Bodybuilding Mega collection

sch007

Well-known member
  • Jun 15, 2007
    2,245
    134
    63
    Home
    මචං මම මාස 6 ක් විතර ඉදන් gym යනව.මට gym එකට යන්න කලින් ගහන්න හොද supplementary (පිටි) එකක් කියපන්කො.ඇග සයිස් වෙන එකක් වෙන්නත් ඔනෙ. මගෙ ඇග සාමාන්‍ය ප්‍රමාණයට තියෙනව.

    මෙගාමාස්
    අල්ට්‍රරාමාස්

    මෙ අපිට ගන්න පුලුවන් අවම මට්ටමෙ supplement.
     
    sch007

    Well-known member
  • Jun 15, 2007
    2,245
    134
    63
    Home
    dumbell ekak kiyak weida

    දැන් මචන් 1kgඑකක් 200Rs විතර ඇතිබන්. ඩම්බෙල්නම් දන්නැ බන්. සෙල්ලම් කලාට ගනන් දන්නැ ,,,ලැජ්ජයි ඔයි
     
    sch007

    Well-known member
  • Jun 15, 2007
    2,245
    134
    63
    Home
    Amila,
    math ekka sellan karanne .Souht asai wala danata aurudu 3/4 kata kalin tibuna hodama tricep eka muge.

    Tricept විතරක් තිබිලා කන්නද බන්. බොඩීඑකම ඩිෆයින් වෙලා තියෙන්න ඔනැ. ප්‍රසන්නගෙ පට්ට ඇගක් තියෙන්නෙ. මට ප්‍රසන්නව හොරන මිට් එකකදි සෙට් වෙලා තියෙනවා. ප්‍රසන්න සෙල්ලම් කරන මොරටුව සොයිසාපුර ක්ල්යුබ් එකටම තමයි ඔය උස එකාත් සෙල්ලම් කරන්නෙ උගෙ නම මට මතක නැ.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    මචන්ලා බොඩ්බිල්ඩින් කරද්දි කවදාවත් උස්සගන්න බැරි ප්‍රරමානට බර දාගන්න එපා කොල්ලො. මොකද වෙග්ට් එක නමේ වැදගත් මසල් එකට වෙග්ට් එක වදින විදියට ගහන්න ඔනැ එකයි වැදගත්. 10kg හරි දාලා ගහපන්, අපෙ උන් ගොඩක් ලැජ්ජාවට උස්සගන්න බැරි බරක් දාලා සපොර්ට් අරන් ගහනව,ගහන්නෙ උ නෙමයි සපොර්ට් දෙන එකා.​

    * පලවෙනි මාස 3 බෙසික් ශැඩුල් එකක් ගහපන්. සප්ලිමෙන්ට් ගන්න එපා. මාස 3න් පස්සෙ සප්ලිමෙන්ට් එකක් ගනින්.

    ** සප්ලිමෙන්ට් එකක් ගන්න එකන් වෙන්නෙ ඇග බිල්ඩප් වෙන එක නෙමයි අපි බොඩ්බිල්ඩින් කරනකොට අපෙ ඈගෙන් පිටවෙන ශක්තිය නැවත අපෙ ඇගට ලබා දෙන එකයි.

    මම මේ ගැන කලිනුත් පැහැදිලි කිරීමක් කලා මචෝ.. උඹ හිතයිද දන්නෙ නෑ මම ත්‍රේඩ් එක කන්න ආවා කියලා.. ඒත් හැම දෙනාටම දැනගන්නත් ඒක්ක නැවතත් ඒ දේවල් කියන්නම් මම..

    අපි සප්ලයිමන්ට් එකක් පාවිච්චි කරන්න ඕන මාස තුනෙන් නෙමෙයි.. ඒ ගැන පැහැදිලි කිරීමක් කරන්නම් මම.. අපිට ක්‍රීඩකයන් වර්ග හතරකට බෙදන්න පුළුවන්..

    1. [FONT=&quot]ආධුනික ක්‍රීඩකයින් - [/FONT]Beginner Level
    2.
    [FONT=&quot]මධ්‍යම අවස්ථාවේ ක්‍රීඩකයින්[/FONT] - Intermediate Level
    3.
    [FONT=&quot]උසස් මට්ටමේ පසුවන ක්‍රීඩකයින්[/FONT] - Advance Level
    4.
    [FONT=&quot]තරඟකාරී මට්ටමේ ක්‍රීඩකයින්[/FONT] - Competitive Level

    ව්‍යායාම කරන්න පටන්ගත් දවසෙ ඉඳලා මාස හතරක් යනකන් ක්‍රීඩකයෙක් අපි හදුන්වන්නෙ Beginner Level වර්ගයට අයත් කෙනෙක් හැටියට.

