හරියට ටැක්ස් ගහනවා නම් මෙහෙමයි
හැම ප්‍රොඩක්ට් එකටම HS Code කියලා එකක් තියනවා
ඒක අනුව තමයි ටැක්ස් එක වදින්නෙ.
මෙතන hs code ටික තියනවා
http://www.customs.gov.lk/business/hsfinder
කස්ටම් සයිට් එකේ හෙන ලොකු PDF එකක් තියනවා හැම HS Code එකටම ගහන ටැක්ස් ප්‍රසන්ටේජ් එක
ගොඩක් වෙලාවට ටැක්ස් වරදින්නෙ මේ වැරදි HS Code එකකින් ටැක්ස් ගහලා, මම ගොඩක් බඩු ඉම්පෝට් කරලා තියනවා හැබැයි එක ජාතියකින් ගොඩක් නම් ගෙනත් නැහැ, ගොඩක් වෙලාවට හරි HS Code එක දාල හරි ගාන ටැක්ස් ගැහුවා. සමහර වෙලාවට පොඩි බඩු වලට ටැක්ස් ගැහුවෙම නැහැ
මගේ යාලුවෙක් ගෙනාපු අයිටම් එකකට වැරදි HS Code එකක් දාල තිබුනා, ඌ ඒකට හරි කෝඩ් එක දාල ආයෙ ටැක්ස් ගාන හරියට හදාගත්තා
ගොඩක් උන් කියන්නෙ ලොකු ගනන් ගහනවා කියලා හරියට ටැක්ස් වදින විදිය දන්නෙ නැතුව, සමහර වෙලාවට ඒ වදින ලොකු ගාන තමයි හරි ගාන
සමහර අයිටම් වලට හෙන ලොකු ටැක්ස් එකක් තියනවා සමහර අයිටම් වලට ගොඩක් අඩුයි. මම දන්න විදියට හැම මගුලටම 18% ක්ද කොහෙද අනිවාර්යෙන් ගහනවා
එතන එකෙක් අල්ලගත්තොතින් අඩු ටැක්ස් ගානක් ගෙවන්න පුලුවන්. ඒ කියන්නෙ ඇත්ත ටැක්ස් එකට වඩා අඩු ගානක් ගෙවල ගන්න පුලුවන්.