CHRISTMAS CAKE හදමු

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,093
    16,879
    113
    අවශ්‍ය දේවල්

    පුහුල් දෝසි 250g

    චච් චච් 250g

    කරන්ට් 250g

    සුල්තනා 250g

    කජු 500g

    ප්ලම්ස් 250g

    චෙරි 250g

    කැන්ඩිඩ් පිල්ස් 250g

    හිනියට කපා ගත්ත දෙහි ලෙලි ටිකක්

    Melon & ginger පොඩි ජැම් බෝතල් 1 (ස්ට්‍රොබේරි ජැම් වුනත් කමක් නැහැ)

    බ්‍රැන්ඩි එසන්ස් මේසහැදි 2 1/2

    ආමන්ඩ් එසන්ස් මේසහැදි 2 1/2

    රෝස් එසන්ස් 2 1/2

    බ්‍රැන්ඩි වයින් ග්ලාස් 1

    සුවද කුඩු තේහැදි 1 1/2

    ගෝල්ඩන් සිරප් ටිකක්

    රුලං 375g

    බිත්තර කහමද 12

    සුදුමද 5

    බ්‍රවුන් සිනි 250g

    බටර් 250g​


    මුලින් රුලං කබලේ බැද ගන්න.පසු ලා පාටට රුලං ටික ආවාම බටර් මේසහැදි 2-3 එක් කර ගන්න.බටර් ටික දිය වු පසු ලිප නිවන්න

    . බිත්තර සුදුමද හිම මෙන් වනතුරු බිට් කර පසෙකින් තියා ගන්න

    -දැන් බටර් සිනි හොදින් බිට් කරන්න

    පසු එකට බිත්තර කහමද ටික ටික දමමින් හොදින් බිට් කර ගන්න.

    දැන් පලතුරු පොඩියට කපා ගන්න.කජු ටිකක් ලොකුවට කපා ගන්න.පසු එකට එසන්ස් වර්ග ටිකත්/බ්‍රැන්ඩි ටික/සුවද කුඩු ටික/ජැම් ටික/හිනියට කපා ගත්ත දෙහි ලෙලි ටික හොදින් මිශ්‍ර කරන්න.පසු එය භාජනයකට දමා හොදින් සීල් කර සතියක් තියන්න.

    { මේ විදියට පලතුරු ටික හදා සති දෙකක් පමණ තියා ගන්න, කේක් එක හදන්න පෙර }

    දැන් එ පලතුරු මිශ්‍රනය ටික ටික බිට් කර ගත් බටර් මිශ්‍රනයට හොදින් කලවම් කරන්න.එකටම බැද ගත් රුලං ටික ද එක් කර ගන්න.

    දැන් එම මිශ්‍රනයට හොදින් බිට් කරගත් සුදුමද ටික ටික එක් කර ගන්න.පසු හොදින් මිශ්‍ර කර ගන්න.

    පසු සුදානම් කරගත් ට්‍රේ එකට සමාන්‍ය ප්‍රමාණයට කේක් මිශ්‍රනය දමා 150c වලට පැය 1 1/2 බේක් කර ගන්න.

    කේක් එක බේක් වෙලාද කියලා බලන්න ඕනා නම් ටුත් පික් එකකින් ටිකක් ඇනලා බලන්න.


    12316091_1532593720400308_6370127996315093373_n.jpg




    සෝර්ස්
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    nice mchn if you are planing to produce in big quantities.Otherwise buying one is cheaper comparing to the ingredients cost.:cool: