගාල කඩලයි තව මොනවදයි කොල වලින් හදාපු පැකට් එකට දාල ෂොපින් එකකටත් දාල දුන්න......
බොඩිමට ඇවිත් චේන්ජ් එකක් දාගෙන හැලුව කඩල එක පොඩි තසිමකට......
අම්මට සිරි කඩල ඇට 48යි බන් තිබ්බේ... බාගෙන බාගයක් ලීක්ස් කොල කපාපුව...



යකාගේ බිස්නස් බන් දැන් උන් කරන්නේ..... කටවල් දෙයයි කඩල එක ඉවරයි....
මම හිතන්නේ අර පොරගෙ ලග තිබ්බ කඩල කන්ද ඉවර උනාම පොර හොයනව ඇති දවසට 40,000/- ක් විතර.
මිනිස්සු එක පාරක් අහුවෙලා එන්නැති උනාම ඩයල් එක වෙන තැනකට යනව ඇති. අන්න යකෝ බිස්නස්.......



හිටපන් මාත් විකුනනව කඩල.......



Last edited:




