මචන් ඩිප්‍රෙෂන් කියන්නේ එකක්. දුකින් ඉන්නවා කියන්නේ එකක්.
උඹට ඩිප්‍රෙෂන් නම් හැම වෙලාවෙම දුකින් ඉන්නේ. ඒ කියන්නේ කිසිම දෙයකින් පොඩි වෙලාවකටවත් සතුටක් එන්නෙත් නෑ,කිසිම දෙයක් කරන්න හිතෙන්නෙත් නෑ,ඇගත් පණ නෑ වගෙ .(තව ආහාර අරුචිය,නින්ද නොයෑම ,තනිවෙලා ඉන්න හදන ගතිය වගේ දේවල් තියෙනවා)
මම හිතන්නෙ නෑ ඔයාට ඩිප්‍රෙෂන් කියලා.
හැබැයි ගොඩක් කල් දුකින් හිටියොත් ඩිප්‍රෙෂන් එන්න පුලුවන්.
හොදම දේ තමයි පරණ දේවල් ගැන හිතන්නේ නැතුව තමන්ගේ අවධානය අනිත් දෙවල්වලට යොමු කරන්න. තමන් සතුටු වෙන දේවල් කරන්න. තමන්ට දුක හිතෙන දෙවල් කරන්න එපා(ඔය අඩන සින්දු වගේ).අතීතය වෙනුවට නාගතය ගැන හිතන්න.
එත් ඔයාට තනියම මේක විදදරාගන්න අමාරුයි කියලා හිතෙනවා නම් කරන්න ඕනේ හොදම දේ තමයි මානසික උපදේශකවරයෙක් හම්බවෙන එක.
හැබැයි ඔයාට සාමාන්‍ය දුක නෙවෙයි ඩිප්‍රෙෂන් තියෙනවා කියලා හිතෙනවා නම් නැත්නම් සියදිවි නසා ගන්න හිතෙනවා නම් අනිවාර්යෙන්ම ඉක්මනට ඩොක්ටර් කෙනෙක් හම්බවෙන්න.
කිසිම වෙලාවක ඩිප්‍රෙෂන් වලට දෙන බෙහෙත් ඩොක්ටර් කෙනෙක්ගේ අවසරයෙන් තොරව පාවිච්චි කරන්න එපා මොක්ද වෙනත් අතුරු ආබාධ එන්න පුලුවන්.