    සම්පූර්ණ අවුරුද්දක් සෙල්ලම් කලාට පස්සෙ ඒ ක්‍රීඩකයා
    Intermediate Level කෙනෙක් වෙනවා.

    සෙල්ලම් කරන්න පටන් අරගෙන හරියටම අවුරුදු එකහමාරක් වුණාට පස්සෙ තමයි ක්‍රීඩකයෙක් Advance Level ගනයට වැටෙන්නෙ.

    Competitive Level ඒ තරම් අපිට වැදගත් නැහැ. කායවර්ධන තරඟ සඳහා සහභාගී වන අය තමා මේ නමින් හඳුන්වන්නෙ.. ඒ අවුරුදු තුන හතරක් සෙල්ලම් කරපු අය.

    සප්ලයිමන්ට් ගන්න ඕන
    Advance Level කියන තැනද.. ඒ කියන්නෙ හරියටම අවුරුද්දක් ගතවුණාට පස්සෙ.. ඊට කලින් සප්ලයිමන්ට් ගත්තා කියලා වැඩක් වෙන්නෙ නැහැ.

    ------------------

    දෙවැනි කාරණාව තමයි අපිට ව්‍යායාමයේ යම් කිසි වාර ගණන ඉවර කරගන්න බැරි වුණාම. ඒ කිව්වෙ උස්ස ගන්න බැරි වුණාම අපි වෙන කෙනෙක්ගෙ සහය පතනවා. ඒක නරක දෙයක් නෙමෙයි. අපි ඒක ෆොර්ස්ඩ් රෙප්ස් - Forced Reps නමින් හදුන්වනවා. හැබැයි ඒ ව්‍යායාමයේ මුල ඉඳන්ම වෙන කෙනෙක්ගෙ සහය පතන්න බැහැ. ඒකෙන් කියවෙන්නෙ අපිට නියමිත බරට වඩා වැඩි බරක් ඔසවනවා කියන එක. අන්තිම අවස්ථාවෙදි තමයි අපි කෙනෙකුගේ සහය පතන්න ඕන උස්සගන්න අමාරුම අවස්ථාවක් ආවොත්.

    අධි තීව්‍රතා ව්‍යායාම විධි ක්‍රම 7ක් තියෙනවා.

    1.
    [FONT=&quot]ෆෝර්ඩ් රෙප්ස් - [/FONT]Forced Reps
    2.
    [FONT=&quot]පාර්ශල් රෙප්ස්[/FONT] - Partial Reps
    3.
    [FONT=&quot]නෙගටිව් රෙප්ස්[/FONT] - Negative reps
    4.
    [FONT=&quot]මල්ටි පවුන්ඩේජ් සිස්ටම්[/FONT] - Multi Poundage System
    5.
    [FONT=&quot]චීටින් සිස්ටම්[/FONT] - Cheating System
    6.
    [FONT=&quot]ප්‍රී එක්ස්හෝස්ටන් සිස්ටම්[/FONT] - Pre Exhaustion System
    7.
    [FONT=&quot]සුපර් ස්ලෝ සිස්ටම්[/FONT] - Super Slow System

    යන නම් වලින් අපි ඒ විධි ක්‍රම 7 හඳුන්වනවා.:yes:

