මේකට විසදුමක් නැද්ද, මේ දවස් වල රස්නෙයි, ස්ලැබ් එක රත් වෙන එක නතරකරගන්න කවුද ස්ටයිරෆෝම් එහෙම අලවල නැද්ද? මට හිතෙනවා උඩට ඒවා දාන්න දාල සාර්ථක වෙයිද 


මම මේක කිව්වේ මස 2 කට කලින්. එන පොට දැනගෙනම මම ගෙදර හොදට හැදුවා,, දැන් අපිට 29c,30c වගේ ගේ ඇතුලේ A/C නැතුව. ඊජිප්තුවේ ඉස්සර ඉදලම වගේ උෂ්ණත්වය 40,42c වගේ යනවා,නමුත් ඒ පැති වල මිනිස්සු හිටියා මොකද උන් ගෙවල් හදලා තිබුනා රෂ්නේ ඇතුලට එන්නේ නැති වෙන්න. ලංකාවේ වෙලා තියෙන්නේ මිනිස්සු ගෙවල් හදලා තියෙන්නේ ෂීට් දාලා, කොන්ක්‍රීට් දාලා, සිමෙන්ති ගඩොල් දාලා නැත්නම් රෂ්නේ එළියට යන්නේ නැති වෙන්න එතකොට ගෙදර ඉන්න බෑ තමයි කොහොමත්.
http://www.elakiri.com/forum/showthread.php?t=1721497
ඉඩෝරය ගැන දන්නේ නැත්නම් මේක බලන්න.
https://si.wikipedia.org/wiki/නියඟය
ක්‍රම දෙකක් තියෙනවා මචන්.
1. උබ දැනටම ගේ හදලා නම් ඒක මොඩිෆයි කරන එක
2. අළුතෙන් ගේ හදනවා නම්
දැනටම හදලා නම් ගේ කඩලා අළුතෙන් හදන්න බැරි නිසා, ෆොයිල්ස් දාන්න වහලට නැත්නම් හීට් රිෆ්ලෙක්ටිව් පෙයිට් එකක් ගාන්න. ඒ දෙකම හොදයි. මම මැනපු විදියට උෂ්ණත්වය වැඩි වෙන්න ගන්නේ උදේ 10 ඉදලා, මේක හවස 4 වෙන කොට උපරිමයට එනවා. ආයි උෂ්ණත්වය අඩු වෙන්න ගන්නේ 6 ඉදලා. ඊට පස්සේ පාන්දර 12,1 උනත් රස්නේ තියෙනවා. නමුත් හවස 6 ඉදලා රස්නේ අඩු වෙන නිසාත්, ඒ වෙලාවේ එළියේ රස්නේ අඩු නිසාත්. හවස 6 වෙනකොට ෆෑන් එකක් දාලා එලියේ තියෙන කූල් එක ඇතුලට ගන්න. එළියේ වැඩියේ කූල් නෑ නමුත් ඇතුලට වඩා රස්නේ අඩුයි. මේක දිගටම තියාගන්න උදේ 9 වෙනකම්. අර එක්සෝස්ට් ෆෑන් තියෙන්නේ? ඒකක් අරගෙන අනෙක් පැත්ත හරවලා ගේ ඇතුලට කූල් එක ගන්න එළියෙන්. ගේ ඇතුලට අව්ව වැටෙන්න දෙන්න එපා. ජනෙල් වලට මේ වගේ කවර් එකක් දාන්න, ඒකෙන් ඉර එළිය ඇතුලට එන වළක්වනවා නමුත් හුළං වලට එන්න දෙනවා. බිත්ති වලින් රස්නේ එනවා නම් ඒකට හොදම ක්‍රමය තමයි හීට් රිෆ්ලෙක්ටිව් පෙයිට් එක (ඒවා සාමාන්‍යයෙන් වෝටර් පෘෆ්) , ෆොයිල්ස් දාන්න එපා බිත්ති වලට මොකද නැත්නම් අහළ පහළ මිනිස්සුන්ට උබේ ගේ ඉර වගේ පෙනෙයි. අනික එහෙම දැම්මම, හුලං එක්ක රස්නේ තවත් ඇතුලට එනවා එතකොට ගේ ඇතුලේ රස්නේ තවත් වැඩි වෙන එකයි වෙන්නේ. දවල්ට ජනෙල් ඔක්කොම වගේ අරින්න එපා, පොඩ්ඩක් වගේ අරින්න හුළං එන්න විතරක්, ගේ ඇතුලට ඉර එළිය ගන්න ඕනේ නම් (විෂබීජ මැරෙන්න ඉර එළිය වැටෙන්නත් ඕනේ, නැත්නම් ගෙදර ගද ගහනවා) උදේට පොඩ්ඩක් විතර අරින්න පැයක් වගේ, ඊට පස්සේ වහන්න. අනෙක් වෙලාවට ජනෙල් වහන්න, නමුත් රෑට අරින්න. මදුරුවේ එනවා නම් නෙට් එකක් ගහන්න. හොරු එනවා නම් යකඩ ග්‍රීල් ගහන්න ජනෙල් වලට. මේවා ඔක්කොම කරාම ගේ ඇතුලේ උෂ්ණත්වය 28c වගේ කරන්න පුලුවන් කිසිම ප්‍රශ්ණයක් නැතුව.
අළුතෙන් ගේ හදනවා නම් ගොඩක් දේවල් කරන්න පුලුවන් නමුත් ඒක ටිකක් ලොකු සබ්ජෙක්ට් එකක්.
![]()
අළුතෙන් හදනවා නම් මෙච්චරයි කරන්න තියෙන්නේ.
1. ගෙදරට අනිවාර්යෙන්ම වහලක් ගහන්න, ස්ලැබ් දාන්න එපා. වහලට උළු දාන්න. උළු වලට යටින් ෆොයිල්ස් දාන්න. ෆොයිල්ස් දාන්න ඕනේ ලී පටි වලට උඩින්.
එතකොට රේඩියෙට් හීට් එක ඇතුලට එන්නේ නෑ. උළු දාන්න බැරි නම් ෂීට් දැම්මත් කමක් නෑ ෆොයිල්ස් ඊට යටින් දාන්නවා නම්.
2. වහළට සිවිලිමක් ගහන්න ලී වලින්.
3. බිත්ති වලට ගඩොල් දාන්න. ඊට පස්සේ බිත්ති කපරාරු කරලා ඉවරවෙලා බිත්ති වලට ගාන්න හීට් රිෆ්ලෙක්ටිව් පෙයිට් එකක්. සාමාන්‍යයෙන් ඒවා ෆෝටර් පෘෆ්, වෙදර් පෘෆ් එතකොට අව්වෙන්, වැස්සෙන් බිත්ති වලට හානි වෙන්නෙත් නෑ, පෙයින්ට් එක යන්නෙත් නෑ, හීට් එක එන්නෙත් නෑ.
4. ජනෙල් වලට මේ වගේ කවර් එකක් දාන්න.
http://i.imgur.com/jf2YNHu.png
ඉර එළීය ගෙදරට වැටුනම ගේ රත් වෙනවා. ඉර එළීය එන්නේ ජනෙල් වලින්, ඒ වගේම උඩින්. මේ වගේ කවර් එකක් දැම්මම ඉර එළීය එන්නේ නෑ නමුත් හුලං එනවා.
5. හැම තිස්සේම හුළං ගේ ඇතුලට එන්න ජනෙල් දාන්න. හුළං එන්නේ නැති පැතිවලට ජනෙල් දාන්න එපා.
6. ඉර එළීය එන පැත්තෙන් ගස් වවන්න. නැගෙනහිරින් නේ ඉර එළීය උදේට එන්නේ? ඒ පැත්තේ ගස් ටිකක් වවන්න, ඒ වගේම බස්නාහිර පැත්තේනුත් ගස් වවන්න බහින ඉරෙන් එන එළිය වලක්වන්න. කැලෑව වගේ වවන්න එපා. ඉර එළිය පොඩ්ඩක් ගෙදරට වැටෙන්නත් ඕනේ ගෙදර තියෙන මුඩු ගතිය ,පාළු ගතිය යන්නත්. නැත්නම් පෙරේත ගද වගේ එනවා ගේ ඇතුලෙන්.
7. ගේ වටේ තාප්පේ බැන්දම. තාප්පෙන් හීට් එක රේඩියේට් වෙන්න පුලුවන්. දවල්ට තාප්පේ හීට් එක උරා ගන්නවා හිමින්, ඊට පස්සේ මේක හවසට වගේ ටික ටික එළීයට එනවා පාන්දර වෙනකම්ම. තර්මල් මෑස් කියන්නේ මේකටයි. මේ රස්නේ ගේ ඇතුලට එන්න පුලුවන් ඊට පස්සේ. ඒක නිසා තාප්පේ ඇතුල් පැත්තට ඉර එළිය වැටෙන්න දෙන්න එපා. එළියේ පැත්තට හිට් රිෆ්ලෙක්ටිව් පෙයින්ට් එකක් ගන්න. එතකොට හිට් එක බිත්ති වලින් උරාගන්නේ නෑ. තාප්පේ ඇතුලට පැත්තට ඉර එළිය වැටෙන්නේ නැති වෙන්න පදුරු වවන්න මේ වගේ.![]()
8. කුස්සියේ කෑම උයනකොට, වතුර රත් කරනකොට ලොකු හිට් එකක් නිපදෙනවා. ඒවා යවන්න චිමිනියක් හදන්න. කුකර් එක , හීටර් එක තියන්න ඒක යටින්. රත් වෙච්ච වාතය ඉහළට යනවා. රස්නේ ඊට පස්සේ චිමිනිය දිගේ ගෙදරින් එළියට යනවා. චිමිනියෙන් යන්නේ රත් වෙච්ච වාතය විතරක් නෙවෙයි, ජල වාෂ්පත් යනවා. ජල වාෂ්ප ගේ ඇතුලේ එකතු උනාම අර්ද්‍රතාව වැඩි වෙනවා, අර්ද්‍රතාව වැඩි උනාම අපිට දැනෙන උෂ්ණත්වය වැඩි වෙනවා. උදාහරණයකට, ආර්ද්‍රතාව 70% නම්, අවට උණුසුම 30c නම්, අපිට දැනෙන උණුසුම 41c වගේ.
9. ගේ ඇතුලේ බල්බ් දානකොට. පරණ සුත්‍රිකා බල්බ් අයින් කරන්න ඒ වලින් ලොකු හීට් එකක් නිපදෙනවා. CFL හරි, LED බල්බ දාන්න.
LED බල්බ් නම් ගොඩක් හොදයි නමුත් පොඩ්ඩක් ගණන්.
10. බාතෲම් එකේ ගොඩක් ජල වාෂ්ප එකතු වෙනවා. ඒවා එළියට යවන්න. එක්සෝස්ට් ෆෑන් එකක් දාන්න.
11. රෑට 6 පැන්න ගමන් එළිය ගොඩක් සිසිල් වෙන්න ගන්නවා. මේ සිසිල් ගතිය එළියේ වැඩි වෙනවා නම් ඇතුලට වඩා. ඒ කූල් හුලං ඇතුලට ගන්න එක්සෝස්ට් ෆෑන් එකක් දාන්න අනෙක් පැත්ත හරවලා. නමුත් මේක නිවන්න මතක ඇතුව දවල් වෙනකොට. පාන්දර 1 ඉදලා 7 වෙනකම් එළීය මාර කූල්. මේ කූල් හුළං ඔක්කොම එළියේ ඉදලා ඇතුලට ගන්න පුලුවන් මේ ෆෑන් ටෙක්නික් එකෙන්.
