ඔය කියන තරම් යකා කළු නැ . මෙහෙ හවස් ඔෆ් ෆැෂන් එකේ තියනව් වින්ටර් ජැකට් එහම හොද ඒවා. මෙහෙ -30 ට වගේ කිසිම ගින්නක් නැතුව ඉන්න පුළුවන්. ගිය ගමන් තර්මල් ලේයර් එකක් ගනින්. එක තමා උබේ මිතුරා. හොද එකක් ගනින් 100 EURO වගේ වෙන එකක්. කොලිටි එක බලන්නේ එක වෙන රෙදි එක්ක අතුල්ලනකොට පොඩි static ස්පාරක් යනවා. මුල සති දෙකේ ලිප් බාම් එකක් ගන්න හැබැයි එක නැතුව ගියාම තොල් පැලිලා මෙහෙට ඔරොත්තු දෙන හම එනවා. එක එනකන් කට්ට කාගෙන ඉන්න පුලුවන්නම් ගොඩ. විටමින් d සහ කැල්සියම් පෙති අරන් පලයන් නැත්නම් බඩුම තමා. මුල දවස් ටිකේ මොයිස්චරයිසර් එකක් ගන්න. පස්සේ මුනේ හැම යනවා.එක ගිහින් ඔරොත්තු දෙන හමක් එනවා. ග්ලාස් දෙකක් අරගෙන යන්න මොකද ඇස් වලට -20 වගේ වැදුනම කදුළු ඇවිත් රිදෙන්න ගන්නවා. ඔය ඇරෙන්න වෙන කේස් එකක් නැ . සති 3 යනකොට හුරු වෙනවා බන්
Jaya wewa.
Parissamata hitapan.