    [FONT=&quot]ෆොර්ස්ඩ් රෙප්ස් - [/FONT]Forced Reps

    [FONT=&quot]යම්කිසි ව්‍යායාමයක් නියමිත වාර ගණනක් කර එයට වඩා තනිවම එම ව්‍යායාමය කළ නොහැකි විට සහයකයෙකුගේ උදව්වෙන් තවත් වැඩිපුර වාර දෙකක් හෝ තුනක් කිරීම ෆෝර්ස්ඩ් රෙප්ස් නම්වේ. මෙහිදී තමාගේ ව්‍යායාම සහයකයාට හෝ ව්‍යායාම පුහුණු කරන්නාට මේ පිළිබදව අවබෝධයක් තිබිය යුතු අතර, එසවීමට අපහසුම අවස්ථාවේදී පමණක් ඉතා සුළු වශයෙන් උදව් දීමෙන් වැඩිපුර වාර ගණනක් කිරීමට ව්‍යායාමය කරන්නාට හැකිවේ. මෙමගින් ක්‍රියාකරන මාංශ පේශිය සඳහා වැඩි තීව්‍රතාවයක් ලබාදීම මඟින් මාංශ පේශියේ වර්ධනය වැඩිකර ගතහැක. ව්‍යායාමය ආරම්භයේ සිටම මේ ආකාරයෙන් සහයකයෙකුගේ උදව් ලබාගන්නවාට වඩා අඩුම තරමින් වාර හයක්වත් තනිවම කර එයට පසු අවසාන වාර කිහිපය සඳහා පමණක් උදව් ලබාගැනීම වඩාත් සුදුසුය.[/FONT]

    [FONT=&quot]පාර්ශල් රෙප්ස් - [/FONT]Partial Reps

    [FONT=&quot]තනිවම කලහැකි යම්කිසි වයායාමයක වාර ගණන අවසන් වූ පසු තවත් සම්පූර්ණ වාරයක් කිරීමට අපහසුවන විට අඛණ්ඩව එම ව්‍යායාමයෙන් භාගයක් හෝ කාලක් පමණ තවත් වාර කිහිපයක් කිරීම මෙලෙස හඳුන්වයි. උදාහරණයක් ලසෙ බාර්බෙල් කර්ල් වයායාමය තමන්ට තනිවම කලහැකි සම්පූර්ණ වාර ගණන අවසන් වූ පසු එම ව්‍යායාමයෙන් භාගයක් හෝ කාලක් පමණ ඉහළට එසවීමත් පහත හෙලීමත් තවත් වාර කිහිපයක් කිරීම මෙම විධි ක්‍රමයයි. මෙහිදීද ක්‍රියාකරනු ලබන මාංශ පේශියට අතිරේක තීව්‍රතාවයක් ලබාදීම මඟින් මාංශ පේශියේ වැඩිපුර වර්ධණයක් ලබාගැනීම අරමුණ වේ.[/FONT]

    [FONT=&quot]නෙගටිව් රෙප්ස් - [/FONT] Negative Reps

    [FONT=&quot]ඕනෑම ව්‍යායාමයක් කරන අවස්ථාවේදී මාංශ පේශිය දිගහැරෙන අවස්ථාවේදී මාංශ පේශියට වැඩි බලයක් සහ තීව්‍රතාවයක් ලැබේ. මෙයට හේතුව වන්නේ එම අවස්ථාවේදී ගුරුත්වාකර්ෂණයට එරෙහිව බලය යෙදෙන නිසාය. මෙම නෙගටිව් රෙප්ස් විධි ක්‍රමයේදී කරනු ලබන්නේ තමන්ට එසවීමට හැකි උපරිම බරට වැඩි බරක් යොදා ගනිමින් ව්‍යායාම කිරීමයි. මෙවිට සහයකයෙකුගේ උදව් ඇතිව ව්‍යායාමය ඉහළට ඔසවා ගත යුතු අතර, ඉතාමත් සෙමින් පහතට හෙලීම කල යුතුය. මෙයාකාරයට තමන්ට නියමිත වාර ගණනක් සහයකයෙකුගේ උදව්වෙන් ඉහළට ඔසවා ගැනීමත් ඉතාමත් සෙමින් තනිවම පහතට ගෙන ඒමත් සිදුකල යුතුය.[/FONT]

    [FONT=&quot]මෙම විධි ක්‍රමයේදී මාංශ පේශියට දරා ගැනීමට හැකි උපරිම බරට වැඩි බරක් යොදා ව්‍යායාම කරන නිසා මාංශ පේශින් වලට සහ ඛණ්ඩාරවලට සහ අස්ථි බන්ධන වලට දැනෙන පීඩනයද වැඩිනිසා අනතුරු ඇතිවීමට ඉඩඇති අතර, මේ නිසා ප්‍රවේශමෙන් මෙම විධික්‍රමය භාවිතයට ගතයුතුය.[/FONT]