12. දවල්ට ජනෙල් අරින්න එපා. ඉර එළිය එන්නේ නැති උනත්, රත් වෙච්ච වාතය එන්න පුලුවන්. දවල්ට එළීය ගොඩක් රස්නෙයි, ඇතුලේ සිසිල්. එතකොට රත් වෙච්ච වාතය එළියේ ඉදලා ඇතුලට එනවා.ඒක නිසා ජනෙල් වහන්න. හුළං එන්නේ හවසට වගේ, ඒ වෙලාවට විතරක් ජනෙල් අරින්න අනික හවසට එන හුලං ගොඩක් සිසිල්, කාමරය සුද්ද කරනකොට ජනෙල් අරින්න, විෂබීජ /ගද වගේ අරින්න ඕන උනාම ජනෙල් අරින්න, හැමදාම පැයක් විතරක් 9 ඉදලා 10 වගේ වෙනකම් ජනෙල් අරින්න නැත්නම් කාමරය පල් ගද ගහයි ඒ හොදට ඇති.
13. ගොඩක් පරණ කොම්පියුටර් යූස් කරන්න එපා. ඒවලින් ලොකු හිට් එකක් නිපදෙනවා. පොඩි ගාණක් හරි වියදම් කරලා, අළුත් කොම්පියුටර් එකක් ගන්න. Skylake ප්‍රෝසෙසර් ගොඩක් හොදයි ගොඩක් අඩු හිට් එකක් නිපදෙනවා, ග්‍රැෆික් කාඩ් එකක් හැටියට nvidia එකේ මැක්ස් වෙල් කාර්ඩ් හොදයි.
මේවා තමයි මගේ ක්‍රම. තව මතක් උනොත් දාන්නම්.
ෆොයිල්ස් ගහන්න පුලුවන් ක්‍රම දෙකකට මචන්. එකක් වහලට උඩින් එළනවා, අනෙක් එක තමයි වහලේ ඇතුල් පැත්තේ ගහනවා. වහලේ ඇතුල් පැත්තේ ගහනව නම් කල්පැවැත්ම වැඩියි වැස්සට හේදෙන්නේ නැති නිසා, වහලේ උඩින් ගහනවා නම් ෆොයිල්ස් නාස්ති වෙන්න පුලුවන් ඉක්මනටම වගේ. රස්නේ ගේ ඇතුලට එන්නේ මචන් රේඩියේට් හීට් එක මගින්. ඉර එළිය මගින් වහල රත් කරනවා, ඊට පස්සේ වහලෙන් රේඩියේට් වෙන හීට් එකෙන් සිවිලිම රත් වෙනවා, ඊට පස්සේ සිවිලිමේ රේඩියේට් හීට් එකෙන් ගේ ඇතුල රත් වෙනවා, ෆොයිල්ස් වලින් කරන්නේ මේ රේඩියේට් හීට් එක පරාවර්තනය කරන එකයි. තමන්ට වැඩේ කරන්න පුලුවන් මචන්. ඇලුමීනියම් ෆොයිල්ස් කඩේ තියෙනවා. ඩබල් සයිඩ් එක රුපියල් 130-150 වගේ වෙයි (එක මිටරයක්), සින්ගල් සයිඩ් එක රුපියල් 80-100 වගේ වෙයි (එක මිටරයක්). ඇතුලේ ගහනවා නම් සින්ගල් සයිඩ් එක ගහන්න, ඒක ලාභයි. ගහනකොට දිලිසෙන පැත්ත වහල පැත්තට වෙන්න ගහන්න, අනෙක් පැත්ත ගේ ඇතුල් පැත්තට වෙන්න තියෙන්න. වහලේ ඇතුල් පැත්තේ, වහලේ ගහන්න පොඩි ඉඩක්වත් තියෙන්න නැතුව. මේ ක්‍රමයෙක් අනිවා උෂ්ණත්වය 5c වගේ අඩු කරගන්න පුලුවන්.
