"architect ඇන්දට කමක් නෑ වාස්තුත් බලමු ඈ"

Dec 13, 2014
29
2
0
කෝ මහලොකු හේතුවාදියො රැල. ආව වාද කරන්න. දැන් විකාර දොඩෝ දොඩෝ මඩ ගහනව. එක එකා කියන දේවල් උඩින් පල්ලෙන් අතගාල වාද කරන්න ආවාම ඔහොම වෙනව.

අප සියලු දෙනාම නොමග යවමි අපේ අදරවන්තයා මෙම ලිපිය තමන්ගේ විද්‍යව හා බටහිර විද්‍යව අතර ප්‍රශ්ණය බවට මෙම නුල කරකවමින් තිබේ. කොසේ වෙතත් ඔවුට තරකයක් නැතත් නලින් ද සිල්වා මහාතාගේ මතය හො දරණ බව කියා සිටිම සතුටට කරැණකි

හොදයි අපිට කියන්නකෝ බලන්න නලින් සිල්වා මහාතාගේ අදහසේන් ගත්තොත් ගෙයක් කියා දේයක්ද නැත. නමුත් එතුමාගේ මතය මෙයට වලංගු නොවන්නේ ඔබත් මාත් දෙදෙනාම මෙහි නුල් කරකවන්නේ තාමාගේ මතය සම්මුතය කරවිමට විනා පරමාරත සත්‍ය ගැන කාතා මත තර්ක නොකරන බව තෙරැම්ගෙන නුලට පැමිණෙන්න.


හරි මම නැවතත් ඔබෙන් කලින් කොනේක් ඇසු සරලම ප්‍රශ්ණයක්ම ඔබෙන් නැවත අසන්නමි. ගිණිකතිරය පැගුනාම මොකද වෙන්නේ. ඔබ කැමති මතයක සමිමුති හො වෙනත් මතයක ඉදන් පිළිතුරැ දෙන්න. ඔබ එය පිලිගැනිම ගැන එක නිසා ඔබ සුපුරැදු වචන ටිකම නොකියා කියන් මෙකයි වෙන්නේ කියලා. නැත්තමි කියන්න බමුණන් ඔබව බය කර ඇති බව. නැත්තමි ඔබ කියන්න මම මෙි වාස්තු පිලිබදව දන්නැ මම සමස්තයක් විදියට මේ වගේ දේවල් වලට ඔබගේ සමිමුතය උදෙසා කැහැගහනවා කියා. ඔබ දන්නැත්තම් එය දැනගැනිම පිනිස හඩ නගන බව.

කවුරැහරි මෙයට පැහැදිලි පිළිතුරක් දේන්න. එවිට මෙම නුල දිග ඇරගැනිමට පහසුවනු ඇත.
මාගේ මතයනම් මේ හුදේක් බමුණු මන මත බවයි. බමුණයන් මිනිසුන් පාලනය කිරිම පහසුව සදහා මෙවනි මත යොදාගත් බව හොදින් කවුරැත් දන්නා කරැනකි. එයද සමාජ සමිමුතියකි. තවද මුසලිමි අාගම තුලද මෙවැනිම දේ අනන්ත ඇත. ටිකක් සිතන්න.
 
Last edited:
Dec 13, 2014
29
2
0
:(
විද්‍යාව හා ආගම - [Science and Religion]

විද්‍යාව එලිය කරන තැන්වල නොරැද බොහෝ ආගම් පසුබසින බව අපි අත් දැක ඇත්තෙමු. ලෝකය ගෝලාකාරයයි සොයා ගත් විටද හිරු ලෝකය වටා‍ නොව ලෝකය හිරු වටා කැරකෙන්නේ යැයි කිවු විට ද ක්‍රිස්තියානි ආගම ඊට දැක්වූ ප්‍රතික්‍රියාව මෙයට දිය හැකි හොදම උදාහරණ ය.


ඒ නිසාම ආගම් ලෝකය ගැන වැඩි යමක් නොදන්නා මිනිසුන් අතර කිරුළු පළදිද්දී විද්‍යාව ලෝකය දන්නා මිනිසුන් විසින් ඇසුරු කරනු ලැබේ යයි බොහෝ දෙනා කියති.