    [FONT=&quot]මල්ටි පවුන්ඩේජ් සිස්ටම් - [/FONT] Multi Poundage System

    [FONT=&quot]ඔබ විසින් සාමාන්‍ය බර යොදා කලහැකි උපරිම වාර ගණන අවසන් වූ පසු තමාගේ සහයකයා ලබා කරන ලද බරෙන් යම්කිසි බර ප්‍රමාණයක් අඩුකර ගනිමින් තවත් වාර කිහිපයක් අඛන්ඩව ව්‍යායාමයෙහි යෙදෙන්න. නැවතත් කල නොහැකි අවස්ථාවට පත් වූ විට සහයකයා ලවා තවත් බර ප්‍රමාණයක් අඩු කරගෙන තවත් වාර කිහිපයක් අඛන්ඩව ව්‍යායාමයෙහි යෙදෙන්න. නැවතත් කළ නොහැකි අවස්ථාවට පත්වූ විට සහයකයා ලවා තවත් බර ප්‍රමාණයක් අඩු කරගෙන තවත් වාර කිහිපයක් අඛන්ඩව කරන්න. මෙලෙස වාර තුනක් පමණ බර අඩු කරමින් උපරිම වාර ගණනක් කිරීම මඟින් මාංශ පේශියට හොඳ තීව්‍රතාවයක් මෙන්ම මාංශ පේශියේ දරාගැනීමේ හැකියාව වර්ධණය සඳහාද මෙම විධි ක්‍රමය උපකාරී වේ. උදාහරණයක් ලෙස බාර්බලේ කර්ල් වයායාමය රාත්තල් 40කින් උපරිම වාර ගණනක් කර තවත් එසවීමට නොහැකි අවස්ථාව වන විට සහයකයා ලවා දෙපැත්තෙන් රාත්තල් 5 බැගින් දහයක් අඩුකරගෙන තවත් වාර කිහිපයක් කරන්න. එයට පසු 10ක් දෙපැත්තෙන් අඩු කරගෙන තවත් වාර කිහිපයක් සම්පූර්ණ වාරයක් කල නොහැකි වන තරමට පැමිණෙන තෙක් ව්‍යායාම කරන්න.[/FONT]

    [FONT=&quot]චීටින් සිස්ටම් - [/FONT] Cheating System

    [FONT=&quot]ව්‍යායාමයක් සාමාන්‍යයෙන් කරනු ලබන නිවැරදි ඉරියව්ව, වැඩිබර ප්‍රමාණයක් එසවීම සඳහා වාසිදායක වන අයුරින් වෙනස් කරමින් ව්‍යායාම කිරීම මෙලෙස හඳුන්වනු ලබයි.[/FONT]
    [FONT=&quot]උදාහරණයක් ලෙස ගතහොත්.
    [/FONT]

    1.
    [FONT=&quot]බෙන්ච් ප්‍රෙස් ව්‍යායාමයෙදී පිටකොන්ද මදක් වක්‍රකරගෙන ව්‍යායාම කිරීම.

    [/FONT]2.
    [FONT=&quot]බාර්බලේ කර්ල් ව්‍යායාමයෙදී පිටකොන්ද පිටුපසට වක්‍රකර ඉහළට එසවීම.

    [/FONT][FONT=&quot]මෙම ක්‍රමය තරමක් අනතුරුදායක වන අතර, ආධුනික ක්‍රීඩකයින් කිසිසේත් මෙම ක්‍රමය අනුගමනය කිරීම සුදුසු නොවන අතර, ඔවුන් නිවැරදි ඉරියව් පුහුණුවිය යුතුය. කාලයක් ව්‍යායාම කල උසස් තත්වයේ ක්‍රීඩකයින් වැඩි බර ප්‍රමාණයක් යොදා ව්‍යායාම කිරීම සඳහා මෙම ක්‍රමය බොහෝවිට යොදාගනී. උසස් මට්ටමේ ක්‍රීඩකයින් වුවද පළමු කට්ටලයේ පළමු වාරයේ සිට මේ ආකාරයට නොකර අවසාන වාර කිහිපය පමණක් මෙයාකාරයනේ කිරීම වඩාත් සුදුසුය.[/FONT]