සාමාන්‍යයෙන් මීයෝ ෆොයිල්ස් කන්නේ නෑ (මගේ එක්ස්පීරියන්ස් එකට අනුව මේ වෙනකම් එක මීයෙක් වත් ෆොයිල් එකක් වත් කාලා නෑ, මම අවුරුදු ගාණක ඉදලා ෆොයිල්ස් යූස් කරන්නේ) මොකද ෆොයිල්ස් වල තියෙන්නේ ඇලුමිනියම් ලේයර් එකක්. ඒක මියොන්ට විසයි. නමුත් උන් හිල්කරගෙන අනෙක් පැත්තට යන්න පුලුවන් උබ උන් යන මාර්ගයක් බ්ලොක් වෙන විදියට දැම්මොත්. ඒක නිසා වහලට හොදට තියලා තද කරලා අලවන්න මල්ටි බෝන්ඩ් ගම් ගලා, ඊට පස්සේ ටින්ටස් හරි කොන්ක්‍රීට් ඇන ගහලා තද කරන්න තව, පොඩ්ඩක් වත් හිඩැසක් තියන්න එපා, නැත්නම් පොඩි පොඩි සත්තු වගේ යන්නත් පුලුවන්. හොදම දේ තමයි ෆොයිල් එක වටේ ලී ෆ්රේම් එකක් ගහන එක.
ඒක හරි මචන්, නමුත් හුළගට ෆොයිල්ස් යන්න පුලුවන් ඒක නිසා ෆොයිල්ස් ඔක්කොම එකකට එකක් මූට්ටු වෙන්න මල්ටි බෝන්ඩ් ගම් එකක් ගාන්න, ඊට පස්සේ ඒක තනි ලොකු ෆොයිල් එකක් කරගෙන, ඒක මුළු බිමම එලන්න. ඊට පස්සේ ෆොයිල් එක උඩ මොනවා හරි බරට තියන්න. ඩබල් සයිඩ් ෆොයිල්ස් ගහන්න ස්ලැබ් එක උඩට ගහන නිසා, ඒක හයියයි, කල්පැවැත්ම වැඩියි, නමුත් පොඩ්ඩක් ගණන් (130,140 වගේ වෙයි මිටරයක්)
![]()
හාර්ඩ්වෙයාර් වල තියෙන මචන්. නමුත් උබ ඩොටේ ඉන්නවා නම් ගන්න බැරි වෙයි. කොළබ අවට/ ප්‍රධාන නගරයක නම් ශූවර්. උන්ගේ ලග තියෙන්නේ ලොකු රෝල්, එකෙන් ඕන මීටර් ගාණක් කපලා දෙයි. ෆොයිල් එකක් මට මතක හැටියට සෙන්ටි මීටර් 60,70 වගේ පළලයි, අඩි 10x10 (3m x 3m ) කාමරයකට 15m වගේ ඕනේ ඒ කියන්නේ මුළු ගාණ ආසන්න වශයෙන් (130*15 =)1950 වගේ යයි, මේ ක්‍රමය ශුවර් මචන්. උෂ්ණත්වය නෝර්මලි සෙල්සියස් අංශක 5 ක් වගේ අඩු කරගන්න පුලුවන්. ස්ලැබ් එක තියෙන නිසා උපරිම හොදට පායන කොට යනවා සෙල්සියස් අංශක 33 ත්, 34 ක් වගේ (35,36 යන්නේ ශීට් දාලා තියෙන ගෙවල් වලයි) එතකොට ෆොයිල්ස් දැම්මොත් උපරිම 28c,29c වගේ තමයි හොදට පායන දවස් වල උෂ්ණත්වය (මේවා හොදට මැනලා මම කියන්නේ).
ෆොයිල්ස් ගැන දැනගන්න මේක කියවන්න.
mac foil yata moisture awilla puk weida danna saththu arehe mehe ringala. nattan hodai. nattan slab eka uda wali athurana ekath hari
mamat barima tana udata macfoils damma
1 meter ekak 90rs une
single side habai ganakama tiyenawa
heta eka sahena adu una
wenadata hawasata slab eka yatata enakota heat eka terenawa
dan ehema wenasak na janel ehemat ariyama shape
mamat barima tana udata macfoils damma
1 meter ekak 90rs une
single side habai ganakama tiyenawa
heta eka sahena adu una
wenadata hawasata slab eka yatata enakota heat eka terenawa
dan ehema wenasak na janel ehemat ariyama shape
Solar panel set ekak gahapan eka Galen kurullo dennai


