පොඩ්ඩක් දිගයි ඒ උනාට කියවලා බලපල්ලා . වැදගත් දේවල් තියේ නම් ගනිල්ලා
ඔය වගේම සින් එකක් උන එකෙක් විදිහට මෙන්න කතාව අහගනින්.
මම බැදපු වයිෆ් ගේ තාත්තා කෙලින්ම මෝල් ගස් ගිලපු කිබුලා වගේ. නවන්න බැ කිසිම විදිහකින්. වයිෆ් වැඩ කලේ හොටෙල් එකක HR . මම ඉතින් ලව් කරලා කාල බිලත් එනවා ගිහින් ඒ කාලේ. මෙන්න තියරි
1. ඕනෙම කෙල්ලෙක් බලන්නේ කොල්ලා ලස්සනද කියන එක නෙමේ ඉස්සරහා තමන්ට ඕනේ කරන ටික දීලා තමන්ගේ තාත්තා බලාගත්ත විදිහට බලාගනන මුට පුලුවන්ද කියන එක. ඔය ආදර සින් අනන් මනං ගැනු දාන බොරු . අපි බොක්කෙන් උනාට උන් බලන්නේ එහෙම.
2. කෙල්ලගේ තාත්තා බලන්නෙත් තමන් සලකපු විදිහා මු දුවට සලකයි කියන එක විතරයි.
3. කෙල්ලගේ තාත්තා කෙස් නම් ඒකිට ගෙදරින් එන බලපෑම වැඩි. උබට ආර්ථික සුදුසුකම් තිබ්බට වැඩක් නැ මාමා බලන සමාජීය සුදුසුකම් තියෙන්න ඕනේ. ඒවා තිබ්බත් මුලදී අකමැති වෙන එක සමනය දෙයක්. මම ගේ ලගට ගිහින් ඇහුවා අයි මේකට හේතුව කියල පොරගෙන්ම. එක වැරදි මුව් එකක්. උබලා නම් කරන්න එපා එක.
එක පාර බැ කිව්වම වාහනේ ගිහින් හප්පලා පුප දෙන්න යන්නේ මෝඩ හරක්. එක කියන්නම ඕනේ. ඊට වඩා වැදගත් දේ තමා සිද්දිය අනල්යිසිස් කරලා ඇතුලට බහින්න පොයින්ට් එකක් හොයා ගන්න එක.
4. ඔතන කෙල්ලගෙන් කිසිම වැඩක් නැ. එකී කැමති උනත් නැතත් මාමා ගේ තරණය වැඩේට බලපානවා. අපි අකමැති උනාම මුලින් කලේ රට යන්න සෙට් උන එක. ඊට පස්සේ මම වැඩි ව්සිතර හෙව්වම තේරුනා මමන්දියා දරදඩු උනාට සංවේදී ඩයල් එකක්. පොර අපේ වයිෆ් ට ඒකිගේ නංගිට වඩා සැහෙන්න අදරේ. අපි රට ගියා නම් පොර ලෙඩ වෙන්න චාන්ස් තිබ්බා. ඒ නිසා මම ඒ ඔප්ෂන් එක පොඩ්ඩකට අතෑරියා
5. අපි හොයාගන්න ඕනේ මාමා ගේ වික් පොයින්ට් එකක්. මම ඊට පස්සේ වයිෆ් ට කිව්වා අපි පොඩ්ඩක් නිව්ටල් එකේ ඉමු කියල. මම ඒකිව හම්බෙලා කතා බහ කරලා කෑම ටිකක් එහෙම කාල එනවා හොරෙන්. ඒ අතරේ එකී එක්ක කතා කරලා මම අහන්නේ තාත්තා ගැන විස්තර. ඒකිගේ තාත්ත අගම ට අන්ද බක්තිය. නවගමුව දේවාලයේ ප්‍රදාන දායක සෙට් එකෙන් කෙනෙක්. ඔය පෙරහරට එහෙම හෙන දායකත්වයක් දෙන පොරක්. දැන් ඕක හොදම වික් පොයින්ට් එකක් නේ.
අපේ තාත්තා ඕපන් මයින්ඩ් කෙනෙක්. බව්ද්ද වියාපරයක ලොකු තනතුරක් දරපු කෙනෙක්. ඒ වියාරයේම තව මහත්තයෙක් අපේ තාත්තා හොදටම අදුරනව. ඒ පොර වයිෆ් ගේ තාත්තා ගේ නෑයෝ . පස්සේ මම ඒ අන්කල්ට කතා කරලා අපේ තාත්තා එක්ක මේ සින් එක ඇදලා. දැන් ප්ලැන් එක උනේ මගේ ඒ අන්කල් දාල මාමා ට ටෝක් කරවන එක. පොර ගිහින් කියල ඒ පුතා හොද ෆැමිලි එකක ආගම දහමට නැබුරු පව්ලක් ප්‍රශ්නයක් නැ මල්ලි ඔය වැඩේ කරලා දාන්න කියල
කෙස් ක්ලෝස් ..................... දැන් මට තේ එක පරක්කු උනොත් උන්ගේ සහුරේම බැනුම් අහනවා මාමාගෙන්. අන්න එහමයි බල්ලෝ හදන්න ඕනේ.
ඉවසීම තමා මුලිකම දේ. ඕනේ දෙයක් කාලයට ඉඩ දීලා මොලෙන් ගේම ගහන්න ඕනේ. හැම දෙයකම විසදුමක් එන්නේ කාලේ එක්ක. අපි කලබල වෙලා ගේම අදින්න ගියාම අපිට දේවල් පෙන්නේ නැ . මම මුලින් ගෙදර ලගට ගිහින් ඇහුව එක කෙස් එකක් නේ. ඒ ඉවසීම නැති කම. පස්සේ මම එක තේරුම් අරන් කාම් දවන් උන නිසා වැඩේ ගොඩ දා ගත්තා.
හැම දෙකම මුලින් විසදුමක් නැ කියල පෙනුනට අපි ඉවසලා බැලුවාම විසදුම ගොඩක් තියනවා.