    [FONT=&quot]ප්‍රී එක්ස්හෝස්ටන් සිස්ටම් - [/FONT]Pre Exhaustion System

    [FONT=&quot]මෙම විධි ක්‍රමයේදී සුපර්සෙට් විධී ක්‍රමයට සමාන නමුත් මෙහිදී සිදුකරනු ලබන්නේ ව්‍යායාම දෙකක්. පළමු ව්‍යායාමය (මෙම ව්‍යායාමය බොහෝවිට ඒක සන්ධි ව්‍යායාමයක් විය යුතුය.) තරමක් අඩු බරක් යොදා බාර 12-15ක් පමණ මාංශ පේශිය විඩාවට පත්වන තුරු කිරීමෙන් අනතුරුව අනෙක් ව්‍යායාමය (මෙම ව්‍යායාමය බහු සන්ධි ව්‍යායාමයක් විය යුතුය.) වැඩි බරක් යොදා අඩු වාර ගණනක් කිරීම මෙම ක්‍රමයයි. මෙහිදී පළමු ව්‍යායාමයෙන් මාංශ පේශියට වැඩි රුධිර ප්‍රමාන්‍යක් ගලා ඒම අපේක්ෂා කරනු ලබන අතර, දෙවන ව්‍යායාමයෙදී කෙලින්ම මාංශ පේශියට දැඩි තීව්‍රතාවයක් එල්ල කර වැඩි වර්ධනයක් ලබාගැනීම මෙම ප්‍රමයේ අරමුණයි. උදාහරණයක් ලෙස මෙසේ ගත් කල.[/FONT]

    1.
    [FONT=&quot]කලවා මාංශ පේශිය සඳහා ලෙක් එක්සෙට්න්ෂන් ව්‍යායාමය වාර 12-15ක් පමණ කිරීමෙන් අනතුරුව ෆුල් ස්කොට් වයායාමය වාර 8ක් පමණ කිරීම.

    [/FONT]2.
    [FONT=&quot]උරහිස් මාංශ පේශිය සඳහන් ඩම්බෙල් සයිඩ් ලැටරල් ව්‍යායාමය වාර 12-15ක් පමණ කිරීමෙන් අනතුරුව ෆ්රන්ට් ප්‍රෙස් ව්‍යායාමය වාර 8ක් පමණ කිරීම.[/FONT]

    [FONT=&quot]මෙම ක්‍රමයේදී ව්‍යායාම දෙක අතර කාල පරතරය තත්පර 10ක් පමණ විය යුතු අතර, වයායාම දෙක අවසාන වූ පසු ඊළඟ කට්ටලය තෙක් තත්පර 30ත් 40ත් අතර විවේකයක් ගත හැක.[/FONT]

    [FONT=&quot]සුපර් ස්ලෝ සිස්ටම් - [/FONT] Super Slow System

    [FONT=&quot]මෙම ක්‍රමයේදී ව්‍යායාමය ඉතාමත් සෙමින් ඉහළට එසවීම සහ පහතට ගෙන ඒම සිදුකරනු ලබයි. උදාහරණයක් ගත් කල.[/FONT]

    1.
    [FONT=&quot]පපු ප්‍රදේශයේ මාංශ පේශීන් සඳහා කරනු ලබන බෙන්ච් ප්‍රෙස් ව්‍යායාමය ඉහළ සිට තත්පර 5ත් 10ත් අතර කාලයක් වැයකොට සෙමින් පහතට ගැනීම සහ එවැනිම කාලයක් වැයකර සෙමින් ඉහළට එසවීම සිදු කළ යුතුය. ව්‍යායාම කට්ටලය මෙවැනි වාර කිහිපයකින් සමන්විත විය යුතුය.

    [/FONT][FONT=&quot]මාංශ පේශින්ගේ ව්රධනය සඳහා ක්‍රමානුකූලව තීව්‍රතාවය වැඩිකරමින් ව්‍යායාම කලයුතු බව අප ඉහතද උගත්තෙමු. ඒ අනුව මාංශ පේශියට දැරිය හැකි ප්‍රමාණයට වඩා තීව්‍රතාවයක් ලබාදීම සඳහා අප උගත් සියළුව විධි ක්‍රම භාවිතා කල හැක. ඒ සියල්ලේම අරමුණ මාංශ පේශියට දැරිය නොහැකි තීව්‍රතාවයක් ලබාදීමයි. නමුත් මතක තබාගත යුතු ප්‍රධානතම කරුණු වන්යේ මෙම විධික්‍රම සියල්ලම අනතුරුදායක බවය. මේ නිසා මෙවැනි විධි ක්‍රම කාලයක් ව්‍යායාම කර පුරුදු පුහුණු ක්‍රීඩකයකුට හැර නවක ක්‍රීඩකයෙකුට නිර්දේශ කිරීම සුදුසු නොවේ. මෙවැනි විධි ක්‍රම ගැන මනා පුහුණුවක් සහ අධ්‍යනයක් කර තිබීම, තවත් අයෙකුට මෙම ව්‍යායාම නිර්දේශ කිරීමට පෙර තමන් හොඳින් ඒ ගැන පුහුණුවක් ලබා තිබීම වඩා වැදගත් වේ. [/FONT]
    http://www.elakiri.com/forum/newreply.php?do=newreply&p=13202228

