මගේ අතේ ඉතුරුව නම් කීයක්වත් නෑ. Job එකට ඇවිත් තාම 3 ක් වත් නෑ . මට ලක්ෂ 15 ක විතර personal loan එකක් ගැනීමේ හැකියාව තියෙනවා.
අපේ තාත්තා ගොඩක් වාහනවලට කැමති නමුත් අපිට උගන්වන්න වියදම් කරපු නිසා ගෙදර තාම තියෙන්නේ පරණ car එකක්. තාත්තත් දැන් ටිකක් වයසයි. ඉතින් මට ලොකු උවමනාවක් තියෙනවා අලුත් car එකක් ගෙදරට අරන් දාන්න. ගෙදරට කිව්වට මමම තමයි use කරන්නේ. ඒ වැඩෙන් තාත්තව ගොඩක් සතුටු කරන්න පුළුවන්.
මගේ වාහන ගැන දැනුම ගොඩක් අඩුයි. මම ඔය මරුටි වගේ ඒවාට කැමති නෑ. මම use කරන නිසා ටිකක් පෙනුම තියෙන එකක් වෙන්නත් ඕන. පස්සේ කලෙක මේක විකුණලා හොඳ එකකට යන්නත් අදහසක් තියෙනවා. ඒ නිසා second hand market එකකුත් තියෙනවා නම් තමයි ගොඩක් හොඳ.
මේ ගැන ඔයාලගේ idea ටිකක් කියන්න පුලුවන්ද ?