ආගම් තවමත් ප්‍රචලිත තුන්වෙනි ලෝකයේ ය. දියුණු රටවල ඒවාට ඇත්තේ සුලුතර අනුගාමික පිරිසකි.
එයින් අදහස් වන්නේ දියුණු රටවල ආගම අදහන්නන් නැති බව නොවේ. අඩු බව ය. ඒවාට ඇලීමක් තුන්වෙනි ලෝකයේ රටවල මෙන් ඒ රටවල නැති බව ය. ඒවා තිබුනත් පවතින්නේ ජීවිතයෙන් තරමක් ඈත්ව වියුක්තව බව ය. ආගම් වෙනුවෙන් ගහ මරා ගැනීමක් අප රටවල මෙන් දක්නට නොලැබෙන බව ය.
එහෙත් විද්‍යාවට තවමත් එලිය කරන්නට බැරි වූ තැන් තිබෙන බැවින් ද කිසිදා ලොව මුලුමනින්ම එලිය කරන්නට එය පොහොසත් නොවනු ඇති බැවින් ද එක් හෝ තවත් ආගමකට පැවැත්මක් දැනටත් ඉදිරියේදීත් තිබිය හැකි ය.
උදාහරණයක් ලෙස අපේ ජීවිතයේ අරමුණ කුමක් ද මම කියන්නේ කවුද ඊයේත් හිටියේ ඔහුම ද ඇයම ද මරණින් මතු කුමක් වේ ද ජීවයේ උපත කෙසේ ඇතිවුනි ද මෙතරම් චමත්කාර සංකීර්ණ ලෝකයක් ඇති වූයේ කෙසේ ද මෙතරම් අරුම පුදුම මිනිසෙක් ඇති කළේ කවුරුන් ද අප ජීවිතයෙන් පැතිය යුතුවන්නේ කුමක් ද?
මෙවැනි ප්‍රශ්නවලට උත්තර ඇත්තේ දර්ශනවාදයේ ය. නැත්නම් ආගම්වල ය. මේ ප්‍රශ්නවල ස්වභාවය නිසාම මේවා විද්‍යානුකූලව පරීක්ෂා කළ නොහැකි ය. ඒ නිසාම ඒවා විද්‍යාවට ගෝචර වන්නේ ද නැත. මේ ප්‍රශ්න කිසිවකට ඒ නිසාම හරි උත්තර නැත. විවිධ ආගම් මේවාට තමන්ගේ ශාස්තෘන් දුන් උත්තර මිනිසුන්ට කියති.
මිනිස්සුද ඒවා අන්ධ ලෙස පිළි ගනිති. ඒ බොහෝවිට තමන්ගේ දෙමාපියන්ද එසේම ඒවා පිළිගෙන ඇති නිසා ය.
උත්තර නැති ප්‍රශ්නත් එක්ක ජීවත්වෙමින් ඒවාට උත්තර හොයනවාට වඩා ඒවාට උත්තර මේවා යයි හිතා ගෙන ඒ උත්තර අදහාගෙන ජීවත්වීම පහසු ය. ඒවා පරීක්ෂාවට ලක් කිරීමට නොහැකි නිසාම ඒවා බදා ගෙන ඒවා ප්‍රශ්න කිරීමකින් තොරව පිළි‍ගෙන වන්දනා මාන කිරීම තුළ ජීවිතය සරල එකක් කර ගත හැකි ය.
එසේ එක ලෙස හිතන මිනිසුන් ගණනින් වැඩිවූවිට ඒ ඇදහීම ගැන වඩාත් වැඩි විශ්වාසයක් ඒ නිසාම ජීවිතයට පහසුවක් ලැබෙයි.
උත්පත්තියෙන් ලැබුන නිසා දිවි ඇති තෙක් රැක ගැනීම තුළ තම දෙමාපියන් වෙනුවෙන් -තමන් ලෝකයට එක් කළ අය වෙනුවෙන්- කිසියම් යුතුකමක් ඉටු කළේ ය යන අදහස නිසා ද කෙනෙකු සතුටට පත්වෙයි.
කවරෙකු හෝ තමන් අදහන දෙයක් පිළිබද සැකයක් මතු කළේ නම් ඒ සැකය ගැන බලනවා වෙනුවට ඒ සැකය ඇති කළ තැනැත්තා දෙස ඔරොප්පුවෙන් බැලීම මේ තත්වය යටතේ අතිශයින් ස්වාභාවික දෙයක් වෙයි.
ආගමට ඇති මේ ඇල්ම තමන්ගේ ජාතියට ද තමන්ගේ දේශපාලන කදවුරට ද දික්වන නිසාම මේ තුන බොහෝවිට එකට වෙලුනු ස්වභාවයක් ද ගනී. තනි පුද්ගලයෙකුට නැති ශක්තියක් මේ බලවේගයට ලැබෙන නිසාම මේ බලවේගය තමන් වෙනුවට විස්ථාපනය කරගැනීමට මිනිසුන් – විශේෂයෙන් ස්වාධීනව නැගිටිය නොහැකි දුර්වල මිනිසුන්- කැමති ය.
තනි පුද්ගලයෙක් නොව විශාල කණ්ඩායමක කොටස් කරුවෙක් කියනවිට ඕනෑම දුර්වල මිනිසෙකුට අති විශාල ගටක් ලැබේ.
විද්‍යාව ආගමක් මෙන් තමන් කෙරේ බැදීමක් නොඉල්වයි. ඒ වෙනුවට තමන්ගේ සොයා ගැනීම්ම නැවත ප්‍රශ්න කිරීම විද්‍යාවට ඔට්ටු ය. විද්‍යාවේ හයිය ඇත්තේ එසේ වෙනස්වීමට එහි ඇති සූදානම නිසා ය.
අනෙත් අතට ආගමේ හයිය ඇත්තේ වෙනස්වීමට එහි ඇති අකමැත්ත නිසා ය. ආගම ඉල්ලා සිටින්නේ අන්ධව ඇදහීම ය.
විද්‍යාව නැමැති ආලෝකය තමන්ගේ වපසරියට වැටෙනවාට ආගම කැමති නැත්තේ ද එහෙයිනි. මක්නිසාද යත් අදුරේ දුටු දේ එලිය ඉදිරියේ බිද වැටෙන නිසා ය.
මෙවැනි එකිනෙකට ප්‍රතිපක්ෂ දෙකක් පාසල තුළ කියා දීමෙන් සිදුවන්නේ කුමක් ද? දෙබිඩ්ඩන් පහළ වීම ය.
විද්‍යාව දෙසත් ආගම් දෙසත් විවෘත බැලිය හැකි විශේෂයෙන් ඒවා දෙස තත්වාකාරයෙන් බැලිය හැකි මිනිසුන්ට පමණක් ඒ දෙකේ සීමාවන් දැන ඒවායින් එලිය ලැබිය හැකි ය. අපේ රටට සැබෑ විමුක්තියක් ලැබිය හැක්කේ එවැනි විවෘත භාවයකට ඉඩකඩ සළසා ගත්තොත් පමණ ය.


Original posting is located at:
http://beyondframe.wordpress.com/2010/08/08/10aug08/
:)