    • Like
    Reactions: pc kush

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ape TECH eke kollekta MOLE GEDIYAK Haduna.. Doctors la kiyala tiyenne u giya gym ekedi weight lifting karaddi mu karapu waradi deyak nisa ehema una kiyala.. muth ekka thava giyapu kollo 2k ma mole gedi hadila marila.. muth dan asadya thathwaye inne general hospital eke... ehema wenna puluwanda? mage bokka rath una eka ahapu wele indala... :oo:
    :oo::oo::oo:
    අනේ මන්දා එහෙම සීන් එකක් ඇහුවමයි මම නම්..

    මෙගාමාස්
    අල්ට්‍රරාමාස්

    මෙ අපිට ගන්න පුලුවන් අවම මට්ටමෙ supplement.
    මෙගාමාස් ඔරිජිනල් එක එනවද බං..?
    මම නම්
    Supplement පාවිච්චි කලේම නෑ..
    ඉස්සර ඉතින් නැගලා ගියේ කැසිලෑන් 90 එකනේ..:D
    බර ගණන් දීලා සමහර එවුන් මෙගාමාස් බොනවා ජිම් එකට ඇවිල්ලා සතියක් යනකොට.. පස්සෙ අඬනවා ඇඟ හැදුනෙ නෑ කියලා..

    දැන් මචන් 1kgඑකක් 200Rs විතර ඇතිබන්. ඩම්බෙල්නම් දන්නැ බන්. සෙල්ලම් කලාට ගනන් දන්නැ ,,,ලැජ්ජයි ඔයි
    ඔව් ඒක නම් ඇත්ත බං.. විලි ලැජ්ජාවට කරුණක් තමා..

    ගනින් ගනින් නැත්තම් උබට කලිසම දනිස් දෙකට තමයි අදින්න වෙන්නෙ
    :lol::lol::lol:
     
    sch007

    Well-known member
  • Jun 15, 2007
    2,245
    134
    63
    Home
    *** සැඩුල් එකක් සෙල්ලම් කරන නියමිත වෙලාව්ක් තියෙනවා. බෙසික් ශඩුල් එකක්නම් 45min ඉවරකරන්න ඔනැ. අපෙ උන් දවස් ගනන් ගහනවා මම දකලා තියෙනවා. එකෙන් තමන්කරන වියායාම වලින් උපරිමය ලාබාගන්න බැරි වෙනවා. රෙස්ට් එක අඩුවෙන් ගන්න. 30second වගෙ රිලෑක්ස් එක ගන්න.

    *** ඇගට පොරොට්න් බහුල කැම ගන්න. ඇග හැදෙන්න ඔනැ කරන්නෙ පොරොට්න් . තුන් වෙලටම බත් කන්න පුලුවන්නම් එතින් හොදයි. කොස්, දෙල්.අල, බතල වාගෙ කැම ඇග ගොඩක් හොදයි. අපෙ කොල්ලො කන්නෙම නැත්තෙ ඔවාමනෙ.
     
    sch007

    Well-known member
  • Jun 15, 2007
    2,245
    134
    63
    Home
    කැසිලෑන් 90

    අම්මො මතක් කරන්න එපා ඔය ජරාව. බඩ යනවා ඔයි හිටගෙන.
     
    ඔව් මචං අනිවාර්යෙන්ම.. කොස් නම් පට්ට කෑම.. මතක් කරන්න ඕන රතු කැකුළු බත් ගැන.. අනිත් ජරාවක් කාලා වැඩක් නෑ..

