Anything About Notebooks 
මගේ 30,000 වෙනි පෝස්ට් එක වෙනුවෙන්, අළුත් ත්‍රෙඩ් එකක් පටන් ගන්න හිතුවා. ලැප්ටොප්ස් සම්බන්ධව.....
මෙතන ඔයාලාට, ලැප්ටොප් ඒ කියන්නේ නෝට්බුක්ස් (අර අපේ තරි අංකල් විකුණන නෝට්බුක් නෙවේ හොදේ....
) සම්බන්ධව තියෙන ඕනාම ප්‍රශ්නයක්, මෙතන කතා කරන්න පුලුවන්.....

මගේ 30,000 වෙනි පෝස්ට් එක වෙනුවෙන්, අළුත් ත්‍රෙඩ් එකක් පටන් ගන්න හිතුවා. ලැප්ටොප්ස් සම්බන්ධව.....
මෙතන ඔයාලාට, ලැප්ටොප් ඒ කියන්නේ නෝට්බුක්ස් (අර අපේ තරි අංකල් විකුණන නෝට්බුක් නෙවේ හොදේ....
) සම්බන්ධව තියෙන ඕනාම ප්‍රශ්නයක්, මෙතන කතා කරන්න පුලුවන්.....
මේ ත්‍රෙඩ් එක දාන්න, අපේ tldk සහෝදරයා දාපු මෙන්න මේ ත්‍රෙඩ් එකත් හේතු උනා කිව්වොත් නිවැරිදියි......
ලැප් එකක් ගන්නවා නම්, මම නම් ගන්න කියන්නේ Toshiba එහෙමත් නැත්නම් Dell
තරහා කාරයෙක්ට වගේ නම් ඉතින් HP ගන්න කියන්න පුලුවන්.....!!
Toshiba / Dell ලැප්, ලෙහෙසියකට කැඩෙන්නේ නෑ.... කැඩුනත්, දවස් දෙකකින් හදලා දෙනවා (මම අබාන්ස් හිටිය කාලේ නම්.....
) HP වලට නම් සතියක්වත් යනවා..... සමහර වෙලාවට ඊටත් වඩා.....
දැන් අපි කතා කරපු එහෙනම් ලැප් ගැන...... ලැප් වර්ග ගොඩාක් තියෙනවා.... ඒ වගේම, ඒවා, මම හොද නෑ කියන ඒවා, සමහර අයට, හොදට, දීර්ඝ කාලයක් වැඩ කරනවා කිසි ලෙඩක් නැතිව.....
ඒක ඉතින් ඒ ලැපේ අයිතිකාරයගේ වෙලාව තමා..... මම හොදයි කියන ඒවා, හොදයි කියන්නේ, ඒවා එක්ක අවුරුදු 3කට අධික කාලයක්, වැඩ කරලා තියෙන නිසා.....!! 
හොද නෑ කියන්නෙත්, ඒවත් එක්කත් වැඩ කරලා තියෙන නිසා.....
ලැප් වර්ග :- Toshiba / Dell / HP / Asus / IBM / Lenavo / LG / Fujitsu / Acer / Sony තව මට මග ඈරුනු ඒවත් ඈති..... ඔක්කොම හොය හොයා මෙතන දාන්න ගියොත්, මේ ත්‍රෙඩ් එක අද ඉවර කර ගන්න වෙන්නේ නෑ.....
මෙන්න ඉහතින් දැක්වූ ලැප් වර්ග වල Sites :-
Toshiba :-
ආසියාවේ අපිටම වෙන්වුන සයිට් එක :- http://www.pc.toshiba-asia.com/sg/
මෙන්න ඕනාම ටොෂිබා සපෝට් එකකට යන්න තැන ~ මෙතනින් පුලුවන් ඔයාලගේ ලැප් එක Toshiba එකේ රෙජිස්ටර් කරවන්න.... එතකොට, ලෝකේ කොහේ ගියත්, ඔයාලට Warranty ප්‍රශ්න නෑ.....
ඒ වගේම මෙතනින්, ඔයාලා Toshiba Singapore Pvt Ltd එකේ බලයලත් නියෝජිතයෙක්ගෙන් ගත්ත ඕනෑම ලැපකට Drivers තියෙනවා....
:- http://www.pc.toshiba-asia.com/sg/support ඈමරිකාවේ අයියලාට තියෙන සයිට් එක ~ මෙතනින් තමා ඔයාලා ඈමරිකාවෙන් එහෙම ගෙනාපු ලැපකට ඕනා Drivers / Updates ගන්න පුලුවන් :- http://www.toshiba.com/tai/
ඈමරිකාවේ උන්ට දුන්නා නම්, එංගලන්තේ උන්ටත් දෙන්න එපායේ කියලා, උන්ටත් වෙනම සයිට් එකක් තියෙනවා :- http://www.toshiba.co.uk/
මෙන්න කට්ටිය නෑ නෑ කියලා කෑ ගහන, Toshiba Warranty Check කරගන්න සයිට් එක :- http://www.pc.toshiba-asia.com/includes/support/warrantylookup.html හෝ http://www.csd.toshiba.com/cgi-bin/tais/support/jsp/globalEntitlement.jsp?nav=Warranty
ඔය සයිට් දෙකෙත් පෙන්නුවේ නැත්නම් (එහෙම වෙන්නේ නම් නෑ මලාට
) ඔයාලට පුලුවන්, Authorized Repair Center එකකට අරන් යන්න.... එයාලා ගාව තියෙනවා වෙනම සයිට් එකක් (ඒක නම් මෙතන දාන්න බෑ හොදේ
) ඒකෙන් බලා ගන්න පුලුවන් වොරන්ටි.....
Dell :- http://www.dell.com/
HP :- http://www.hp.com/
මෙන්න HP Warranty Check කරගන්න :- http://h10025.www1.hp.com/ewfrf/wc/weInput?cc=us&lc=en
Asus :- http://www.asus.com/ (කලින් නම් ලංකාවේ මේවා කරේ EPSI Computers... දැන් නම් Singer ද කොහෙද.... )
IBM :- http://www.ibm.com/us/en/ (පරණ ආව ඒවා නම් මැක්සා R52 වගේ ඒවා)
Lenavo :- http://shop.lenovo.com/us/landing_pages/promos/ideapad/weekly-sale?AID=10843705&PID=4347629 (මේවා නම් මල ජරාව..... HP හොදා මේවට වඩා....
) LG :- http://www.lg.com/common/index.jsp (LG නම් දැන් ලැප් හදන්නෙත් නැද්ද මන්දා.....
අබාන්ස් එකේ Warranty නම් කරන්නේ නෑ පිටරටින් ගේන ඒවට...
) Fujitsu :- http://www.fujitsu.com/global/ (ලංකාවේ ෆුජිට්සු කරනවා මම හිතන්නේ Sala Enterprises ද කොහෙද....?? )
Acer :- http://www.acer.com/worldwide/selection.html (ලංකාවේ Acer කරන්නේ ඉතින් මෙට්‍රොපොලිටන් තමා http://www.metropolitan.lk/ )
Sony :- http://www.sony.com/ (නිකන්වත් ආසාවට Vaio එකක් එහෙම ගන්න එපා, ලංකාවේ සීඩ්ල්ස් කට්ටිය, සෝනි ලැප් වලට වොරන්ටි දෙන්නේ නෑ....
මමත් එකක් ජපානෙන් ගෙන්වගෙන, බඩු පැකට් වුනා.....
) ඔන්න එහෙනම් ගොඩක් විස්තර දැම්මා.... ඈත්තටම ඈති දේකුත් නෑ වගේ තමා....
ඒත් කාට හරි වැදගත් දේකුත් යන්තම් හරි තිබුනොත් මට ඒ ඈති......
ඒත් කාට හරි වැදගත් දේකුත් යන්තම් හරි තිබුනොත් මට ඒ ඈති......
P.S. :- විශේෂ ස්තුතිය
Computer / Laptop හොයා ගත්තු මහත්වරුන්ට,
සිංහලෙන් සහ ඉංග්‍රිසියෙන් කොටන්න පුළුවන් සොෆ්ට්වෙයාර් එක හදපු මහත්තයට හෝ සමාගමට ඒ කියන්නේ http://qsfox.mozdev.org/ අයට,
එලකිරි වෙබ් සයිට් එක හදපු මහත්තුරුන්ට ඒ කියන්නේ GTRZ ට,
විශේෂයෙන්ම මගේ රෙප් කපන්න, මම ත්‍රෙඩ් එකක් දානකන්ම බලන් ඉන්න මහත්වරුන්ට,
මේ ත්‍රෙඩ් එක බලලා කමෙන්ට් දාන, රෙප් දෙන, බනින, ගොරවන, රවන, ඔරවන, මේ ත්‍රෙඩ් එක කන්න බලාගෙන ඉන්න මහත්ම මහත්මීන්ට, ඒ කියන්නේ tharinda76 , Kumara456 , lag8777 , gayendra9*9 , dj gamaya , chathupatiya වැනි අයට,
එකී සහ මෙකී, කී සහ නොකී, පෙර කී සහ පසු කී සියළු දේනා ඇතුළු නන් අයුරින් සහය වූ සැමට.
විශේෂ ස්තුතිය උපුටා ගැනීම චතුපැටියාගෙනි.