    කැසිලෑන් 90
    අම්මො මතක් කරන්න එපා ඔය ජරාව. බඩ යනවා ඔයි හිටගෙන.
    :lol::lol::lol::lol:
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,466
    3,162
    113
    斯里蘭卡
    dumbell ekak kiyak weida
    15kg +15 Kg = 30Kg dekak machan 7100rs wei machan, mama meka aragena den sathi deka hamarak vithara athi, crazybuddy muta pinsidda wenna Thamai ;)

    20120804_234820.jpg

    මම මේ ගැන කලිනුත් පැහැදිලි කිරීමක් කලා මචෝ.. උඹ හිතයිද දන්නෙ නෑ මම ත්‍රේඩ් එක කන්න ආවා කියලා.. ඒත් හැම දෙනාටම දැනගන්නත් ඒක්ක නැවතත් ඒ දේවල් කියන්නම් මම..

    Onna Denma machan mama gaththa deka den ithin me dawas tike ega poddak ridenawa ;)

    *** සැඩුල් එකක් සෙල්ලම් කරන නියමිත වෙලාව්ක් තියෙනවා. බෙසික් ශඩුල් එකක්නම් 45min ඉවරකරන්න ඔනැ. අපෙ උන් දවස් ගනන් ගහනවා මම දකලා තියෙනවා. එකෙන් තමන්කරන වියායාම වලින් උපරිමය ලාබාගන්න බැරි වෙනවා. රෙස්ට් එක අඩුවෙන් ගන්න. 30second වගෙ රිලෑක්ස් එක ගන්න.

    *** ඇගට පොරොට්න් බහුල කැම ගන්න. ඇග හැදෙන්න ඔනැ කරන්නෙ පොරොට්න් . තුන් වෙලටම බත් කන්න පුලුවන්නම් එතින් හොදයි. කොස්, දෙල්.අල, බතල වාගෙ කැම ඇග ගොඩක් හොදයි. අපෙ කොල්ලො කන්නෙම නැත්තෙ ඔවාමනෙ.

    Maxxa Wedak machan
    4.gif
     
    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    (මාස 3ක් බෙසික් ශැඩුල්) ඔක පොඩ්ඩ්ක් පැහැදිලි කරනවද මොනාද කරන්ඩ ඔනෙ කියලා
     
    jshashee

    Junior member
  • Oct 27, 2007
    197
    10
    18
    machan mamath gym ekata yanawa .. eth hariyatama kiyala karanne na .. mokada wedath ekka piliwelakata gym yanna amarui .. matat ona tikak mahat wenna .. mokada heeni wedi .. 52 kg bara .. enga maara kettui ... mata mahath wenna kramayak kiyapalla dannawanam .. man megamass , wheytec oya dekama gatta .. enga hellunewath na bunz :\
     
    FCB

    Well-known member
  • Jul 18, 2009
    3,041
    682
    113
    ape TECH eke kollekta MOLE GEDIYAK Haduna.. Doctors la kiyala tiyenne u giya gym ekedi weight lifting karaddi mu karapu waradi deyak nisa ehema una kiyala.. muth ekka thava giyapu kollo 2k ma mole gedi hadila marila.. muth dan asadya thathwaye inne general hospital eke... ehema wenna puluwanda? mage bokka rath una eka ahapu wele indala... :oo:

    Ne ehema wenne ne machan,oka e golllo giya gym eka tubuna germ ekak nisa wenna puluwan,weigh lifting walin kisima ledak hadenne ne, lift karala iwara wela detaol daala athapaya hodaganna oni,
     
    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    Machan me ape gedara thiyena home gym eka meka poddak use karana heti kiyala dipan,meka thiyena hema exercise ekama karanawada, dawasata kiparak eka exercise ekak karanawada kiyala.:confused::confused::D:D

    dsc1077.gif
     
    sch007

    Well-known member
  • Jun 15, 2007
    2,245
    134
    63
    Home
    (මාස 3ක් බෙසික් ශැඩුල්) ඔක පොඩ්ඩ්ක් පැහැදිලි කරනවද මොනාද කරන්ඩ ඔනෙ කියලා

    මචන් උබට බෙසික් ශඩුල් එකක්ද ඔනැ. නැත්නම් බෙසික් ශඩුල් ගැන දැන ගන්නද ඔනැ
     
    sch007

    Well-known member
  • Jun 15, 2007
    2,245
    134
    63
    Home
    Machan me ape gedara thiyena home gym eka meka poddak use karana heti kiyala dipan,meka thiyena hema exercise ekama karanawada, dawasata kiparak eka exercise ekak karanawada kiyala.:confused::confused::D:D

    dsc1077.gif

    අච්චාරුවක් වාගෙනෙ. බාන්ඩෙනම් පට්ට. දැක්කම බය හෙතෙනවානෙ. ඔය හොම් ජිම් එකෙන් ඔනම එක්ස් එකක් කරන්න පුලුවන් මචන්. මුලින්ම කරන්න ඔනැ ඔයා බෙසික් ශැඩුල් එකක් අරගන්න. ඔකෙ තනි කෙනෙක්ට ලෙසියෙන්ම සෙල්ලම් කරන්න පුලුවන්. අපි මෙනුඅල් ගහනවාට වඩා මැශින් වලින් ගහනකොට අපෙ ඇග හොදට හදා ගන්න පුලුවන්. මොකද මචනෙ වැඩි බරක් දාලා ගහන්න පුලුවන්, ගස්සෙනෙ පැද්දෙන්නැ එ වාගෙ. මෙ ටික බලපන් මචන්

    http://www.youtube.com/watch?v=5P33FP3zCZQ
    http://www.youtube.com/watch?v=mvD5owW6-5c&feature=related
     
    • Like
    Reactions: vmsgamer

    sch007

    Well-known member
  • Jun 15, 2007
    2,245
    134
    63
    Home
    machan mamath gym ekata yanawa .. eth hariyatama kiyala karanne na .. mokada wedath ekka piliwelakata gym yanna amarui .. matat ona tikak mahat wenna .. mokada heeni wedi .. 52 kg bara .. enga maara kettui ... mata mahath wenna kramayak kiyapalla dannawanam .. man megamass , wheytec oya dekama gatta .. enga hellunewath na bunz :\

    මහත් වෙන්න එක එක වෙදි තියෙනවා බන්. වැදගත්ම එක තමයි බන් හරියට ඇගහදාගන්න එක. හාර්ඩ් සෙල්ලම් කරපන් හිතට අරන් කම්මැලි වෙන්න එපා කවදාවත්. ඇග නැයි කිය කිය හිතන්න එපා බන්. 52kg නම් මදි මචන් උබෙ උසෙ හැටියට බරත් තියෙන්න ඔනැ. සතියට දවස්3ක් ජිම් පලයන් මචන් කොහොම හරි නැත්තම් තෙරුමක් නැ බන් උබෙ මහන්සිය අපතෙයයි.
     
    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    අච්චාරුවක් වාගෙනෙ. බාන්ඩෙනම් පට්ට. දැක්කම බය හෙතෙනවානෙ. ඔය හොම් ජිම් එකෙන් ඔනම එක්ස් එකක් කරන්න පුලුවන් මචන්. මුලින්ම කරන්න ඔනැ ඔයා බෙසික් ශැඩුල් එකක් අරගන්න. ඔකෙ තනි කෙනෙක්ට ලෙසියෙන්ම සෙල්ලම් කරන්න පුලුවන්. අපි මෙනුඅල් ගහනවාට වඩා මැශින් වලින් ගහනකොට අපෙ ඇග හොදට හදා ගන්න පුලුවන්. මොකද මචනෙ වැඩි බරක් දාලා ගහන්න පුලුවන්, ගස්සෙනෙ පැද්දෙන්නැ එ වාගෙ. මෙ ටික බලපන් මචන්

    http://www.youtube.com/watch?v=5P33FP3zCZQ
    http://www.youtube.com/watch?v=mvD5owW6-5c&feature=related

    Machan thanx rep+:D:D
     
    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,570
    113
    [email protected]
    Tricept විතරක් තිබිලා කන්නද බන්. බොඩීඑකම ඩිෆයින් වෙලා තියෙන්න ඔනැ. ප්‍රසන්නගෙ පට්ට ඇගක් තියෙන්නෙ. මට ප්‍රසන්නව හොරන මිට් එකකදි සෙට් වෙලා තියෙනවා. ප්‍රසන්න සෙල්ලම් කරන මොරටුව සොයිසාපුර ක්ල්යුබ් එකටම තමයි ඔය උස එකාත් සෙල්ලම් කරන්නෙ උගෙ නම මට මතක නැ.
    :confused::confused: moratuwa soysapura??? ohoma ekek naa ne ban