පොඩි Poll එකකුත් තියෙනවා.... ඒකටත් සප් එකක් දීලා යන්න හොදේ.....
මේ ත්‍රෙඩ් එක අද මට දාගන්න තරම් කෙලින් කටින් එන්න ලැබුනේ, අපේ දත් කිඹුලා දොස්තර මහතා, ඉතාමත් සැලකිල්ලෙන්, එතුමාගේ වටිනා කාලයෙන්, පැය දෙකකට අධික කාලයක් මිඩංගු කරපු, මගේ Dental Operation එක නිසා.....
ඒ නිසා, ඒ සම්බන්ධයෙන්, එතුමාටත් මගේ විශේෂ ස්තූතිය.....
(හුටා, බෙහෙත් ටික බොන්න අමතක වුනා, ත්‍රෙඩ් එක ටයිප් කර කර ඉදලා....
) ප්‍රශ්න තියෙනවා නම් අහන්න ලැප්ටොප්ස් ගැන..... කෝ කවුරුවත් ප්‍රශ්න ඈහුවේ නෑ තවම.........

මේ ත්‍රෙඩ් එක සුභ පතන ත්‍රෙඩ් එකක් කර ගන්න එපා....
ඊට වඩා වැදගත් දෙයක් මේ ත්‍රෙඩ් එකෙන් ගන්න බලන්න....
තමන්ගේ දැනුම බෙදා ගන්න, නොදන්න දේවල් දැන ගන්න... 
Last edited: